Back to Top

2014.03.27

March 27, 2015  


මේෂ

තමාගේ වටිනා බඩු බාහිරාදිය අතුරුදන්වීමට හෝ සොර සතුරු කරදර වලට මුහුණපෑමට ඉඩ ඇති බැවින් ඒ ගැන කල්පනාවෙන් සිටින්න.
ජය අංකය -04

 වෘෂභ

තුනටියේ අමාරු‍ මෙන්ම පෙනහළු ආබාධ වලට ලක්වීමට ඉඩ ඇති බැවින් ශරීර සෞඛ්‍ය ගැන උනන්දුවෙන් කටයුතු කරන්න.
ජය අංකය-04

මිථුන 

ගේ ‍දොර කටයුතු ගැන තිබූ උනන්දුව හීන වීමට ඉඩ ඇති අතර පවුලේ සාමය සමාදානය අඩු වී පවුල් ආරවුල් ඇතිවීමට පවා ඉඩ ඇත.
ජය අංකය-02
 
කටක 

කෘෂිකර්මාන්තයේ හෝ අපනයන භෝග වගා වල නිරත අයට තම කටයුතු වලින් ඉහළ ආදායමක් ලබා ගැනීමට හැකිවනු ඇත්තේය.
ජය අංකය-06
 
සිංහ

පත පොත කෙරෙහි ඇති ඇල්ම වර්ධනය වන අතර ‍ෙල්ඛන කලාවේ නිරත වූවන්ට තම කටයුතු සාර්ථක කර ගැනීමට හැකිය.
ජය අංකය-02

 කන්‍යා

ගමන් බිමන් වල යෙදීමේදී හදිසි අනතුරු වලට මුහුණපෑමට ඉඩ ඇති බැවින් විනෝද ගමන් දුර බැහැර ගමන් බිමන් වලදී ප්‍රවේශම් වන්න.
ජය අංකය-03

 තුලා
 
අවිවාහකව සිටින අයට සාර්ථක මංගල යෝජනා ඉදිරිපත් වීමට ඉඩ ඇති අතර එම කටයුතු ‍බොහෝ දුරටම සාර්ථක වනු ඇත්තේය.
ජය අංකය-03
 

වෘෂ්චික 

කලබල වී ගන්නා හදිසි තීන්දු තීරණ නිසා පසුම පසුතැවිලි වීමට ඉඩ ඇති බැවින් දෙවරක් සිතා ඒ ගැන කටයුතු කරන්නේ නම් යහපත් වේ.
ජය අංකය-04


 ධනු 

ආවේගකාරීව කටයුතු කිරීමට යාමෙන් තම හිතවතුන් පවා අහිමිවීමට ඉඩ ඇති  බැවින් හැකිතාක් දුරට ඉවසීමෙන් කටයුතු කිරීමට උත්සාහ ගන්න.
ජය අංකය-08


 මකර 

දාර්ශනික අදහස් පහල වන දිනයකි. කෙසේ වුවත් ගිහි ජීවිතය පිළිබඳව කළකිරීමට මෙන්ම කනස්සලු වීමට පවා ඉඩ ඇත්තේය.
ජය අංකය-09


 කුම්භ 

ආගමික කටයුතු කෙරෙහි දැඩි උනන්දුවක් ඇතිවීමට ඉඩ ඇත්තේය. පූජ්‍ය පක්ෂයේ ප්‍රසාදයට හේතුවන අතර වන්දනා ගමන් වලට ද හේතුවේ.
ජය අංකය-01


මීන 

තමා පිළිබඳව අධි තක්සේරුවෙන් කටයුතු කිරීම නිසා අන් අයගේ හිත් අමනාපවීම් වලට හේතුවිය හැකි බැවින් සමාජය තුළ හැසිරීමේදී ප්‍රවේශම් වන්න.
ජය අංකය-05


ජ්‍යෝතිෂ හා වාස්තු විද්‍යාවේදී
චන්ද්‍රසිරි ශ්‍රියානන්ද ද සිල්වා
පුස්තකාලයාධිපති (විශ්‍රාමික)
සීමන් මාවත, මිනුවන්ගොඩ


MOST VIEWED VIDEO STORIES

MORE >>