උෂ්ණාධික කාලගුණයෙන් නිව් යෝර්ක් වැසියන්ට දැඩි බලපෑම්
July 30, 2023 10:15 pm
අමෙරිකාවට බලපා ඇති උෂ්ණාධික කාලගුණයෙන් නිව් යෝර්ක් හි වැසියන්ට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
ඒ අනුව මේ වනවිට අමෙරිකානු වැසියන් මිලියන 175 ඉක්ම වූ පිරිසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නිව් යෝර්ක් නගරයෙන් අඛණ්ඩව දින කිහිපයක් සෙල්සියස් අංශක 40ට ආසන්න උෂ්ණත්වයක් වාර්තා වී ඇත.
එළිමහන් කටයුතුවල නියැලෙන පුද්ගලයින් සහ වයස අවුරුදු 65 ඉක්ම වූ පුද්ගලයින් ට අධික උෂ්ණත්වයෙන් වැඩි බලපෑමක් එල්ල විය හැකි බව අදාළ නිලධාරීන් පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ගෙවුණු ජුනි මාසය වාර්තා අතරට එක් ව ඇත්තේ 1850 වසරෙන් පසු අමෙරිකාවෙන් වාර්තා වූ උෂ්ණාධිකම ජූනි මාසය ලෙසය.
