Back to Top

2014.02.27

February 27, 2015  



මේෂ

හදිසි තීන්දු තීරණවලට එළඹීමෙන් තම ධණයත් ගෞරවයත් නැති වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව තම කටයුතු වල යෙදීම සුබදායකය.

ජය අංකය -08

 

 වෘෂභ

අතිරේක ආදායම් මාර්ග කෙරෙහි හිත යොමුවන අතර නව ව්‍යාපාරික අවස්ථාවන්ට අවශ්‍ය හිතකර වාතාවරණක් උදාකර ගැනීමට හැකිවේ.

ජය අංකය-09

 

මිථුන 

අවිවාහකව සිටින අයට මෙන්ම ප්‍රේම සබඳතා බිඳීමෙන් හිත් පීඩනයට පත්ව සිටින අයට නව මංගල කාරණා ඉෂ්ඨ සිද්ධවීමට පසුබිමක් ඇතිවේ.

ජය අංකය-09

 

කටක 

ආගමික කටයුතු පිළිබඳව නව පිබිදීමක් ඇති වන අතර පූජ්‍ය පක්ෂය හා සමීපව කටයුතු කිරීමට සිදුවීමට ඉඩ ඇති අතර වන්දනා චාරිකාවලට හේතුවේ.

ජය අංකය-01

 

සිංහ

රැකියා ස්ථානයේ අවිවේකී බව වැඩිවීමට ඉඩ ඇති අතර මානසික අසහනය නිසා වැඩකටයුතු අවුල්කර ගැනීමට පවා ඉඩ ඇත්තේය.

ජය අංකය-04

 

 කන්‍යා

පොත පත ලිවීමටත් කියවීමටත් දැඩි අවධානයක් යොමුවීමට ඉඩ ඇති අතර ඥාණය වර්ධනය කිරීමට හැකි පසුබිමක් ඇතිවේ.

ජය අංකය-05

 තුලා 

චිත්‍ර ශිල්පය මෙන්ම සංගීතය වැනි කලා කටයුතු වල නිරත වූවන්ට තම නිර්මාණ ශක්තිය නිසාම මහජන ප්‍රසාදයට හේතුවන අතර ආදායම් තත්ත්වය ද සරුවේ.

ජය අංකය-06

 

වෘෂ්චික 

අන් අයට උදව් කිරීමේදී ප්‍රවේශමින් කටයුතු කරන්න. සමහර විට ඔබට ඒ නිසාම නරක නාමයක් ඇතිවීමට ඉඩ ඇත්තේය.

ජය අංකය-03

 

 ධනු 

ආවේගකාරී අදහස් හා හැසිරීම නිසා තම සමීපතම හිත මිතුරන් පවා විරසක වීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.

ජය අංකය-04

 

 මකර 

අසාධ්‍ය රෝග වලින් පෙළුණ අයට එම තත්ත්වය සුව අතට හැරීමට ඉඩ ඇති අතර මානසික අසහනය පවා සමනය කර ගැනීමට හැකිවේ.

ජය අංකය-01

 

 කුම්භ 

වෙළඳ ව්‍යාපාර කටයුතු වලින් පාඩු විඳීමට සිදුවිය හැකි බැවින් හවුල් ව්‍යාපාර කටයුතු වලදී අවධානයෙන් කටයුතු කරන්න.

ජය අංකය-03

 

මීන 

ගිවිසුම් වලට එළඹීම මෙන්ම ඇප අත්සන් කිරීම වැනි කටයුතු වලදී ඔබ රැවටීමට හසුවීමට ඉඩ ඇති බැවින් එවැනි කටයුතු වලදී ප්‍රවේශම් වන්න.

ජය අංකය-04


ජ්‍යෝතිෂ හා වාස්තු විද්‍යාවේදී

චන්ද්‍රසිරි ශ්‍රියානන්ද ද සිල්වා

පුස්තකාලයාධිපති (විශ්‍රාමික)

සීමන් මාවත, මිනුවන්ගොඩ

MOST VIEWED VIDEO STORIES

MORE >>