Back to Top

2017/ 03/ 19 2017/ 03/ 25(සතියේ ඵලාපල)

March 13, 2017  

මේෂ 
       
        පාසල් අධ්‍යාපනයට හිතකර තත්ත්වයකි.

කී‍්‍රඩා ආදී කි‍්‍රයාකාරකම්වල යෙදෙන පාසල් ශිෂ්‍යයන්ටද හිතකර සතියකි. ආදායම් තත්ත්වය යහපත්. වැයට වඩා තරමක් ඉහළින් සිය වෘත්තීමය වෙළෙඳ හා වෙනත් ගිවිසුම් ගසා ගැනීමට පෙළඹේ. ඒවා වාසිදායක ගිවිසුම් විය හැකිය. විදේශගත වීමට අපේක්ෂා කරන අයට අවස්ථාවක් පෑදෙයි. පෙම්වතුන්ට ආශ්වාදජනක අවස්ථාවකි.  නිදහසේ පී‍්‍රතිය  භූක්ති  විඳියි. ලොතරැයි ගන්නට පුරුදු වී  සිටින අයට ද වාසියක් ගෙන දිය හැකිය. රූමෙටික් ආබාධ, හදවත් රෝග, ආමාශය හතිය වැනි රෝග ඇති විය හැකිය.

සුබ දිනය    :- අඟහරුවාද, සිකුරාදා
සුබ වර්ණය    :- රතු
ජය අංකය    :- 9, 6

වෘෂභ
    
    විශේෂයෙන් ස්තී‍්‍ර පක්‍ෂය දුරාචාරයට යොමුවිය හැකි අවස්ථාවකි. 

පුරුෂ පක්ෂයේද දැඩි ආත්ම පාලනයකින්  යුතුව ආශ‍්‍රය කළ යුතුය. විනෝදකාමී වෙයි.  තම සේවා ස්ථානවල සහයෝගීතාව ඇතිවෙයි.  දුරබැහැර මෙන්ම විදේශ ගමන්ද ඇතිවිය හැකි අතර ඒය රාජකාරී ගමන් ද විය හැකිය. මංගල යෝජනා ආදිය  අවසාන එකඟතාවයට පත් වෙයි. කොන්ත‍්‍රාත් බිස්නස් යෙදෙන්නන්ට වාසිසහගත අවස්ථාවක් ගෙන දෙයි. සමාජ ආශ‍්‍රය වැඩිවෙයි. සමාජ වැඩකටයුතු  හෝ දේශපාලන කටයුතුවලට සහභාගීවීමට සිතයි. පාසල් අධ්‍යාපන කටයුතුවලට යහපත් අවස්ථාවකි.


සුබ දිනය    :-  සිකුරාදා
සුබ වර්ණය    :- රෝස,කොළ
ජය අංකය    :-  6,5

මිථුන 
   
        ආදායම් තත්ත්වය මෙම සතියේ ඉහළයි.

අධ්‍යාපන  කටයුතු සියලූ අංශවලට සතුටුදායක  තත්ත්වයක්  පෙන්වයි. ආදායම් මාර්ග බහුවිද  විය හැකිය. තරඟ ආදියෙන් ජය ලබයි. ප‍්‍රතිවාදීන්  පරදවයි. ඉඩම් හා  දේපොළ  පිළිබඳ  ආරවුල්  ඇති විය හැකිය. තම සේවා ස්ථානයේ  සේවක  සටහන් ඉල්ලීම් ආදියට නායකත්වය  දෙයි. පියාගෙන් මෙන්ම ප‍්‍රභූන්ගේ  උදව් උපකාර  ලබයි. තම ඥතීන් සමඟ ගැටුම් ඇති විය හැකිය. විවාහ මංගල  යෝජනා ගැන ප‍්‍රවේසම් විය යුතුයි. රැවටිලිවලට භාජන විය හැකියි. ළය රෝග, ආමාශ ආබාධ ආදිය ඉස්මතු විය හැකිය.
   
සුබ දිනය    :- බදාදා
සුබ වර්ණය    :- කොළ, කහ
ජය අංකය    :-  5.3

කටක
       
ආදායම් තත්ත්වය  වැයට වඩා  ඉහළින් සිටියි. 

ආනයන  අපනයන  හා විදේශීය මූලාශ‍්‍රවලින්  ආදායම් ලබමින් සිටින අයට වාසිය  ගෙන දෙන අවස්ථාවකි. ඉඩ කඩම් ලැබීමේ වාසි තමන්  වෙත ඇත.  වාසිදායක  කොන්දේසි මත ගත හැකිය. දේපොළ ඉඩම්වලින් ආදායම් ලබමින්  සිටින අයටද මේ වකවානුව ඉතා වාසිය. පෙම්වතුන්ට  එතරම් හොඳ  සතියක් නොවුනු ඇත.  බාධාවන්ට  මුහුණදීමට  සිදුවිය හැකිය. අධ්‍යාපන  කටයුතුවල  නිතර වන්නන්ට පර්යේෂණ  හා ගවේෂණ කටයුතු කිරීමට  අවස්ථාවන් පෑදේ. ප‍්‍රවාහන පහසුව ලබයි.  කෙටි හා දුර ගමන් යන දෙකේදීම  ලිවර් ආබාධ, රුධිර පීඩනය හා පෙන්වයි.

   
සුබ දිනය    :-  බදාදා, සිකුරාදා
සුබ වර්ණය    :-  සුදු, කී‍්‍රම් පැහැය
ජය අංකය    :- 2, 5,9

සිංහ
           
    ආත්ම ශක්තිය, නිර්භයකකම, අධිෂ්ඨාන පූර්වක භාවය ඉහලින්ම ඉස්මතු වෙයි.

ස්වඋත්සාහයෙන් බොහෝ දේවල් කරගත හැකිය. ප‍්‍රතිවාදීන් හා සතුරන් අභිබවා එසේම නුවණ ද බුද්ධිබලය ද  ඉතා ප‍්‍රායෝගිකව පාවිච්චි කරයි.අය පක්‍ෂය  වැයට වඩා හොඳයි ආයෝජනවලින් ද  වාසියක් පෙන්නුම් කරයි.  පාසල් අධ්‍යාපන වල නියුතු අයට හිතකර සතියක්.  ශිෂ්‍යයන්ට සුවදායක  පසුබිමක්  ඇතිවේ. උසස් අධ්‍යාපන   වල නියුතු අයට අභියෝග හා බාධා පෙන්වයි.  මුදල් හිරවීම ද පෙන්වයි. අසල්වැසියන් සමඟ ගැටුම් ද නිර්මාණ විය හැකිය.ස්නායු රෝග හා උරහිස් ආබාධ ඇති විය හැකිය. ලොතරැයි  ගන්නා අයට වාසියක් ලැබිය හැකිය.

සුබ දිනය    :- ඉරිදා, අඟහරුවාදා
සුබ වර්ණය    :- රතු ,තැඹිලි
ජය අංකය    :- 1, 9

කන්‍යා   
   
        හදිසි මුදල් නාස්ති ඇති වෙයි.

තම දරුවන් ද වැඩියෙන් මුදල් වැය වෙයි. පේ‍්‍රමවන්තයින් අතර ගැටුම් ඇතිවෙයි. එම සම්බන්ධතා පවත්වා ගැනීමට  බැරිවෙයි. රැකියා වෙනස්කම් ඇති විය හැකිය. විවාහ ජීවිතයට දැඩි බාධා එල්ල වෙයි.දැඩි බහින්බස් හමුවේ  වෙන්වීම් පවා සිදුවිය හැකිය.  තම වෘත්තීමය  කටයුතුවලට දැඩි තර්ජනයක්  ඇති වේ.  රාජ්‍ය හා ආයතන ප‍්‍රධානීන්ගේ උදහසට පවා ලක්විය හැකිය. සොර සතුරු කුමන්ත‍්‍රණ  කි‍්‍රයාත්මක විය හැක. රැකියාවල්  වෙනස් කිරීමට හෝ මාරුවීම්වලට  පවා හිතෙයි. විදේශ ගමන් සැලසුම් කළ අයට අවස්ථාවක් පෑදිය  හැකිය. අය පක්‍ෂය පහත් තත්ත්වයකට යයි. පාදය හානි ආබාධ ඉස්මතු විය හැකිය.

සුබ දිනය    :- සිකුරාදා
සුබ වර්ණය    :- කොළ, කහ
ජය අංකය    :-  2, 6

තුලා
       
අනුන් අවනත කර ගැනීමට  සහ අනුන් පාලනයට  මෙය ඉතා ප‍්‍රබල පිහිටීමකි. 

අන්‍යයන් අවනත  කරන ආත්ම  ධෛර්යය, ආත්ම අධිෂ්ඨානය  ලබයි. ස්වඋත්සාහය  මතම රඳා පැවැතිය හැකිය.   උසස් අධ්‍යාපන  කටයුතු සාර්ථකව  සිදුවෙයි. විද්වතුන්ගෙන් උගත් ආචාරයවරුන්ගෙන්  සහයෝගයද  ලබයි. එමෙන්ම  පියාගෙන් ද මුදල් උපකාර ලබයි.පර්යේෂණ කිරීමේ කුතුහලය ඇත.  මෙය ශාස්තී‍්‍රය මට්ටමෙන් කළ හැකිය.  නිවෙසක් වෙනුවෙන්  ආයෝජන  යෙදීමක් ද පෙන්නුම් කරයි. තම සේවා ස්ථානයේ  වැඩකටයුතුවලට නායකත්වය දෙයි. හතිය, පීනස් රෝග , ආමාශ ආබාධ ඇති විය හැකියි.

සුබ දිනය    :- ඉරිදා, සඳුඳා
සුබ වර්ණය    :- තැඹිලි, සුදු
ජය අංකය    :- 1, 7

වෘශ්චික
       
    වෘත්තීය කටයුතු වලට එතරම් හොඳ පිහිටීමක් නොවේ.

ලිඛිත  වැරදි රාශියක් විය හැකියි.  මේ නිසා අපහසුතාවකට පත්වෙයි. නිවාස ඉඩකඩම්  නිසා හදිසි  ධන නාස්තියක් සිදුවේ.  අනුන්ට  වන විපතක් හෝ නැස්පැත්තියක්  නිසා තමන්ට ගෙන දෙන අවස්ථාවක් ද සිදුවිය හැකිය. මුදල් නාස්තියක් නිසා පවුලේ දබරකාරී තත්ත්වයන් ඇති විය හැකිය. අනිසි මුදල් වියදම්   තම දරුවෙකුගෙන් අවශ්‍යතම  උපකාරයක් වෙයි.  පෙම්වතුන්ට එතරම් හොඳ අවස්ථාවක් නොවේ. අධ්‍යාපන කටයුතුවලට හිතකර ගතියක් හැකිය. බාධා අවහිර ඇත. රුධිර දෝෂ, රූමෙටික් ආබාධ පෙන්වයි. 

සුබ දිනය    :- ඉරිදා, අඟහරුවාදා
සුබ වර්ණය    :- රතු, කහ, තැඹිලි
ජය අංකය    :-  3, 9



ධනු
           
    විදේශ  මූලශ‍්‍රාවලින් ආදායම් ලබන අයටත් අමතර වාසි  පෙන්වයි. 

තම වැඩිමහල් සහෝදරයන්ගෙන් සහ මිතුරන්ගෙන් ද උදවු ලබයි. පෙම්වතුන්ට විශේෂයෙන්  සතිය ආරම්භයේදී ජයග‍්‍රාහක  අවස්ථාවකි. උසස් අධ්‍යාපන  කටයුතුවලට ඉතා හිතකර කාලයකි. බහුවිද ආදායම් මාර්ගද ඇතිවෙයි. විදේශ ගතවීමට අවස්ථාවන් ලබයි. එය අධ්‍යාපන කටයුතු සඳහා  විය හැකිය. ලොතරැයි  ටිකට් ගනිමින් සිටින අයට වාසිය කර පෙන්නුම් කරයි. මුත්‍රාශය, රූමෙටික් ආබාධ, ආමාශ ආබාධ ඉස්මතු විය හැකිය.

සුබ දිනය    :- බ‍්‍රහස්පතින්දා
සුබ වර්ණය    :- තැඹිලි, ලා නිල්
ජය අංකය    :-  1, 6

මකර
           
පරිපාලන  අංශවල  සිටින්නන් දැඩි හස්තයකින් පාලනය කරයි. ව්‍යාපාරවල යෙදෙන අධිපතියන් ද එසේය. උසස් අධ්‍යාපන  කටයුතුවල යෙදෙන්නන්ට හොඳ කාලයකි.  පාසල් අධ්‍යාපනික කටයුතුවලට බාධා අවහිර එල්ල වෙයි. උරුම හිමිකම්, මුදල් පාඩු ආදියටද  මුහුණදීමට සිදුවේ.  රැකියාවලින්  ලැබෙන හදිසි ලැබීම් හෙවත් ඉන්ෂුරන්ස්, හිඟ මුදල් ආදිය ලබයි. ඉතුරු කිරීමට ද අපහසු වෙයි. රාජකාරීයේ  ව්‍යාපාරික  මට්ටමින් යන විදේශ ගමන් ඇති වෙයි. පියාට අසනීප තත්ත්වයක් උද්ගත විය හැකියි. දියවැඩියා, හතිය අමාශ ආබාධ ඉස්මතු විය හැකියි. විද්වතුන්ගේ , ආචාර්ය පැලැන්තියෙන් උපකාර ලබයි.

සුබ දිනය    :- අඟහරුවාදා, සෙනසුරදා
සුබ වර්ණය    :-  රතු, නිල්
ජය අංකය    :- 9, 6

කුම්භ

               
මඟුල් යෝජනා ආදී මංගල  කටයුතුවලට  දැඩි බාධා  ගෙන දෙන අවස්ථාවකි.  පාසල් මෙන්ම  උසස් අධ්‍යාපනයටත්  යහපත් වාතාවරණයක් ඇති වෙයි. ලැබෙන ආදායම් ක්‍ෂණයකින්ම වියදම්වීම හෝ හදිසි නාස්තියක් පෙන්වයි. හදිසි විදේශ ගමන්වලට අවස්ථාවක් නිර්මාණය වෙයි. ආනයන අපනයන කටයුතුවල යෙදෙන අයටද විදේශීය  අංශ මුදල් ආදායම් ලබන අයටද එතරම් හොඳ කාලයක් නොවේ. ස්වාධීන ආදායම්  මාර්ග කෙරෙහි සිත යොමු වෙයි. කී‍්‍රඩා කටයුතුවල යෙදෙන අයට ජනපි‍්‍රයභාවය ඇති වෙයි. එමෙන්ම හදිසි අනතුරුද ප‍්‍රවණතා ඇත. රූමෙටික්  ආබාධ හමේ රෝග ආදිය ඉස්මතු වෙයි.

සුබ දිනය    :-  සිකුරාදා
සුබ වර්ණය    :-  රතු, කහ
ජය අංකය    :-  2, 7

මින
       
        පේ‍්‍රම සබඳතාවන්ට අවහිර  ඇති වෙයි. 

ප‍්‍රතිවාදීන්  සමග දැඩි ගැටුම් ඇති වෙයි. ප‍්‍රතිවාදීන් සමග දැඩි ගැටුම්  ඇති වෙයි.  හදිසි අනතුරු ප‍්‍රවණතා ඇත. හදිසි  ධන හානි ද සිදු විය හැකිය.  තම වැඩිමහල්  සහෝදරයෙකුගෙන්  මෙන්ම මිතුරන්ගෙන් ද උදවු ලබයි.  හදිසි ගමන් බිමන් නිසා  බොහෝ පාඩු සිද්ධ විය හැකිය.  පාදයේ ආබාධ, රුධිර දෝෂල දද කුෂ්ඨ රෝග ආදිය  වැළඳෙයි.  කුමන මට්ටමේ   හේ තරඟ  ජය පෙන්වයි. නිවෙසක් හෝ ගොඩනැගිල්ලක් තනා ගැනීමට  ආයෝජනයක් යොදයි. දේපොළ උරුම හිමිකම්  ලබයි. සමාජ ආශ‍්‍රය  වැඩිවෙයි. ගුප්ත විද්‍යා අංශ කෙරෙහි දැඩි යොමුවීමක් ඇති වෙයි. නීති ප‍්‍රශ්න  නිසා පොලිස් උසාවි යැවීම් සිදුවෙයි.

සුබ දිනය    :- බ‍්‍රහස්පතින්දා, ඉරිදා
සුබ වර්ණය    :-  කහ, රෝස, තැඹිලි
ජය අංකය    :-  1, 4, 9









MOST VIEWED VIDEO STORIES

MORE >>