Back to Top

2014.07.24

July 24, 2014  


මේෂ

කලක් සමීපව ඇසුරු කළ අයෙකු මුණ ගැසීමෙන් නව සබඳතාවකට මුල පිරේ. ඇස්වල හා හිසේ ආබාධ මතුවීමට ඉඩ ඇති දිනයකි.

ජය අංකය06

 

වෘෂභ 

උදරාබාධ හෝ මූත්රා ආබාධ ඇතිවීමට හේතුවේ. වකුගඩු ආබාධයකින් පෙළෙන්නේ නම්  පිළිබඳව විමසිලිමත්ව සිටින්න. 

ජය අංකය-02

 

මිථුන  

පවුලේ සාමාජිකයෙකු හෝ ඔබ විදේශ ගමන් බිමන් පිළිබඳව බලාපොරොත්තුව සිටියේ නම් එම කටයුතු සඵල වන දිනයකි‍.

ජය අංකය-09

 

 

කටක  

ඔබ ජීවත් වන පරිසරය හෝ වටා පිටාව හෝ නිවස අලංකාර කිරීමට කටයුතු යෙදේ. නැතහොත් නව නිවසක පදිංචිවීමට පවා හේතුවේ. යහපත් දිනයකි.

ජය අංකය-07

 

සිංහ 

හදිසි අනතුරු වලට ලක්වීමට ඉඩ ඇති බැවින් ගමන් බිමන් යාමේදී සැලකිලිමත් වන්න. විශේෂයෙන් ඈත පළාත්වල සංචාරය කිරීමෙන් මුහුදු ගමන්වල නිරත වීමෙන් වළකින්න.

ජය අංකය-03

 

කන්යා 

ධර්මානුකූල කටයුතු කෙරෙහි හිත යොමුවන දිනයකි. හිත සන්සුන් වන කරුණු පිළිබඳව කල්පනාකරයි. වන්දනා ගමන් බිමන් යෙදීම, ආරණ් සේනාසන වන්දනා කිරීමට පවා සිත්වේ.

ජය අංකය-09

  තුලා  

පවුලේ අසමගිය, පවුල් ආරවුල් ඇතිවීමට ඉඩ ඇත. එමෙන්ම අනියම් සබඳතා නිසා නින්දා අපහාස මෙන්ම ඇසුරු කරන්නවුන්ගේ දෝෂාරෝපණයට ලක්වීමට පවා පුළුවන.

ජය අංකය-05

 

 

වෘෂ්චික  

කාලයක් තිස්සේ බලාපොරොත්තුව සිටි දෙයක් අහිමිවීමෙන් කම්පාවීමට සිදුවේ. හිතේ නොසන්සුන් බව වැඩිවන අතර අසහනයෙන් කාලය ගතවේ.

ජය අංකය-04

 

ධනු  

ධන හානී මෙන් ආර්ථික අපහසුතා ඇති වන දිනයකි. හවුල් ව්යාපාර කටයුතු කිරීමෙන් වළකින තරමට ඔබට යහපතක්ම සිදුවේ. තැන්පත් ධනය වැයවීමට හේතුවේ.

ජය අංකය-02

 

 මකර  

ජනමාධ් හෝ ජන සන්නිවේදන කටයුතුවල යෙදෙනවුන්ට තම අභිප්රායන් සාර්ථක කර ගත හැකි දිනයකි. ලේඛන කලාව, සාහිත්, නව නිර්මාණ කරන්නන් හට සුබදායක වේ.

ජය අංකය-08

 

 කුම්භ  

ලැබීම් අතින් යහපත් දිනයකි. මෙතෙක් කලක් හිතෙන් අයින්කර තිබූ ණය මුදලක් හදිසියේම ඔබ අතට පත්වීමට හේතුවේ.

ජය අංකය-01

 

මීන  

පිය පසින් උරුම හිමිකම් ලැබෙන දිනයකි. විශේෂයෙන් නිවාස හෝ දේපළ ලාබයක් අත්වීමට ඉඩ ඇත්තේය.

 

ජය අංකය-07

ජ්යෝතිෂ හා වාස්තු විද්යාවේදී

 

චන්ද්රසිරි ශ්රියානන්ද  සිල්වා 

 

පුස්තකාලයාධිපති (විශ්රාමික)

 

සීමන් මාවත, මිනුවන්ගොඩ

MOST VIEWED VIDEO STORIES

MORE >>