වසරේ තාරුණ්‍යයේ නාලිකාව TV දෙරණ
March 21, 2022 08:12 pm
2022 වසරේ SLIM-KANTAR ජනතා සම්මාන උළෙලේදී ටී.වී දෙරණ නාලිකාව වසරේ තාරුණ්‍යයේ නාලිකාව ලෙස සම්මානයට පාත්‍ර විය.
වසරේ තාරුණ්‍යයේ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනිය සහ වසරේ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනිය ලෙස දෙවෙනි ඉනිම නාට්‍ය වෙනුවෙන් නයනතාරා වික්‍රමාරච්චි මහත්මිය මෙවරත් සම්මාන දිනා ගත්තාය.
2022 SLIM-KANTAR සම්මාන උළෙල කෝට්ටේ පිහිටි Monarch Imperial හිදී මේ වනවිට පැවැත්වෙයි.
