Back to Top

2017-07-31 /2017-08-06 (සතියේ ඵලාපල)

July 31, 2017  




මේෂ ලග්නය

වාසනා ගුණයක් ඇති කරන සතියක් බව පෙනී යයි. එහෙත් තද ක්‍රියා මාර්ගවල වැටීම නිසා කරදරවලට පටලැවීමක් ඇති කරයි. ස්ථාන පැවැති සාමකාමී තත්ත්වය යළි අවුල් සහගත තත්ත්වයක් උදා කරයි. අධ්‍යාපනය ලබන සිසු දරුවන්ගේ අනාගතය තීරණාත්මක තත්ත්වයක් ,විෂයයන් තෝරා ගැනීම හෝ ගත යුතු ගමන් මාර්ගය හරි හැටි අවබෝධ කර ගැනීම දුෂ්කර වෙයි. ධනය ලැබීම් යහපත්. හදිසි මිල මුදල් ලාභ ඇති කරයි. උත්සවවලට ආරාධනා ලැඛෙයි. වැඩ කටයුතු කඩිනමින් කර ගනියි. අර්ශස් රෝග, කැස්ස, පපුවේ රෝග ආදිය ඇති කරයි.

ජය අංක :- 2, 4, 6 ජය වර්ණ :- රතු, කහ ශුභ දිනය :- අඟහරුවාදා, සිකුරාදා

වෘෂභ ලග්නය

හවුල් කටයුතු අවුල් තත්ත්වයක් ඇති කරයි. බලාපොරොත්තු බිඳ වැටෙයි. ඊර්ෂ්‍යාකරුවන්ගේ උපායවලට හසුවිය හැකියි.ධනය ලැබීම් - ණය මුදලක් ලැබීමට හෝ බලාපොරොත්තු වූ අයක් ලැබීමට හැකිය.විවාහ දිවිය තරමක් අවුල් සහගත තත්ත්වයක් උදා කරයි. කාගෙත් උදව් උපකාර හිමි කරයි. උසස් අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන්ට වාසනාව උදා කරයි. හදිසි අනතුරු ආදිය ඇති කරයි. තුවාලවීම්, රෝහල්වලට යාමට ආදිය සිදුවිය හැකියි. සෙම් රෝග, හිසේ බර ගතිය ඇති කරයි.

ජය අංක :- 2, 4, 7 ජය වර්ණ :- රතු, නිල් ශුභ  දිනය :- සෙනසුරාදා, සිකුරාදා

මිථුන ලග්නය

වැයපස ඉහළ යයි. නීතියේ පිහිට ලබා ගැනීමට සිදු වෙයි. නැත්නම් උසාවියට පොලීසියට යාමක් සිදු විය හැකියි. හිතුවක්කාර තීරණ කීපයක් ගැනීම නිසා සිත් වේදනා ඇති කට පරිස්සම් කර ගත්තේ නැත්නම් කරදරවලට මුහුණ දීමට සිදු වෙයි. ඉවසීම පලා යයි. ස්ථාන කරදර වෙනුවට අළුත් මුහුණුවරකින් යම් විපත් පෙනී සිටියි. විවාහ දිවිය තරමක් සැනසිලිදායක තත්ත්වක් එය තාවකාලික එකක් වෙයි. සිහි බුද්ධියෙන් හා කල්පනාවෙන් කල යුතුයි. හිත ආඩම්බරයෙන් මත් වෙයි. අන් අයගේ දෝෂ දර්ශයට ලක්විය හැකියි, රුධිර පීඩන, ලේවල දෝෂ, බඩේ වාතය පිරිම, හෘද රෝග ආදිය පෙන්වයි.

ජය අංක :- 2, 4, 7 ජය වර්ණ :- කොළ, නිල් ශුභ  දිනය :- බදාදා, සිකුරාදා

කටක ලග්නය

පාලන තන්ත්‍රයට සුදුසුකම් ඇති කරයි. පරීක්ෂණ කටයුතුවලින් සමත් වෙයි. ඉංජිනේරු විද්‍යාව තාක්ෂණික විද්‍යාව හදාරණ සිසුන්ට යහපත් සතියකි. කාර්මික නුවණ ඇති කරයි. ආදායම් තත්ත්වය වැඩි දියුණු වෙයි. වාහන ලාභ, ඉඩම් ලාභවලට ඉඩ කඩ ඇති කරයි.ලොකු අයගේ දෝෂ දර්ශනයට භාජනය වෙයි. ඒ අය සමඟ හැප්පීමට යාම අනුවණකමකි. හදිසි කරදර වගේම හදිසි රෝහල් ගතවීම්වලට පවා යාමට සිදුවිය හැකියි. රෝග පීඩා ඇති කරයි. උත්සාහය, උනන්දුව අඩු වී යයි. විවාහ දිවිය තරමක් අවුල් සහගත තත්ත්වයක් නිසා කලකිරීම් ස්වභාවයක් ඇති කරයි. හිසේ බරගතිය.ත නහර දුර්වලතා, තුවාල සිදුවීම් ආදිය පෙන්වයි. 

ජය අංක :- 1, 3, 6 ජය වර්ණ :- සුදු, රතු ශුභ දිනය :- සඳුදා,  ඉරිදා

සිංහ ලග්නය

රැකියා සම්බන්ධව මෙතෙක් පැවැති බාධාකාරී බව නැති වී රැකියාවේ හෝ ව්‍යාපාරයේ වෙළඳාමේ දියුණුවක් ප්‍රගතියක් ඇති කරයි. හදිසි අනතුරු හා නීති උපදෙස් පැතීමට සිදුවිය හැකියි. අත, කට, පාදයකට තුවාල සිදුවීමට හෝ රෝහල් ගත වීමට ද ඉඩ ඇති කරයි. ඊට අමතරව පොලීසියට යාමට ද ඇතිවිය හැකියි.  රජයේ සේවය යෙදී සිටින අයට එයින් වාසි සැලසෙයි. දෝෂ දුරු වී යයි. ධනය ලැබීම් වගේම වියදම් පක‍ෂය ද වැඩි කරයි. විදේශ ගතවීමට බලාපොරොත්තු වන අයට ඒ සඳහා පරීක්ෂණ හා විභාග ආදියට මුහුණ දීමට සිදු වෙයි, දත් ගැලවීම්, දත් කැක්කුම්, වාත, පිත, සෙම රෝග ඇති කරයි.

ජය අංක :- 2, 5, 7 ජය වර්ණ :- රතු, කහ ශුභ  දිනය :- ඉරිදා, බදාදා

කන්‍යා ලග්නය

ස්ථානයේ පැවැති අර්බුදකාරී බව හා දෝෂ සහිත බව අඩු වී සහනයක් ඇති කරයි. ස්ථාන පිරිසිදුව තබා ගැනීම, අළුත් වැඩියා කිරීම ආදිය ප්‍රතිසංස්කරණ කටයුතු කිරීම් සිදු කරයි.රැකියාවේ දියුණුවක් ඇති කරයි. පවුලේ සාමාජික සාමාජිකාවන් එකට එකමුතු වන අවස්ථාවක් උදා කරයි. පොළොවෙන් හා මැණික් පතල්වල කටයුතු කරන අයට වාසි ඇති කරයි. භූමි ලාභ ඇති කරයි. පාලන තන්ත්‍රයට තෝරා ගැනෙයි. සහෝදර පක්ෂයේ උදවියට නැති බැරිකම් ඇති වෙයි උදව් උපකාර ලබා දීමට ඉදිරිපත් වෙයි. වාසනාවන්ත සතියක් වන මේ සතිය ඔබට ජය අත් වෙයි. ඇස්  රෝග, අතපය තුවාල ඇතිවීම, වාත කෝප  ඇති කරයි.

ජය අංක :- 4, 5, 8 ජය වර්ණ :- කොළ, නිල් ශුභ  දිනය :-  බදාදා, සිකුරාදා


තුලා ලග්නය

සහෝදරියකගේ ගැටළුවක් විසඳා ගැනීමට හැකි වෙයි. නැත්නම් ඇයගෙන් ඔබට යම්කිසි සහනයක් සතුටු ගෙන දෙන කාරණයක් ඇති විය හැකියි. රැකී රක්ෂා කටයුතුවල කැපී පෙනෙන දියුණුවක් හා ප්‍රගතියක් ඇති කරයි. වෙළඳාම් කටයුතු, ව්‍යාපාර කටයුතුවල කැපී පෙනෙන දියුණුවක් ඇති කරයි. පියාට හෝ වැඩිහිටි අයකුට අපල ඇති කරයි. දුර ගමනක් යාමට සැලසුම් කිරීමක් හෝ විදේශ ගමන් යාමට සැරසීමක් නැත්නම් ඔබ පිටරටක සිටි අයෙක් නම් තම මව්බිමට ඒමට අදහස් කිරීමක් විය හැකියි. දූ දරුවන්ගේ පවුලේ දියුණුව සඳහා දිවා රාත්‍රී වෙහෙස වී වැඩ කටයුතු කරයි. එහෙත් මුදල් ලඟ තබා ගැනීම දුෂ්කර වෙයි. උගුරේ අමාරු, මුත්‍රා රෝග ඇති කරයි.

ජය අංක :- 3, 4, 8 ජය වර්ණ :- නිල්, රතු ශුභ  දිනය :- බදාදා, සිකුරාදා

වෘශ්චික ලග්නය

හදිසි ධනයක් ලැබීමක් හෝ වෙනයම් ණය මුදලක් ලැබීමක් වැනි දෙයක් ඇතිවීමට හේතු ඇති කරයි. අවිවාහක අයට සාර්ථක මංගල යෝජනා ඉදිරිපත් වන අතර ඒවා කඩිනමින් සිදුවීමට ද ඉඩ ඇති කරයි. පැවැති ස්ථාන කරදරකාරී බවක් මඟ හැරී යයි. විවාහ දිවිය සැපත වගේම දුක ද ඇති කරයි. වරෙක යහපත් වන අතර වරෙක ආරවුල් මතු කරයි. හවුලේ කරන කටයුතුවල දියුණුවක් ඇති කරයි. කාන්තා පක‍ෂයේ උදව් ද ස්ත්‍රියක් නම් පුරුෂ පාර්ශවයේ උදව් ද හිමි කරයි. මානසික පීඩා ඇති කරයි. මුත්‍රා දෝෂ, අර්ශස් රෝග, උගුරේ සෙම් බැදීම ආදිය ඇති කරයි.

ජය අංක :- 1, 2, 7 ජය වර්ණ :- රතු, තැඹිලි ශුභ දිනය :-  අඟහරුවාදා, සිකුරාදා

ධනු ලග්නය

තරමක සැනසිලිදායක තත්ත්වයක් උදා කරයි. ඉතා විමසිලිමත්ව හා පරීක්ෂාවෙන් සිටිය යුතුයි. තමන්ට භාර දුන් වැඩ කඩිනමින් ඉටු කර දීමට හා කාර්යය ශූරභාවයක් ඇති කරයි. එහෙත් අඹු-සැමියන් අතර ඇති අනවබෝධය නිසා ගැටළු පැන නඟියි. එහෙත් රැකියාවේ හෝ වෙනයම් ආදායම් මාර්ගවල දුබලතාවයක් ඇති නොවෙයි. අතීතයේ කරන ලද දේවල් වර්තමානයට බලපෑම් ඇති කරයි. කියන්නේ අකුශල පක්ෂය ඉදිරිපත් වෙයි. අවදානම් ගමන් බිමන් යාම අනතුරුදායකයි. ඒවායින් කරදර ඇති වෙයි. බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් අපල අවම කර ගත හැක. අර්ශස් රෝග,කෑම නොදිරවීම ඇති කරයි.

ජය අංක :- 1, 6, 7 ජය වර්ණ :- රතු, කහ ශුභ  දිනය :-  බ්‍රහස්පතින්දා, සඳුදා


මකර ලග්නය

වියදම් පක්ෂය අධික කරයි. තරඟ හා විභාග ආදියට පෙනී සිටී නම් එයින් ජය අත් කරයි. ක්‍රීඩාවන් හා සෙල්ලම්වලට හිත යොමු වෙයි. ස්ත්‍රියක් නම් නැටුම් ගැයුම් වැයුම් ආදී කලාවට බර වී ක්‍රියා කරයි. සමහරවිට රෝහල් ගත වි ප්‍රතිකාර ලබා ගැනීමට පවා සිදුවිය හැකියි. විවාහ දිවිය ශුභ දායක වෙයි. සැකය හා අවිශ්වාසය ඇති නිසා නිතර අර්බුදකාරී බවක් ඇතිවිය හැකියි. ඉඩකඩම් ප්‍රශ්නයක් ලිහිල් වී යයි.  හවුලේ කරන වැඩවලින් ප්‍රයෝජන අඩු විය හැකියි ආරවුල් ඇති කරයි. බඩේ ගෑස් රෝග යටි බඩේ කැක්කුම් ඇති විය හැකියි.

ජය අංක :- 5, 6, 9 ජය වර්ණ :- කොළ, නිල් ශුභ  දිනය :-  සෙනසුරාදා, බදාදා

කුම්භ ලග්නය

වැඩ කටයුතුවල යම් ප්‍රගතියක් හා දියුණුවක් ඇති කරයි. පවුල් ජීවිතයේ පැවැති අර්බුදකාරී බව නැති වී යයි. සිතට සතුටක් ඇතිවන දේ සිදු වෙයි. තාවකාලික වෙයි. දරුවෙකුගේ හිතුවක්කාර ක්‍රියා පිළිවෙතක් නිසා අවවාද ආදිය දීමට සිදු වෙයි. ආදායම් තත්ත්වය සතුටුදායක ලෙස ගෙවී යයි. මව්ගේ ආශිර්වාදය ලබා ගැනීමට හෝ ඇයගේ උදව් උපකාර ලබා ගැනීමට හැකි වීම නිසා වැඩ කටයුතුවලට පහසුවක් දැනෙයි. ඉඩමක් ගැනීමට හෝ නිවාසයක් ගැනීමක් කෙරෙහි හිත ක්‍රියාකාරීව වීමට ඉඩ ඇති කරයි. සතුරු කරදරයක් ඉවත්වීමක් ඇති විය හැකියි. බඩේ අම්ලපිත්ත රෝග, හෘද රෝග අවදානමක් ආදිය පෙන්වයි.

ජය අංක :- 4, 6, 9 ජය වර්ණ :- කොළ, නිල් ශුභ  දිනය :-  සෙනසුරාදා, බදාදා

මීන ලග්නය

වන්දනා ගමන් බිමන් යාමක් පිළිබඳව සැළසුම්. සමහරවිට විදේශ ගතවීමට ද ඉඩ ඇති කරයි. ස්වකීය නෑදෑයින් අතරේ මතභේද ගැටළු හා වාද විවාද ඇති කරයි. පවුලේ ආරවුල් ද ඇතිවිය හැකියි. හිතට කෝපගති හා වෛර සිතුවිලි ඇති කරයි. දරුවකුගේ හදිසි ක්‍රියාකාරීකමක් නිසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය කිරීමට සිදු වෙයි. තරඟවලින් ජය අත් කර ගැනීමට හැකියාව ඇති කරයි. ලොතරැයි වාසනා උරගා බැලීමක් කර බලන්න. සූදුවට නොයන්න. දේශපාලන ක්‍රියාකාරීත්ව යහපත් සතියක් වන අතර සමාජ ශුභ  සාධනයට ඉදිරිපත් වී වැඩ කරයි. විශේෂයෙන් හෘද රෝග,ආදියට ඉඩකඩ ඇති කරයි.

ජය අංක :- 3, 7, 8 ජය වර්ණ :- තැඹිලි, රතු ශුභ  දිනය :-  බ්‍රහස්පතින්දා, සඳුදා

රුක්ෂාන් ජයසේකර
පාරම්පරික ජ්‍යේතිර්වේදී
0715709000/0415709000

MOST VIEWED VIDEO STORIES

MORE >>