තෙදින නිල සංචාරය අවසන් කරමින් මාලදිවයින් ජනපති  දිවයිනෙන් පිටව යයි

තෙදින නිල සංචාරය අවසන් කරමින් මාලදිවයින් ජනපති දිවයිනෙන් පිටව යයි

May 6, 2026   08:56 am

තෙදින නිල සංචාරය සාර්ථකව අවසන් කළ මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා දිවයිනෙන් පිටව ගොස් තිබේ.

2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මොහොමඩ් මුයිසු මහතා මෙරට සිදුකළ පළමු සංචාරය මෙය වීම විශේෂත්වයකි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයක් මත මාලදිවයින් ජනාධිපතිවරයා මෙරට සංචාරය සඳහා පැමිණ තිබුණි.

මෙම සංචාරයේදී දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද්විපාර්ශවික සාකච්ඡා පැවැත් වුණි.

මෙහිදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරමින් අවබෝධතා ගිවිසුම් 07කට ද අත්සන් තැබීම ද සිදුකළේය.