ප්‍රසිද්ධ කුලී රථ සේවාවක රියදුරෙක් අත්අඩංගුවට

ප්‍රසිද්ධ කුලී රථ සේවාවක රියදුරෙක් අත්අඩංගුවට

January 12, 2024   06:37 pm

ප්‍රසිද්ධ කුලී රථ සේවාවක රියදුරෙකු විසින් සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය විසින් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය දා අදාළ ත්‍රිරෝද රථයට ගොඩ වූ පුද්ගලයෙකු ඔහුගේ ජංගම දුරකථනය හා මුදල් පසුම්බිය අමතක කර එහි දමා ගොස් තිබිණි.

පසුව කුලී රථ සේවය අමතා අදාළ රියදුරාගෙන් එම ජංගම දුරකථනය හා මුදල් පසුම්බිය පිළිබඳ විමසුව ද රියදුරා පවසා ඇත්තේ එවැන්නක් රථය තුළ නොතිබුණු බවය.

ඒ අනුව පොලීසියට සිදුකළ පැමිණිල්ලක් මත සොයා බැලීමේ දී කුලී රථ සේවයේ ත්‍රීරෝද රථ රියදුරු විසින් ජංගම දුරකථනය විකුණා ඇති බවත්, මුදල් පසුම්බියේ තිබූ බැංකු කාඩ් භාවිත කරමින් විවිධ ස්ථානයන්ගෙන් භාණ්ඩ මිලදී ගෙන ඇති බවත් පොලීසියට අනාවරණය වුණි.