Back to Top

2014.11.24

November 24, 2014  


 

මේෂ

ඔබගේ හෝ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අධික ලෙස විය පැහැදම් කිරීමට සිදුවනු ඇතකෙසේ  වෙතත් ඉන් සාර්ථක ප්‍රතිඵල අත්වේ.

ජය අංකය 09

 

වෘෂභ 

බුද්ධිය  මෙහෙයවා  කරන  කටයුත්තකින් සාර්ථක  ප්‍රතිඵල  අත්වේ. විශේෂයෙන් නීති වෘත්තියේ නියැළුණ අයට වඩාත් සුබදායක වනු ඇත.

ජය අංකය- 05

 

මිථුන  

උසස්  අධ්‍යාපන කටයුතුවල මෙන්ම  තාක්ෂණ හෝ කාර්මික අධ්‍යාපන කටයුතුවල ඉගෙනුම ලබන්නන්ට සුබඵල දායන දිනයකි. විදෙස් ශිෂ්‍යත්ව පවා ලැබීමට හේතුවේ.

ජය අංකය- 08

 

  

කටක  

හදිසි ආපදා හෝ අනතුරුවලට මුහුණපෑමට සිදුවුවත් ඉන් බරපතළ හානි සිදු නොවේ. කෙසේ හෝ රෝගී තත්ත්වය අසාධ්‍ය වන්නේ නැත.

ජය අංකය- 06

 

  

සිංහ 

පවුලේ සමීපතම කෙනෙකුගේ රෝගී තත්ත්වයක් නිසා වෙහෙස මහන්සි වීමට සිදුවේ. කෙසේ හෝ රෝගී තත්ත්වය අසාධ්‍ය වන්නේ නැත.

ජය අංකය- 06



කන්යා   

නිධන් ගතව පැවැති රෝගයක් යළි මතුවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න. කෙසේ වුවත් සෞඛ්‍ය තත්ත්වය එතරම් අයහපත් නොවේ.

ජය අංකය- 04


 තුලා  

සෙම් අමාරු පෙනහලු ආබාධ මෙන්ම වෙනත් රෝගාබාධ වැළඳීමට පුළුවන. ළඟම ඥාතියෙකු ගැන දුක්මුසු පුවතක් අසන්නට  ඉඩ ඇත.

ජය අංකය- 09


වෘෂ්චික  

නව නිවසක් තැනීමට පසුබිම සකස් වන අතර ධන ලබායක් හෝ ඉඩම් ලාභයක් ගෙනදීමට හේතුවේඅන්සතු වත්කමක් ලැබීමට ඉඩ තිබේ.

ජය අංකය- 07


ධනු  

අධ්‍යාපන කටයුතුවලින් හෝ රැකියා සම්බන්ධ කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල අත්වේ. ව්‍යාපාරික අංශයෙන් හෝ හවුල් ව්‍යාපාරවලින් ලාබ ලැබේ.

ජය අංකය- 03


මකර  

අධ්‍යාපන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල නොලැබීමට ඉඩ තිබේ. අනවශ්‍ය කටයුතුවලට මැදිහත් වීමෙන් නීතිමය තත්ත්වයන්ට පවා මුහුණ පෑමට සිදුවිය හැකිය.

ජය අංකය- 08



කුම්භ  

ආගමික කටයුතුවලට හෝ ආගමික උත්සවයකට සහභාගිවීමට සිදුවේ. නැතහොත් වන්දනා ගමන් බිමන්වලට  හේතුවේ

ජය අංකය- 04

 

මීන  

තැන්පත් ධනය වැය වීමට හේතු කාරණා සිදුවීමට ඉඩ ඇත්තේය. විශේෂයෙන් ණය තුරුස් නිසා හිතේ අසහනකාරී බව වැඩිවේ.

ජය අංකය- 01


 ජ්යෝතිෂ හා වාස්තු විද්‍යාවේදී

චන්ද්‍රසිරි ශ්‍රියානන්ද  සිල්වා 

පුස්තකාලයාධිපති (විශ්‍රාමික)

සීමන් මාවත, මිනුවන්ගොඩ

MOST VIEWED VIDEO STORIES

MORE >>