Back to Top

2017 09 11 /2017 09 17 (සතියේ ඵලාපල)

September 11, 2017  



මේෂ ලග්නය

කරන කටයුතුවල ප්‍රමාද දෝෂ හා කඩාකප්පල්වීම් ඇති කරයි. ස්ථාන කරදර හා භූමිදෝෂ ඇති කරනු ලබයි.ධන හානි හා ධනය ආදායම් තත්ත්වය පහළට බසියි. සිතට නරක සිතුවිලි ඇතුල්වීම නිසා නොමඟ යාමට හෝ හිතුවක්කාර ආකාරයට කටයුතු කරයි. පවුලේ සාමාජික සාමාජිකාවන් අතරේ පැවැති හොඳ හිත පලූදුවීමට ඉඩ ඇති කරයි. ඉගෙනුම ලබන සිසු දරුදැරියන්ට යහපත් වන අතර ඒ අයගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට ශක්තිය හා බලය ලැබේ. ලේවල දෝෂ, අර්ශස් රෝග ආදිය ඇතිවිය හැකියි.

ජය අංක :- 2, 4, 6 ජය වර්ණ :- රතු, කහ ශුභ දිනය :- අඟහරුවාදා, සිකුරාදා

වෘෂභ ලග්නය

තරඟ විභාග ආදියෙන් හෝ පරීක්ෂණවලින් ජය ලබා ගැනීමට හැකි වෙයි.නෑදෑයින් අතර මතභේද,මත ගැටුම්,වාද විවාද ඇති කරයි.ඉවසීම ද අඩු කරයි.හිතුවක්කාර විධියට වැඩ කරන්න ගොස් අමාරුවේ වැටෙයි.කාලයක් ඇසුරු කළ අයකු තරහ වී සතුරුවීමට හේතු වෙයි.විවාහ මංගල්‍ය උත්සව ආදිය කල් ගතවීම කරන සිදු වෙයි.නැත්නම් විවාහය ප්‍රමාද වෙයි.රැකීරක්ෂාවල්වලට ද යම් යම් බාධා මතු කරයි.ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙයි.හිත කලකිරීමක් ඇති කරයි.අර්ශස් රෝග,වාතය, පිත, සෙම රෝග වැඩි කරයි.

ජය අංක :- 2, 4, 7 ජය වර්ණ :- රතු, නිල් ශුභ දිනය :- සෙනසුරාදා, සිකුරාදා

මිථුන ලග්නය

වාසනාවන්ත සතියක් බව පෙනෙයි.ලැබීමට ආදායම් තත්ත්වය සරු සාර බවක් කර ගැනීමට හැකියාව හා බලය ඇති කරයි.ණය තුරුස්වලින් මිදීමට හැකියාව ලැඛෙයි.ස්ථාන පිරිසිදු කිරීම හා ඉඩම් මිලදී ගැනීමට හා නිවාස අළුත්වැඩියා කිරීමට හැකියාව ලැඛෙයි.මව්ගේ සුවදුක් සොයා බලා කටයුතු කිරීමක් සිදු වෙයි.නිවාස ප්‍රශ්නයට විසඳුමක් ඇති කර ගැනීමට හැකි වෙයි.සතුරු කරදරයක් නිමාවට පත්වෙයි.ගමන් බිමන් යෑමේ දී ප්‍රවේශමෙන් යා යුතුයි.තුවාලවීම් හා අතපය කැඩීම් ආදියට හේතු විය හැකියි.අඹු-සැමියන් අතර යම් යම් ගැටළු හා ප්‍රශ්න උග්‍ර වෙයි.බඩේ වාතය පිරිම ආදිය ඇති කරයි.

ජය අංක :- 2, 4, 7 ජය වර්ණ :- කොළ, නිල් ශුභ  දිනය :- බදාදා, සිකුරාදා

කටක ලග්නය

සිද්ධස්ථාන වන්දනා ගමන් යාමට සැලසුම් හැදීමක් සිදු කරයි.සහෝදරියකගේ උදව් උපකාරයෙන් යම්කිසි වැඩ පිළිවෙලක් ආරම්භ කිරීමට හැකිවෙයි.කාගෙත් සිත් දිනා ගෙන වැඩ කටයුතු කිරීමට හැකියාව දක්ෂතාවය ඇති කරයි.ස්ත්‍රියක් නම් පුරුෂ පක්ෂයේ උදව් උපකාර ද පුරුෂයෙක් නම් ස්ත්‍රී පක්ෂයේ උදව් උපකාර ද හිමි කරයි.උපකාර ගැනීමේ දී දෙපාරක් සිතා උදව් ලබා ගත්තාට වරදක් නැත.පවුලේ ආරවුලක් දුරදිගයාම නිසා සිත් තැවුල් ප්‍රශ්න ඇති කරයි.භේද ඇති කරයි.ඉවසීම නැති වෙයි.එම නිසා කල්පනාවෙන් ගත කළ යුතුයි.හිසේ අමාරු,මදුරු උවදුරු,වාතය,පිත,සෙම රෝග වැඩි කරයි.

ජය අංක :- 1, 3, 6 ජය වර්ණ :- සුදු, රතු ශුභ  දිනය :- සඳුදා,  ඉරිදා

සිංහ ලග්නය

ආදායම් තත්ත්වය සතුටුදායක ලෙස ඉදිරියටම ගමන් කරයි.එහෙත් වියදම් පක‍ෂය අධික ලෙස ඉහළ යාමක් පෙන්නුම් කරයි.විදේශගතවීම් ආදිය බලාපොරොත්තු වන අයට ඒ සඳහා අවස්ථාවන් අදා කරයි.ලංකාවට ඒමට සිටින අයට ද ඒ සඳහා අවස්ථාවන් උදා කරයි.පිටරට අධ්‍යාපන ලබන සිසු දරුදැරියන්ට ද යහපත් තත්ත්වයක් උදා කරයි.පාලකයෙකු වශයෙන් පාලන තන්ත්‍රයට ඇතුලත් වීමට දරන උත්සාහය ද සාර්ථක බව පෙනෙයි.සිතට සතුට,ප්‍රීතිය ඈතට යයි.සිත්හි හට ගන්නා කෝප ගති හා වෛ සිතුවිලි නිසා ඇසුරු කරන්නන් අතර අප්‍රසාදය ද ඇති කරනු ලබයි.හිසේ කැක්කුම් ගති, වේදනා,වාත රෝග ඇති කරයි.

ජය අංක :- 2, 5, 7 ජය වර්ණ :- රතු, කහ ශුභ  දිනය :- ඉරිදා, බදාදා

කන්‍යා ලග්නය

කලක් අසනීප තත්ත්වයෙන් පීඩිත වී සිටියේ නම් එයින් ගැලවී යම් නිරෝගී තත්ත්වය ඇති කර ගැනිමට හැකියාව ශක්තිය ඇති කරනු ලබයි.දුර ගමන් බිමන් යාමේ දී ප්‍රවේශම් වීම යහපතට හේතු වෙයි.අතපය තුවාලවීම,ඇටවලට හානිවීමට ඉඩ ඇති කරයි.එම නිසා ප්‍රවේශමෙන් යන ගමනක් යාම ශභයි.ඒ වගේම සිත් කලකිරීම් ඇතිවී තිබුනේ නම් ඒවා නැතිවී සිතට සතුට,සාමය,ප්‍රීතිය ඇති කරනු ඇත.ආදායම් තත්ත්වය ද සතුටුදායක තත්ත්වයක් උදා කරයි.නඩුහබ වලට පටලැවීමක් ඉදිරියේ දී බලාපොරොත්තු වන අතර අනියම් සම්බන්ධතා ගොඩනගා ගැනිමට ඉඩ ඇත.එය පවුලේ තීන්දුවට හා පසු තැවීමට ද හේතු වෙයි.සෙම් කෝප වීම් ලෙඩ හදිසි අනතුරු,සෙම් රෝග,තුවාල වීම් ඇති කරයි.

ජය අංක :- 4, 5, 8 ජය වර්ණ :- කොළ, නිල් ශුභ  දිනය :-  බදාදා, සිකුරාදා

තුලා ලග්නය

කොපමණ මුදල් ලැබුණත් කොපමණ ආදායම් තත්ත්වය දියුණු වූවත් තමන් ලඟ සමහරවිට අතේ සතේ නැතිව සිටින්නට පුළුවන.බැංකුවල තබා ඇති මුදල් ගැනීමට සිදුවෙයි.එය තබා ගැනීමට නොව ලබා ගැනීමක් සිදුවෙයි.හදිසි කරදර රෝහල් ගතවීම් වගේම නීතියේ පිහිට පැතීම ආදිය ද සිදුවිය හැකිය.ඉගෙනීම් කටයුතුවලට බාධාවකින් තොරව කටයුතුවලට බාධාවකින් තොරව කටයුතු කර ගැනීමට හැකිවා හා ශක්තිය ඇති කරයි.උසස් අධ්‍යාපනය ලබන අයට විශේෂයෙන් හොඳයි.විවාහ දිවිය තරමක් කලහකාරී බවක් ඇති කරයි.රාජ්‍ය අංශයේ අයට ද හොඳයි.උගුරේ අමාරු,අත්  පා තුවාලවීම් ආදිය සිදු කරනු ලබයි.

ජය අංක :- 3, 4, 8 ජය වර්ණ :- නිල්, රතු ශුභ  දිනය :- බදාදා, සිකුරාදා

වෘශ්චික ලග්නය

ආදායම් තත්ත්වය මේ සතිය සතුටුදායක බව පෙනෙයි.මානසික පීඩාකාරී බවක් ඇති කරයි.තීන්දු තීරණ ගැනීමට ඇති භය නිසා අන් අයට පවරනු ලබයි.විශේෂ දක්ෂතා ඇති කරයි.රාජ්‍ය නිලධාරීන්ගේ හා උසස් ප්‍රභූ පක්ෂයේ අයගෙන් පැසසුම් ලැබීමට වාසනාව ඇති කරයි.රැකී රක්ෂා, වෙළඳාම්, ව්‍යාපාර ආදිය තම උවමනාව අනුව හා වෙනස් කරමින් ශක්තිමත්ව ඉදිරියටම ගෙන යාමට ද හැකියාව ලැඛෙයි.උත්සාහය තරමට ප්‍රතිඵල ඇති කරයි.එහෙත් මිතුරන් සතුරන් වෙන අවස්ථාවන් ද ඇති කරනු ලබයි.මිතුරන් ස්වල්ප දෙනෙක් පමණ ඇසුරු කිරීම කරයි.පපුවේ කැක්කුම්,පීඩා,හමේ රෝග ද ඇති වියහැකියි.

ජය අංක :- 1, 2, 7 ජය වර්ණ :- රතු, තැඹිලි ශුභ  දිනය :-  අඟහරුවාදා, සිකුරාදා

ධනු ලග්නය

කරණ වැඩවල ප්‍රතිඵල යහපත් වෙයි.ඉදිරි වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට යාමට හැකිවෙයි.රැකී රක්ෂා නොමැති අයට යහපත් රැකියා ලාභ ඇති කරයි.උසස් ප්‍රභූ පක්ෂයෙන් උදව් උපකාර හිමි කරයි.දන්නා හඳුනන අයගේ මාර්ගයෙන් තමන්ට ශභ විවාහ මංගල යෝජනා ඉදිරිපත් කෙරෙයි.අවිවාහක අයට විවාහකයින් ගෘහ ජීවිතය තරමක් ගැටළු සහගත තත්ත්වයන් උදා කර දෙයි.අවිශ්වාසය හා සැකය ඇති කරයි. ප්‍රේම සම්බන්ධතා කඩා වැටෙයි.දුෂ්කර ගමන් බිමන් යාමට සිදු වෙයි.එහෙත් අවදානම් තත්ත්වයක් ගැන නොසිතයි.නිෂ්ඵල ගමන් ඇති කරයි.ලේවල විෂවීම් දෝෂ තත්ත්වයන් ඇති කරයි. ඇස් රෝග ඇති කරයි.

ජය අංක :- 1, 6, 7 ජය වර්ණ :- රතු, කහ ශුභ  දිනය :-  බ්‍රහස්පතින්දා, සඳුදා

මකර ලග්නය

අනුමාන කිරීම් හා සැකය ඇති කිරීම් අනවශය කතා බව වනිසා පවුල් ජීවිතය අවුල් කර ගනියි.රණ්ඩු දබර ඇති කරයි.අඹු-සැමියන් අතර ප්‍රශ්නයේ දී වෙන්වීමට තරම් උග්‍ර ප්‍රශ්න ඇති කරයි. ඉවසීම නැතිවෙයි.ආදායම් තත්ත්වය ද පහළ බසියි.හවුලේ කරන කටයුතුවල අවුල් බවක් ඇති කරයි.පියාගේ දේපොළ හා පිය උරුමය ආදිය ලබා ගැනීමට හෝ මව්ගේ ආධාර උපකාර ලබා ගැනීමටද අවකාශ හිමි කරයි.ධර්මය ඇදහීම් හා ආගම භක්තිය ඇතිව වැඩ කිරීමට සිත පෙළඹෙයි.එම නිසා ඉහත සඳහන් කරුණු සලකා බලා ඉවසීමෙන් හා වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතුයි.මුත්‍රා දෝෂ,දෝෂ,රුධිර පීඩාඇතිකරයි.

ජය අංක :- 5, 6, 9 ජය වර්ණ :- කොළ, නිල් ශුභ  දිනය :-  සෙනසුරාදා, බදාදා

කුම්භ ලග්නය

මේ සතිය තරමක් අසීරු අවස්ථාවන්වලට මුහුණ දීමට සිදුවිය හැකි බැවින් කල්පනාකාරීව සිටින්න.බලාපොරොත්තු රහිත වියදම් හා කරදරවල් තියන ඒ තුලින් වැයපස ද ඉහළ යයි.අඹු-සැමියන් අතර පවුලේ අර්බුදකාරී බව වැඩිවිය හැකියි.කරන වැඩ කටයුතු ඉතා අපහසුවෙන් හෝ කරගෙන යාමට බලවත් උත්සාහයක් ගත යුතුයි.ප්‍රමාදවීම් හා පසුතැවිලි වීම් ඇති කරයි.ණය මුදලක් හෝ යම් මුදලක් අතට ලැබීම තිබුණත් එය කල් ගත වෙයි.හවුලේ කරන කටයුතු දැඩි පීඩාකාරී බවක් නිසා වැඩ කරන වෙලාවල් වෙනස් වෙයි.එදිනෙදා කටයුතුවල වෙනසක් සිදුවෙයි.අර්ශස් රෝග,බඩේ රෝග ඇති කරයි.

ජය අංක :- 4, 6, 9 ජය වර්ණ :- කොළ, නිල් ශුභ  දිනය :-  සෙනසුරාදා, බදාදා

මීන ලග්නය

අවිවාහක අයට ශභ මංගල යෝජනා ඉදිරිපත් වෙයි.නැත්නම් විවාහ ගිවිස ගැනීමට සිටින අයට කර ගැනීමට හැකියාව ලැඛෙයි.කාම අධික වෙයි.සිත පාලනය කර ගැනීම දුෂ්කර වෙයි.අනියම් සම්බන්ධතා ඇති කර ගැනීමට සිත පොළඹවයි.හැඟීම් පාලනය කර ගැනීමෙන් සියල්ල යටපත් කර ගත හැකි වෙයි.සතුරු කරදරයක් නිමාවට පත් වෙයි.උදව් කරපු අය අවි ආයුධ පෙන්වයි.වන්දනා ගමන් යාමට සැලසුම් සකස් වෙයි.යහපත් හවුල්කරුවෙකු මුණ ගැසෙයි.සැත්කමක් හෝ ප්‍රතිකාරයක් කිරීමට සිදුවිය හැකියි.බඩේ ඇසිඩ් ගතිය හා පිරවීම නිසා වේදනා ඇති කරයි.සෙම් රෝග විෂවීම් ඇති කරයි.

ජය අංක :- 3, 7, 8 ජය වර්ණ :- තැඹිලි, රතු ශුභ දිනය :-  බ්‍රහස්පතින්දා, සඳුදා


0715709000/0415709000
රුක්ෂාන් ජයසේකර
පාරම්පරික ජ්‍යේතිර්වේදී


MOST VIEWED VIDEO STORIES

MORE >>