Back to Top

2014.09.23

September 23, 2014  


මේෂ

ක්‍රීඩා කටයුතු වලින් උසස් ජයග්‍රහණ ලැබීමට ඉඩ ඇති අතර දුර පළාත්වල සංචාරය කිරීමටද හැකිවෙයි.  ගමන් බිමන් බහුලවනු ඇත.

ජය අංකය   -     06

 

වෘෂභ 

පවුල් සංස්ථාව තුළ තම යුතුකම් උපරිම අයුරින් ඉෂ්ඨ කිරීමට උත්සහා ගන්නා දිනයකි. පවුලේ සමගිය සාමය තහවුරු වන්නේය.

ජය අංකය- 09

 

මිථුන  

නව නිවසක් මිලදී ගැනීමට හෝ පදිංචි ස්ථානයේ සුබදායක ලෙස වෙනස්වීමකට ඉඩ තිබේ. හදිසි ධන ලාභ වලටද හේතුවනු ඇත්තේය.

ජය අංකය- 07

 

කටක  

දේශපාලනයේ නිරතවූවන්ට ඉතාමත් යහපත් දිනයකි.  තමා සිතන පතන ආකාරයට වැඩ කටයුතු සිද්ධවීමට ඉඩ ඇත්තේය.

ජය අංකය- 05

 

සිංහ 

මුදල් සම්බන්ධ කටයුතු වලදී දුරදිග නොබලා කටයුතු කිරීමෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.

ජය අංකය- 04

 

කන්යා

දුර පළාතක වෙසෙන වැඩිහිටි ඥාතියෙකු වෙනුවෙන් තම කාලයක් ධනයත් ශ්‍රමයත් වැය කිරීමට සිදුවෙයි.  ගමන් බිමන් බහුල වනු ඇත.

ජය අංකය- 06

 

තුලා  

ව්‍යාපාරික කටයුතු වලදී පාඩු ලැබීමට ඉඩ ඇත. මුදල් ගනුදෙනු වලදී දෙවරක් සිතාබලා තීරණ වලට එළඹෙන්න.

ජය අංකය- 08

 

වෘෂ්චික  

හදිසි ධන ලාභ වලට මෙන්ම පිය පස ඥාතීන්ගෙන් උරුම හිමිකම් හිමිවීමටද ඉඩ ඇත්තේය. ආදායම් තත්ත්වය වර්ධනය වෙයි.

ජය අංකය- 01

 

ධනු  

කලා අංශයේ නිරතවන අයට සාරවත් ආදායම් තත්ත්වයට උරුමකම් කියන අතර සාහිත්‍ය කරනයේ නිරත වූවන්ට මහජන ප්‍රසාදය හිමිවෙයි. 

ජය අංකය- 09

 

මකර  

සෙම් අමාරු මෙන්ම උදරයාබාධ වලටද හේතුවීමට ඉඩ ඇති අතර අනවශ්‍ය ගමන් බිමින් නිසා නොසිතුවිරූ කරදර වලටද මුහුණදීමට පුළුවන.

ජය අංකය- 02

 

කුම්භ  

වාහන ලාභයක් හෝ චංචල දේපළක් හිමිවීමට ඉඩ ඇති අතර දුර පළාත්වල සංචාරය කිරීමටද ඉඩ ඇත.

ජය අංකය- 07



මීන  

කලක් තිස්සේ බලාපෙරොත්තුවෙන් සිටි ප්‍රාර්ථනාවක් ඉටුවීම නිසා දවස පුරාම සතුටින් කාලය ගතවීමට ඉඩ ඇත. විනෝද චාරිකා වලටද හේතුවෙයි.

ජය අංකය- 04

ජ්‍යෝතිෂ හා වාස්තු විද්‍යාවේදී

චන්ද්‍රසිරි ශ්‍රියානන්ද ද සිල්වා

පුස්තකාලයාධිපති (විශ්‍රාමික)

සීමන් මාවත, මිනුවන්ගොඩ

MOST VIEWED VIDEO STORIES

MORE >>