Back to Top

සතියේ ඵලාපල(2017 04 24 /2017 04 30)

April 24, 2017  



මේෂ 

 සතිය බොහෝ දුරට මිශ්‍රඵලදායක බව පෙනේ. 

නිතරම ගමන් බිමන් ඇති වීම නිසා කරගෙන යන වැඩකටයුතු වලට බාධා හා ප්‍රමාදයන් ඇති වෙයි. විවාහකයන්ගේ පවුල් සංස්‌ථා තුළ ගැටළු ඇති වීමට කරුණුයෙදෙනු ඇත. ඒ පිළිබඳ විමසිලිමත් වන්න. නඩු හබ හෝ තමාට විරුද්ධව කරන පැමිණිලි ඇතිවීමට හැකිය. වියදම් අධික වෙයි. මහජනයා මඟ කරන කටයුතුවලදී අවුල් වියවුල් ඇති වීමට හැකි තත්ත්වයක්‌ පෙන්නුම් කරයි. කරගෙන යන රැකීරක්‌ෂාවලට අවහිර බාධා මතු වීමට ඉඩ ඇත.සතිය මුලදී විවාහ අපේක්‌ෂිත අයගේ බලාපොරොත්තු ඉටු වීම ප්‍රමාද වෙයි.අසනීප වශයෙන් ලිංගාශ්‍රිත රෝගා බාධ, වාත රෝගා බාධා, හිරි වාත, අජීර්ණ රෝග වැනි අසනීප ඇති වීමට ඉඩ ඇත.

සුබ වර්ණය - සුදු, සුබ අංකය - 02.

වෘෂභ

 වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා

දිගු කාලීන රෝගාබාධ හටගැනීමේ ප්‍රණතාවක්‌ පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න.සතිය මුලදී වියදම් පක්‌ෂය අධික වන අතර අධ්‍යාපන කටයුතුවල නිරත වන්නේනම් ඒ සඳහා බාධා හා කරදර විටින් විට ඇතිවිය හැකිය. යාන වාහන පැදවීමේදී සැලකිලිමත් වන්න. රැකියාවල නිරත අය තම රැකියා ස්‌ථානයේ බුද්ධිමත්ව කටයුතුකිරීම තුළින් එම ස්‌ථාන බාධා බොහෝ දුරට සමනය කරගත හැකිය. රැකියා අපේක්‌ෂිතඅයගේ ඒ පිළිබඳ බලාපොරොත්තු තරමක්‌ ප්‍රමාද වන අතර ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන කල්හි කොන්දේ අමාරු, මුත්‍රා අමාරු වැනි රෝග පීඩා හටගැනීමේ අවධානමක්‌ පවතී. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. 

සුබ වර්ණය - මිශ්‍ර ලා, සුබ අංකය - 06.


මිථුන 

 මෙම සතිය බොහෝදුරට මිශ්‍රඵලදායක බව පෙනේ. 

දේපළ දියුණුවන අතර සාමාන්‍යයෙන් ධන ලාභලැබෙන කාලයකි. සතුරන්ගෙන් ජය ලැබෙන කාලයකි. සතුරන් පරාජය කළ හැකි කාලයකි.ණය ගනුදෙනු වලින් නිදහස්‌ වීමට හැකියාව ලැබේ. විවිධ වර්ගයේ ආහාරපාන ලැබෙනකාලයකි. සුව පහසු භාණ්‌ඩ ගැනීමේ අවස්‌ථා උදා වෙයි. අධ්‍යාපන කටයුතුවලට සුබඵල ගෙන දෙන අතර ප්‍රමාද වී පවතින රැකියා ස්‌ථාන මාරු වීම් හෝ උසස්‌වීම් සඳහා සුබ ඵල උදා කරනු ඇත. නිතර හිතවතුන් සමඟ ගමන් බිමන් යැමට අවස්‌ථාව සැලසේ. මෙම කාලයේ සමාජයේ ප්‍රසිද්ධ වීමට කාලය උදාවනු ඇත. සමස්‌තයක්‌ වශයෙන් බැලූ කළ සුබ ඵල ඇති කිරීමේ ප්‍රවනතාවක්‌ දක්‌නට ලැබේ. 

සුබ වර්ණය - ලා කොළ, සුබ අංකය - 04.



කටක 

  වැඩිමල් දරුවන්ට හෝ ශිෂ්‍යන්හට  විවිධ අන්දමේ බාධා කරදර ඇති වෙයි. 

මෙම කාලයේ අධ්යාශපනය ලබන ශිෂ්‍යශිෂ්‍යාවන්ට සුබ ඵල උදා කරන කාලයක්‌ වනු ඇත. දරුඵල බලාපොරොත්තු වන ඔබට නම් මෙම සතිය තුළ එතරම් සුබදායක ප්‍රතිඵල නොලැබෙනු ඇත. අධික වියදම් සහිත කාලයක්‌ වෙයි. ප්‍රේම සම්බන්ධතා පවත්වන්නන්ගේ එම සම්බන්ධතා බිඳී යැමට ඉඩ ඇත. වසංගත රෝග හටගැනීමට ඉඩ ඇත. නම්බුනාම ලැබේ. අනාගත බලාපොරොත්තුවකින් සිටියම් කාරණයක්‌ පිළිබඳ අවසන් මොහොතේදී එය බිඳී යැමට හැකිය. 

සුබ වර්ණය - කොළ, සුබ අංකය - 05

සිංහ 

 මේ සතිය තුළදී වෙහෙස වන දුර ගමන් යෙදෙන සතියකි. 

තම මවට වාත වේදනා ඇති විය හැකිය. මව් පාර්ශවයේ නෑදෑ කෙනෙකුට යම් අපලදායකතත්ත්වයක්‌ ඇති විය හැකිය. මෙම සතිය ව්‍යාපාරවලින් පාඩු සිදු විය හැකිය.පරණ විශාල ගෙවල් හා පරණ වාහන ලැබීමේ ප්‍රවණතාවක්‌ පවතී. ඔබට වැඩිහිටි නෑදෑයන්ගෙන් දේපළ හා යාන වාහන ලැබීමේ අවස්‌ථා උදාවනු ඇත. රැකී රක්‌ෂා කටයුතුවල යම් යම් ගැටළුකාරී තත්ත්වයන් ඇති විය හැකිය. රැකියා අපේක්ෂිකත අයගේ ඒ පිළිබඳ බලාපොරොත්තු තරමක්‌ ප්‍රමාද වන අතර ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමුකරන කල්හි කොන්දේ අමාරු, මුත්‍රා අමාරු වැනි රෝග පීඩා හටගැනීමේ අවදානමක්‌ පවතී. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. 
 
සුබ වර්ණය - රතු, සුබ අංකය - 03.

කන්‍යා 

මේ සතිය මිශ්‍රඵලදායකබව පෙනේ. මෙම සතිය තුළ ඔබට යම් යම් මුදල් හා ධන ලාභලැබීමේ කාලයකි. මෙම කාලය ශරීර සනීපයට හේතු වන කාලයකි. සතුරන්ගෙන් ජය ලැබෙන සතිය. දේපළ ලාභ ලැබෙන කාලයකි. අසනීප වලින් සුවය ලබන කාලයකි. උත්සව වලට හාසමිති සමාගම්වලට ආරාධනා ලැබෙන කාලයකි. ඔබගේ සමාජ තත්ත්වය ඉහළ යනු ඇත. අවිවාහක අයට මංගල යෝග උදාවේ.ඉඩම් හා ගෙවල් මිලදී ගැනීමට මෙම සතිය ඉතාම සුබදායක වනු ඇත. විශේෂයෙන්ම පවුලේ දියුණුව ඇති වන සතිය. තම හිත මිතුරන් හා නෑදෑයන්ගේ ප්‍රති උත්සව හෝ මංගල උත්සව වලට සහභාගි වීමට අවස්‌ථාව උදා වනු ඇත.
 
සුබ වර්ණය - මිශ්‍ර  ලා, සුබ අංකය - 06.

තුලා
 
 හදිසි අනතුරු හා යම් යම් බාධා ඇති වන සතියකි. 

ධන හානි ඇති වේ. ශරීරයේ ඇති ලස්‌සන අඩුවන අතර ශරීර ශක්‌තිය හීනවීමට කාරණා යෙදේ. මුදල් අතේ නොරැඳෙන අධික වියදම් ඇතිවන සතියකි. මෙම සතිය තුළ ඔබට මිල මුදල් අතින් තදබල අගහිඟතා ඇති වීමට හැකිය. ඔබ විවාහක නම් තම පවුල තුළ යම් යම් ගැටළු හා ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. පහසුවෙන් දත් දිරායැමකට හෝ දත් සම්බන්ධ රෝගා බාධ ඇතිවිය හැකිය. විශේෂයෙන්ම උගුරේ ආසාදන ඇති වීමට හැකියාවක්‌ පවතී. මුහුණේ ලප කැළැල් ඇති විය හැකිය.
සුබ වර්ණය - සුදු, සුබ අංකය - 02.

වෘශ්චික 

 මේ සතිය බොහෝ දුරටසුබපලදායකයි.

 රැකියා ස්‌ථානයේ විවිධ කරදර බාධක ඇතිවන සතියකි. ඔබ විවාහක නම් තම පවුල් ජීවිතය තුළ ප්‍රශ්න හා ගැටළුකාරී තත්ත්වයන්ඇති විය හැකිය. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. බලාපොරොත්තු රහිත අධික වියදම් ඇති විය හැකිය. වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගුකාලීන රෝගාබාධ හටගැනීමේ ප්‍රවණතාවක්‌ පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. මෙම සතිය නඩු හබවලට යැමෙන් ඒවායින් ජයගත නොහැකි අතර එය තමාට ඉතාම අවාසි සහගත වනු ඇත. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හිසේ ආබාධ, මානසික පීඩා තත්ත්වයන් ඇති විය හැකිය. තම සහෝදර සහෝදරියන් සමඟ මත ගැටුම් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව සිය අවධානය යොමුකිරීම තුළින් එම තත්ත්වයන් අවම කර ගැනීමට හැකියාව ලැබෙයි. 

සුබ වර්ණය - සුදු, සුබ අංකය - 02.


ධනු 

 ඔබගේ වැය පක්‌ෂය ඉහළ යන අතර ධන හානි ඇති කරයි.

 අතේ මුදල් නොරැඳෙන සතියකි. මෙම සතිය තුළ නීතිමය ප්‍රශ්න ඇති විය හැකිය. රැකියා බලාපොරොත්තුවෙන් සිටින ඔබට එම බලාපොරොත්තු ඉටුවීමේ ප්‍රමාදයක්‌ ඇති වන අතර රැකියාවල නිරත අයගේ එම රැකියා ස්‌ථානවල යම් යම් ගැටළු ඇති වීමට හැකියාව පවතී. ඔළුවේ කැක්‌කුම් ස්‌නායු ආබාධ, මුත්‍රා ආබාධ, වාත රෝග වැනි රෝග පීඩාවන්ගෙන් ආරක්‌ෂා විය යුතුය.විදේශගතවීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් එම කාරණා සම්බන්ධයෙන් යම් යම් ගැටළුකාරී තත්ත්වයන් ඇති විය හැකිය. වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසිකපීඩා හා දිගුකාලීන රෝගාබාධ හටගැනීමේ ප්‍රවණතාවයක්‌ පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් මෙම සතිය ඔබට සුබදායක.ස්‌ත්‍රීන් නිසා කරදර ඇති විය හැකිය.

සුබ වර්ණය - දිලෙන සුදු, සුබ අංකය - 01.

මකර 

 මේ සතිය මිශ්‍රඵලදායක බව පෙනේ. 

ගෘහ ජීවිතය සතුටුදායකය. රැකියාවේ උසස්‌වීම් වගේම වෙනස්‌වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතුකිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදුවිය හැකිය. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය.මෙම සතිය ශරීර සනීපය ඇති කරන සතියකි. ලිපි ලේඛන හා නිර්මාණාත්මක කටයුතු සඳහා හොඳයි. කාන්තා පක්‌ෂයෙන් විශේෂ උදව් උපකාර හිමි වේ. දරු ඵල අපේක්‌ෂිත අයට දරු ඵල උදාවනුඇත.අවිවාහක අයට මංගල යෝජනා උදා වේ. රැකියා අංශවල විසිතුරු භාණ්‌ඩ අලෙවිය වැනි අංශවලින් ආර්ථික වාසි හිමිය. අධ්‍යාපනයට සම්බන්ධ අයට ඒ කටයුතුවලින් දක්‌ෂතා ගෙන දෙයි. සේවක ගැටළු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටළු පැන නැඟීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හට ගැනීමට අවස්‌ථා ඇත. ස්‌වයං රැකියාවලනිරත වන්නන්ට සුබදායකය. රෝගවලට හරියට ප්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප්‍රමාද වනු ඇත. 

සුබ වර්ණය - මිශ්‍ර ලා, සුබ අංකය - 06.


කුම්භ 

 මෙම සතිය බොහෝ දුරට සුබඵලදායක බවපෙනේ.

ධනයඅතින් යහපත්ය. උසස්‌ අධ්‍යාපන අවස්‌ථා උදා වේ. ව්‍යාපාර අංශවලට සුබදායක වේ.රැකියා අංශ තුළ කලකිරීම් ඇතිවන අතර හදිසි වෙනස්‌ වීම්වලට හේතු වේ. සෞඛ්‍ය අතින් දණහිස සම්බන්ධ ආබාධ ඇති විය හැකිය. ගේදොර කටයුතු සම්බන්ධයෙන් දැඩිකැපකිරීම් කළ යුතු වෙයි. රැකියාවේ උසස්‌වීම් බලාපොරොත්තු විය හැකිය. නමුත් බාධා පවතී. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම සතියේදී සිත යොමු වේ. ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. දරු උපත් මඟින් පවුල වර්ධනය වීමට ඉඩ ඇත.ධනය අතින් යහපත්ය. උසස්‌ අධ්‍යාපන අවස්‌ථා උදාවේ. ව්‍යාපාර අංශවලට සුබ දායක වේ. රැකියා අංශ තුළ කලකිරීම් ඇතිවන අතර හදිසිවෙනස්‌ වීම්වලට හේතුයි. 

සුබ වර්ණය - නිල්, සුබ අංකය - 07.



මීන 

 මුදල් ඉතිරි වන සතියකි. 

නව මිතුරන් ඇසුරට ලැබේ. කීර්තිය, ප්‍රශංසාව, ගෞරවය හා සමාජ පිළිගැනීම හිමිවනවා ඇත.ව්‍යාපාරවලින් ආදායම්ද හිමිය. පවතින රෝගාබාධ සුව වන අතර, සෞඛ්‍ය තත්ත්වයද යහපත්ය. ඔබට මෙම කාලය සාමාන්‍ය සුබය. එම නිසාවෙන් කායික මානසික වශයෙන් යහපත්ය. ආගමට දහමට නැඹුරු වන සතියකි. ඔබට මධ්‍යම සුබඵල දායකයි. අවිවාහක අයටමංගල යෝජනා උදාවේ. නමුත් බාධා ඇති වේ. ධන ලාභ, රැකියා වාසනා, තනතුරු, ලොතරැයි වාසනා බොහෝවිට උදාවේ. රැකියා අංශවල රාජ්‍ය අනුග්‍රහය හා උසස්‌ අයගේ කීර්ති ප්‍රශංසාද ලැබේ. මහන්සියේ තරමට ප්‍රතිඵල නැතිවිය හැකිය. ඥතීන් සමඟ මතභේදවලට හේතු වනු ඇත. පිරිමි දරු ලාභ ඇතිවන අතර සියලු අංශවලින් සාමාන්‍ය සුබය. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොඳයි. ඒ වගේම රැකියා ස්‌ථානයෙන් උසස්‌වීමක්‌ද හිමිවීමට ඉඩ තියනවා වගේම අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදීගැනීමටත් මෙම සතිය සුබයි. 

සුබ වර්ණ - කහ, තැඹිලි, සුබ අංකය - 05.


ඉහත සඳහන් ඵලාපල ඔබේ ජන්මපත්‍රයේ ග්‍රහ පිහිටීම්, ගතවන මහ දශා හා අතුරු දශා, ග්‍රහයන් උත්පත්තියේදී පිහිටි නැකැත් හා 22 දෙර්කාණාධිපති, 64 නවාංශකාධිපතිගේ තත්ත්වයන් හා විවිධ ග්‍රහ දෘෂ්ටි මත අඩු වැඩි වීම් සිදුවිය හැකිය.


රුක්ෂාන් ජයසේකර,
Tel 0715709000/0415709000

MOST VIEWED VIDEO STORIES

MORE >>