Back to Top

2014.07.29

July 29, 2014  

මේෂ

මව්පස ඥාතියෙකුගේ ආධාර උපකාර හිමිවීමට පුළුවන. තරඟ විභාගාදියෙන් විශිෂ්ට ප්‍රතිඵල අත්වීමට පුළුවන. උත්සව අවස්ථාවන් ඇතිවේ.

ජය අංකය - 08

 

වෘෂභ


පවුලේ සමගිය තහවුරු වේ. සහෝදර බැඳීම් අලුත්වන දිනයකි. නව රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට යහපත් දවසකි.

ජය අංකය-05

 

මිථුන 

ආගමික කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු කරයි. සමහර විට වන්දනා ගමන් බිමන් වලට ද හේතුවිය හැකිය.

ජය අංකය-01

 

කටක 

හදිසි විදෙස් ගතවීමක් පිළිබඳව බලාපොරොත්තු ඉටුවීමට ඉඩ ඇත්තේය. දුර බැහැර ගමන් බිමන් යෙදේ. අවිවේකී බව දැඩිවේ.

ජය අංකය- 09

 

සිංහ

රැකියාවේ ගැටළුවක් දුර දිග යාමට හෝ රැකියාවේ ස්ථාන මාරුවක් ඇතිවීමට ද ඉඩ ඇත්තේය. ගමන් බිමන් බහුලවේ.

ජය අංකය- 04

 

කන්‍යා

අලුත් හිතවතුන් දැන හැඳින ගැනීමට අවස්ථාව උදාවේ. උත්සව හෝ ප්‍රිය සම්භාෂණ වලට සවස් කාලයේ සහභාගිවීමට ඉඩ ඇතිවේ.

ජය අංකය-02

 තුලා 

පවුලේ ආගමික කටයුත්තක් වෙනුවෙන් වෙහෙස මහන්සි නොබලා කටයුතු කිරීමට සිදුවේ. පූජ්‍ය පක්ෂයේ ප්‍රසාදයට හේතුවේ.

ජය අංකය-04

වෘෂ්චික 

විවාහ අපේක්ෂකයින්ගේ බලාපොරොත්තු ඉටුවන දිනයකි. වෙනදාට වඩා ප්‍රබෝධයෙන් වැඩ කටයුතු කිරීමේ හැකියාව ඇත්තේය.

ජය අංකය-07

ධනු 

හදිසි වැටීම් තැලීම් වලට හේතුවන දිනයක් බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. විශේෂයෙන් ගමන් බිමන්වලදී කල්පනාකාරී වන්න.

ජය අංකය-06

 

 මකර 


ව්‍යාපාර කටයුතු වලින් අධික ලාබ ලැබීමට  හේතුවේ. එහෙත් වියදම් පක්ෂය ද අධික වන බව පෙනේ. අවිවේකී බව බලපායි.

ජය අංකය-03

 

 කුම්භ 

පවුලේ කෙනෙකුගේ හදිසි විදෙස් ගතවීමකට හේතුවන අතර ගමන් බිමන් බහුල වන දිනයකි. වැය පක්ෂය අධික වේ.

ජය අංකය-08

මීන 

දවස උදාවීමත් සමග නොසිතු වාසනාවක් උදාවීමට ඉඩ ඇත්තේය. යහපත් ලෙස දවස ගෙවී යයි. උත්සව අවස්ථා උදාවේ.

ජය අංකය-09

ජ්‍යෝතිෂ හා වාස්තු විද්‍යාවේදී

චන්ද්‍රසිරි ශ්‍රියානන්ද ද සිල්වා

පුස්තකාලයාධිපති (විශ්‍රාමික)

සීමන් මාවත, මිනුවන්ගොඩ


MOST VIEWED VIDEO STORIES

MORE >>