Back to Top

මිතුරිය අහිමි ජපන් රූ රැජින සටනකට අරඅඳියි

May 18, 2015  

මෙවර විශ්ව රූ රැජින වෙනුවෙන් ජපාන‍යෙන් තේරීපත්වූයේ අරීනා මියමොටෝය.ඇය තේරීපත්වීමත් සමගම ජපන් ශුද්ධ වාර්ගිකත්වයක් නියෝජනය කළ ඇයගේ මිතුරිය කිරුළ තමාට අහිමිවීමේ සිත්වේදනාවෙන් සියදිවි නසාගත්තාය.වර්ණ සමින් යුත් ඇය කළු පැහැති මිතුරියට ජයග්‍රහණය හිමිවීමෙන් දැඩි කම්පාවට පත්ව සිටියාය.ඒ නිසාම ඇය අරීනාටද විටෙක ‍බැණවැදුණාය. අවසන ඇය දිවි තොර ගනු ලැබීය. මෙම සිදුවීමත් සමග අඩියක් පස්සට තැබූ මියමොටෝ ජපන් සමාජය පුරාපැතිර ඇති වාර්ගික බාධාවට එරෙහිව අරගල කිරීමේ මාවත තෝරාගෙන තිබේ.බ්‍රිතාන්‍ය සුපිරි නිරූපිකා නයෝමි කැම්බල් එක් පරම්පරාවකට ඉහතදී මෙම සංස්කෘතික බාධක බිඳ ජයග්‍රහණය කළාය. මියමොටෝට ඇය පරමාදර්ශයකි.

 

"මම මුරණ්ඩුයි"අරීනා මියමොටෝ අවධාරණය කරයි.ඇය ජපන් මවකට හා කළු අමෙරිකානු පියෙකුට දාව උපන්නාය.ඉකුත් අඟහරුවාදා දිනය වන විට ඇයට වයස අවුරුදු 21 කි.

"මට විවේචන දරාගෙන පුරුදුයි.ඒක සියලුදෙනාට කළ රිදවීමක් හැටියට පිළිනොගන්නේනම් ඒක බොරුවක්. දුරකථනය නාදවෙද්දී මං නැගිට දුරකතනයට ප්‍රතිචාර දක්වද්දී ඇමතුම් දෙන අය මාව පීඩාවට පත්කරනවා.නමුත් එම විවේචන මට අතිරේක උත්තේජනයක් සපයනවා."ඇය සිහිපත් කරයි.එහෙත් ඇය වඩාත් කම්පාවන්නේ තමාට එල්ලවන විවේචන නිසා නොවේ.


"රෑ රැජිනක් වුණු මගේ මිතුරියගේ මරණය තරම් මට වෙනත් කිසිදු බලපෑමක් දැනුණේ නෑ.මගේ අවසන් අරමුණ වන්නේ වාර්ගිකත්වය නිසා වෙනස්ව සැලකීම පිළිබඳ සමාජය දැනුවත් කිරීමයි." ඇය අවධාරණය කරයි.

නාගසාකි නගරයට ආසන්න සසෙබෝ වරාය නගරයේ ජීවත්වන ඇය කුඩා කල පාසලේදී මිතුරු මිතුරියන්ගේ උසුළු විසුළු වලට ලක්වූ ආකාරය මෙනෙහි කරයි.


´ජපානයේ පළමු කළු විශ්ව රූ රැජින වුණු මට දැන් ඒ පණිවිඩය ගෙනයාම සඳහා කදිම වේදිකාවක් නිර්මාණය වෙලා තියෙනවා.ඒක පටන් ගැනීම කොයිතරම් ආයාසකාරී අත්දැකීමක්ද කියන එක දැන් මට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසාම නයෝමි කැම්බල්ට මම හැමවේලේම ගරු කරනවා.ඇයගේ ආරම්භය පුදුම සහගතයි"


                               ඉකුත් මාර්තුවේ මියමොටෝ ජයග්‍රහණය කිරීමත් සමග සමාජජාල වෙබ් අඩවිවල එය විවේචනය කිරීම ආරම්භ විය.එමගින් ජපානයේ පාරිශුද්ධත්වයට කෙතරම් හානිවී ඇත්දැයි තර්ක කර තිබුණි.රත් පැහැයට හුරු දුඹුරු මිශ්‍ර සමේ වර්ණයෙන් යුතු මියමොටෝ අඩි පහයි අඟල් අටක් උසය.ඇයගේ උසද කලෙක ඇය ගර්හාවට ලක්වීමට හේතුවක් විය.


"මං කුඩා කාලයේ දැඩි ලෙස සමච්චල් කිරීමට ලක්වුණා. ඒත් මං ඒවායින් මානසිකව ශක්තිමත් වුණා.ඒක මගේම ආරක්ෂාව සඳහා උපකාරි වුණා."ප්‍රථම භාෂාව, ජපන් භාෂාව වුවද ඇය ජපන් සිරුරකට හිමිකම් නොකීවාය.ඒ නිසාම ඇයගේ දිගැටි නාසය නිරන්තරයෙන් උපහාසයට ලක්විය.


"පුංචි කාලයේ එහෙව් සරදම් වින්දාට මට තදින් දැනුණු දෙයක් තිබුණා. එය නම් මං අනිත් අය වගේම ශක්තිමත් කියන එක.ඒ නිසාම අන් අයගේ අවධානය දිනා ගැනීමට අමුතුවෙන් උත්සාහ කළ යුතු නැති බව මං හිතුවා.නමුත් මට දැනෙන දේ දැන් මට කියන්න පුළුවන්.මං ඒ දේවල් මගේම විදිහකට කියනවා"මියමොටෝ මේවන විට වෙනදාටත් වැඩිය දැඩිය.අධිෂ්ඨානශීලිය.

 

"මට විප්ලවයක් ආරම්භ කිරීමට අවශ්‍යයි" ඇය සිනාවෙමින් කියයි. එහෙත් ඒ ‘විප්ලවයක’අරුත නොදැනද නොවේ.


"දේවල් රැයකින් වෙනස් කරන්නට මට බෑ.නමුත් වසර100-200 ක් ගතවන විට ශුද්ධ ජපනුන් ඉතාම ටික දෙනෙක් හෝ මේ මගට අවතීර්ණ වී සිටීවි.එතැනින් අපි හිතන දේ පටන් ගන්න පුළුවන් වේවි"


එහෙත් ජපන් රජයේ අවධානය මේවන විට යොමුව ඇත්තේ ඇය වැනි මිශ්‍ර ජාතික තරුණ තරුණියන් කෙරෙහි නොවේ.´කූල් ජැපැන්´නො‍හොත් ´නිවුණු ජපන්´ස්ත්‍රී ප්‍රතිරූප හරහා සංචාරකයින් ඇදබැඳ තබාගැනීමටය. විශේෂයෙන්ම 2020 දී ටෝකියෝහිදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේදී මෙම තේමාවෙන් යුතුව ප්‍රවර්ධනීය වැඩසටහන් දියත් කර ඇතත් කළු පැහැයට හුරු මිශ්‍ර වර්ණයෙන් යුතු මෙවර ජපන් රූ රැජිනට එහිදී වැඩි වැදගත් කමක් හිමිවී නැත.එහෙත් එවැනි මිශ්‍ර වර්ණයෙන් යුතු බෙංගාලි නිරූපිකා රෝලා,රුසියානු -බ්‍රිතාන්‍ය මිශ්‍ර ගායිකාවක වන බෙකී ට ජපන් ජනතාවගේ හරසර ලැබීම යම් ආකාරයකට මිශ්‍ර වර්ණිතයන් කෙරෙහිද මේවන විට ජපන් සමාජය යම් සුහදශීලි මානයකින් බලන බවට උදාහරණයක් නොවේදැයි ඇතැමුන් පෙන්වාදෙයි.එහෙත් ඒ ගැන සියලුම විද්වතුන් දරන්නේ එකම මතයක් නොවේ. මේ ඊට නිදසුනකි.


"ඒක එහෙම වේගෙන යනවා වෙන්න පුළුවන්. නමුත් යම් මධ්‍යස්ථවාදී ජපන් මිනිසුන් පවා සිතන්නේ ජපන් ප්‍රතිරූපය රටක් ලෙස නියෝජනය කිරීමට අරීනා මියමොටෝට තියෙන හැකියාව අඩුයි කියලා"මනෝ විද්‍යාඥ යොකෝ හරුකා පවසයි.ඔහු මේ බව කියා සිටියේ ජපන් රූපවාහිනී වැඩසටහනකට එක්වෙමිනි.


" ඒක අලුත් පරම්පරාවට කම්පනයක් ඇති කරනවා වෙන්න පුළුවන්.නමුත් පුරෝගාමියෙකු ලෙස ඇය අවස්ථාවක් සලසා දී තිබෙනවා. විශේෂයෙන්ම ‍ජපානය,ගෝලීය අවධානයට ලක්කිරීමට ඇය කදිම අවස්ථාවක් උදාකර දී තිබෙනවා" ඔහු වැඩිදුටරත් පෙන්වා දෙයි.


එහෙත් ජපානය යනු මිශ්‍ර වාර්ගිකයින් බහුල රටක් නොවේ. ඇතැම්විට මෙම නොසලකා හැරීම්වලට මුල් සාධකය එයම විය හැකිය.මියමොටෝ පෙන්වාදෙන්නේ විවිධ වාර්ගික මිශ්‍ර දරු උපත් සංඛ්‍යාව වාර්ෂිකව 2%ක් තරම් ඉතා සුළු වන බවයි.


"ඕනෑම ජපන් ටෙලිවිෂන් මාධ්‍ය තුළ තද කළු නිරූපිකාවන් සිටිනවා. රෝලා බෙකී වගේ ගොඩාක් ජනප්‍රිය චරිත ඉන්නවා.ඕනම කෙනෙකුට ජපානය නියෝජනය කළ හැකියි කියන මතය නිර්මාණය කරන්නට හැකියි.මං ඒගැන බලාපොරොත්තු තබා තියෙනවා"ජපානයේ මිශ්‍ර වාර්ගිකත්වයට නිසි තැන ඉල්ලා කරන අරගලය ඇය විසින් දැනටමත් ආරම්භ කර තිබේ. මනුෂ්‍යත්වයට නිගාදෙන වෙනස් කොට සැලකීම නුදුරේම නිමාවිය යුතුය.

 

AFP -ඇසුරිණි.

MOST VIEWED VIDEO STORIES

MORE >>