Back to Top

වලිගේ පාගගෙන තියෙන්නේ....

June 18, 2014  

වලිගේ පාගගෙන තියෙන්නේ....

ළහිරු පෙරේරා යන නම කිව්ව සැනින් ඕන කෙනෙක්ට මතක් වෙනනේ රම්බරී ගීතය සහ  ලා සිංඤෝව  . මේ අමුතුම මාදිලියේ ගීතය නිසාසහ ලා සිංඤා චරිතය නිසා  ඉමහත් කීර්තියක් අත්කර ගෙන සිටින ඔහු මේ වන විටගායන  ක්ෂේත්යේ සිටින කාර්යබහුලම ගායකයෙක්. ඔහු පසුගිය දවස්වල දෙරණ මියුසික් වීඩියෝ අවඩ්ස් සම්මාන උළෙලේදී සිය ගීතය වෙනුවෙන් සම්මාන කිහිපයකින්ම පිදුම් ලැබුවා. අද ආලින්දයේ සොඳුරු කතාබහ සමඟ එක්වෙන්නේ ළහිරු පෙරේරා‍.

 

*ළහිරු ඉතින්  කොහොමදජීවිතේ?

 

 මේ දවස්වල හොඳයි, මේ සවස්වල මාව වැඩි දෙනා අතරට කතා වෙන්නේ මොට්ටු ගීතයෙන්. ඊට පස්සේ ගීතයක් දැම්මත්, තවමත් වැඩිදෙනා අතර කතා වෙන්නේ මොට්ටු ගීතයයි. මේ දවස්වල සින්දු කියාගෙන ඉන්නවා.

 

 

*ඔබ සංගීත ක්ෂේත්‍රයට  පිවිසුණේ කොහොමද?

 

අපේ තාත්තා කියනවා සංගීතය කරන්න කියලා. මොකද ඇත්තටම මම කැමති වෙලා හිටියේ චිත්‍ර අඳින්න. මං පාසලේ විෂයක් හැටියට කළේ චිත්‍ර අඳින එක. ඇත්තටම තාත්තගේ කීමට තමයි මං මියුසික් කළේ. තාත්තා කිව්වා‍ මට තාත්තත් සින්දු කියන්න ආසයි. පුතත් සින්දු කියලා බලන්නකෝ කියලා.   ඉතින් කරන්න පටන් ගත්තා ගත්තාමයි. දැන් සංගීතය ගලවා ගන්න බැරුව ඉන්නේ.  ඊට පස්සේ  මං පාසලේදී 6 වැනි  වසරේ සිට විෂයක් විදියට සංගීතය කරන්න පටන් ගත්තා‍.  සුමනා රන්දරී   මැඩම් ළඟට ගියා ඊට පස්සේ නයනා කුමාරසිංහ මැඩම් ළඟට ගියා. එතනින් එහාට උසස් අධ්‍යාපනය ලැබුවේ ශබ්ද පරිපාලන අංශයෙන්.

 

  

* Derana Music Video Awards සම්මාන උළෙලේදී ඔබ ඇගයීමට ලක්වුණා.   සතුටුද ඔබට ඒ පිළිබඳව. ඔබට  ලැබුණු ඒ ඇගයීමත් එක්ක ඔබේ සංගීත දිවියේ ඉදිරි  ගමනට තවත්  පිටුවහලක් ලැබුණා නේද? ඒ ගැනත් මේ වෙලාවේ ප්‍රේක්ෂකයින්ට කියමු?

 

ඇත්තටම ඉතා ලොකු සතුටක් තියෙනවා. මොකද මං හොඳ අවස්ථාවක් කරගන්නවා මොකද ලා සිංඥා කියන සංකල්පය සහ දෙරණින් උදව්වක් වුණා මට මේ ගීතය සමාජගත කරන්න. මොක මට ලා සිංඥා කියන සංකල්පය ඉස්සල්ලාම ආවේ චරිතය ඊට පස්සේ තමයි සංකල්ලපය ආවේ. ඇත්තටම ගොඩාක් මහන්සි වුණා අපි. ඒ ගවුම හැදුවේ අපේ අක්ක‍ා, කොන්ඩේ හැදුවේ අසංඛ, ‍ඒ ගීතයේ ලෝගෝ එක හැදුවේ රවී, පහලවක පමණ පිරිසක් මේකට මහන්සි වෙලා තියෙනවා. ඒ කියන්නේ කිසිම ගාස්තුවක් අය නොකර,  ලා සිංඥා බ්‍රැන්ඩ් එක හදන්න මහන්සි වුණා. ඉතින් ඒ බ්‍රැන්ඩ් එක හොඳ තැනකට ගියම පස්සේ මං ඒ ඔක්කෝටම සලකනවා. ඉතින් ඒ හදපු බ්‍රැන්ඩ් එක නිසා තමයි මගේ මොට්ටු  ගීතය ඇගයීමට ලක් වුණේ. ඇත්තටම මේ වගේ ඇගයීමක් කරපුවාම අපිට ඉදිරියේදීත් වැඩ කරන්න හිතෙනවා. ඒ කියන්නේ දැන් ගොඩාක් දේවල් හොඳ නෑ, ජනප්‍රිය දේවල් සම්මාන ගන්න සුදුසු නෑ කියලා  මට්ටමට ලංකාවේ ඇතැම් කට්ටිය හිතනවා. සම්භාවගනයේ  දේවල්වලට විතරයි සම්මාන ගන්න සුදුසු කියල‍ා මතයක් තියෙනවා.


ඒක දෙරණ නාලිකාවක් විදියට ආදුණිකයින්ට ලොකු තැනක් දීල‍ා තියෙනවා .  දෙරණට මේ ආලින්දය කරන්න ආපු වේලාවෙත් මං බැලුවාම අලුත් කට්ටියගේ සිංදු යනවා මං දැක්ක‍ා. ඉතින් ඒක තමයි වෙන්න ඕන. ඒ කියන්නේ අපේ රට කොහොමත් බාර ගන්නේ අලුත් කට්ටියනේ. දැන් මට අවුරුදු 30යි, මට පුතෙකුත් ඉන්නවා, දැන් කොන්ඩෙත් ඉදිලා තියෙන්නේ මගේ.  සෑහෙන්න ඉක්මනට අපේ කාලය ඉවර වෙනවා. තාමා නෑ ඒ කිව්වට මං තව ඉන්නවා. බය වෙන්න එපා.  එහෙම ඉවර වෙනකොට අපි අපේ අලුත් කට්ටියක් හදාගන්න ඕන.  ඉතින් දෙරණ ඇත්තටම අලුත් කට්ටියට උදව්වක් කරනවා.  මගේ පළමුන ගීතය වන මන බැන්දූගීතයේ ඉඳලා  මේ වගේ සම්මුඛ සාකච්ඡා හම්බ වුණේ දෙරණින් මට.  මේ දක්වා දාපු හැම ගීතයකටම හැකිතාක් ප්‍රචාරණය දීලා  තියෙනවා දෙරණින්.


ඉතින් ඒ වගේ  තමයි අපි කියලා විශේෂත්වයක් දක්වන්නේ නෑ.  අලුතින් එන හැමෝටම උදව් කරනවා, දෙරණේ තියෙනවා මියුසික් ඔන්ලයින්,  ඊට පස්සේ juke bokes,  ඒ හැම එකකටම අලුත් කට්ටිය ගෙන්වනවා.  ඒක තමයි තියෙන්න ඕන.  දෙරණින් මේ කරන වැඩේට ගොඩක්ම ස්තූතියි. මොකද මම දන්නවා මොකක් හරි වැඩසටහනක් නිෂ්පාදනය කරනවා කියලා කියන්නේ  ගෙදර ඉඳන් බලන කට්ටියට මේක තේරෙන්නේ නැහැනේ. දෙයක් නිෂ්පාදනය කරනවා කියලා කියන්නේ ලොකු වැඩක්.  අනුග්‍රාහකයෝ හොයා ගන්න ඕන. ඒ වගේ ලොකු වැඩක් නිෂ්පාදනය කරනවා කියනේ. ඇතැම් විට  ජනප්‍රිය කට්ටිය දාලා කරලා විකුණ ගන්න ලෙසී කියන්න පුළුවන්. එතකොට අනිත් පැත්තෙන් බැලුවාම අලුත් කට්ටියට දෙන තැන.  කිසිම ජනප්‍රියත්වයක් නැතුව එගොල්ලේ ජනප්‍රිය  තත්ත්වයට ගේන්න  උත්සහ කරනවා. එහෙම ගේන්න ගොඩාක් වියදම් යනවා. එක ගොඩාක් කට්ටියට තේරෙන්නේ නෑ.


ඉතින් ඒක නිසා Derana Music Video Awards කියන්නෙත් අපිට තියෙන එකම සම්මාන උළෙල‍. ඉතින් මං කියනේ සංගීතඥයෝ ඔක්කෝම එකතු වෙලා මේක ගොඩනගන්න උත්සහ කරන්න ඕන මොකද අපිට තියෙන එකම දේ තමයි මේක.  ඉතින් බොහෝමත්ම ස්තූතියි දෙරණ කියලා තමයි මට කියන්න තියෙන්නේ.  

 

 

 * මේ දිනවල  ක්ෂේත්‍රයේ ගීතයක් ගායනා කළාට ක්ෂේත්‍රය තුළ  දිගු ගමනක් යන්න යන්න බෑ අනිවාර්යෙන්  වීඩියෝවක් කළ යුතුයි කියලා  සමාජයේ මතයක් හැදිලා තියෙනවා මේ පිළිබඳව ඔබ දරණ අදහස කුමක්ද ?

 

මේක එක එක කාලයට එක එක අයට එක එක විදියේ ප්‍රමාණ වලින් ප්‍රශ්න එනවා.  මටනම් කියන්න තියෙන්න තමන්ට එක තැනකට එන්න තියෙනවා නම්. තමන්ට හිතේ හයිය තියෙනවා නම්,  තමන්ට මේක කරන්න ඕන නම් එක කරගන්න එක තමන්ම දැන ගන්න ඕන.  ඒක තමයි ඇත්ත කතන්දරේ.  තමන්ට මොකක්ද කරන්න ඕන ඒ සඳහා මොකක්ද අපි කරන්න ඕන කියන එක හිතන එකයි. නැත්නම් ඕඩියෝ එකක් දැම්මට වැඩක් නෑ කියලා හිත හිත ඉන්න එක නෙවෙයි. දැන් අපි ගත්තොත් ජනා. ජනාගේ ගීත රූපවාහිනියෙන් ගිහිනුත් නෑ, රේඩියෝ එකෙනුත් ගිහින් නෑ. නමුත් රිගින් ටෝන් වල ඒ වගේ විවිධ විවිධ ඒ වල අමුතු විදියේ ජනප්‍රියත්වයක් අරගෙන තියෙනවා ඔහු. මං දැකලා තියෙනවා ප්‍රසිද්ධ වේදීකාව තුළ ජනා කියපු ගමන් එයාට සෑහෙන්න තැනක් තියෙනවා. ඉතින් ඒ එයාගේ පින.  ඉතින් තමන්ගේ දේට තමන් යන්න දැන ගන්න ඕන. ‍ මේක ඇවිල්ලා ඕඩියෝ එකක්ද වීඩියෝ එකක්ද කියල‍ා අදාළත්වයක් නෑ.

 

* දැන් අපි පිවිසෙමු ඔබගේ මේ දිනවල ජනප්‍රියතම ගීතය වන  ලා සිංඤෝ ගීතයට. මේ ගීතය නිර්මාණය කරද්දී ඔබට අමතක නොවන අත්දැකීම් අනිවාර්යෙන් ඇති. ඒ පිළිබඳවත් අපි මතක් කරමු?

 ලොකුම ප්‍රශ්නේ තමයි මගේ ‍රෝම කූප ඉවත් කරන්න සිද්ධ වුණා. අයේෂ් අයියා සහ මම වීඩියෝ එකක් බලද්දී තමයි එක පාරටම අදහසක් අවේ මේක අපි  කරන්න ඕන කියලා. අපි ගැණූ කෙනෙකුට අඳින්න ඕන කියලා හිතුවා.  හැබැයි අඳින්න ඕන ගෑණු කෙනෙකුත් නොවන පිරිමි කෙනෙකුත් නොවන පුද්ගලයෙකුට. හැබැයි මම  හිතුවා එහෙම වෙන්න ඕන නෑ මම කෙලින්ම ගැහැණු චරිතයනක් රඟපානවා කියලා හිතුවා.  ඊට පස්සේ ඒකට කරන්න ඕන දේවල් කරා.  ඊට පස්සේ ගැහැණු කෙනෙකුට වගේ තියෙන අංග උපාංග  ගත්තා ඒවා සෙට් කරලා බලද්දි මදි මට පොඩියි එවා . මොකද නැත්නම් එවා හරියට පෙන්නේ නැහැනේ.  ඒකට අපි කළේ ඒක අස්සට අපි ඉටි  කවර වාගේ වටේ තියෙන පොඩි පොඩි කෑලි දැම්මා. දාලා ගවුමක්  ඇඳලා අපි බල බල හිටියා.  එතකොට අම්මා කෙනෙකුයි දුවෙකුයි අපි හිටිය කඩේට ඇඳුම් ගන්න ඇවිල්ලා. මං දිහා එක පාරටම බැලුවා එයාලා . මං  එතකොට නිකමට ඒ චරිතය   රඟපාමින් සිටියේ.  ඇත්තටම මං හිතන්නේ ඒ ගැණු ළමයාට තාම හිතා ගන්න බැරුව ඇති මං එතන මොකද කළේ කියලා.  අනිත් එක තමයි මගේ රෝම කූප ඉවත් කරන්න සිද්ධ වුණා.ඒ වේලාවේ හම ගහපු ඌරා වගේ හිටියා.  ඇත්තටම මගේ කකුලේ පේන තැන ඉඳල‍ා  රෝම කූප ඉවත් කළා. අනිත් ටික තිබුණා. මගේ මේකින් වීඩියෝ එකේ තියෙනවා ඒ ටික ලස්සනට බලන්න. මං ඇඳගෙන හිටිය ගවුමෙන් පිටතය පේන සියලුම රෝම කූප ඉවත් කරන්න සිද්ධ වුණා.  ඒ වගේමයි රැවුල කපන්නත් සිද්ධ වුණා. මගේ රැවුල ඉතාමත් හෙමින් තමයි වැවෙන්නේ.

 

 

 * සමාජය තුළ  Ringing Tone පිළිබඳව එක එක මත තියෙනවා ඇත්තටම මේ පිළිබඳව ඔබ දරණ අදහස තුමක්ද?

 

ඉතාමත් හොඳයි. ගායකයා, පද රචකයා,  සංගීතඥයා යන කට්ටිය මේ වලින් තමයි ජීවත් වෙන්නේ. සමහර කට්ටියට ඔකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ අතරට අතරමැදියෙක් ඇවිල්ලා  ඒ අතරමැදියාට අරගොල්ලන්ට වඩා වැඩි යමක් යනවා.  එතන තමයි ‍තියෙන ප්‍රශ්නේ. ගායකයා, පද රචකයා,  සංගීතඥයා යන අය මේකෙන් හම්බ කරන්න ඕන.   ප්‍රශ්නයක් වුණොත් තියෙන්නේ ඒකාකාරි ගීත බිහිවුණොත් විතරයි. ඉතින් ඒක ඒ තරම් ප්‍රශ්නයක් කර ගන්න ඕන නෑ.  මොකද මම ඒකාකාරී ගීත තියෙනවා කියන කාලයේ තමයි මොට්ටු ගීතය දැම්මේ.  මට එකෙන් තමයි ලොකු ජනප්‍රියත්වයක් ආවේ.  රන්බරී  එකට පස්සේ මට ජනප්‍රියත්වයක් ‍ආවේ මොට්ටු ගීතයෙන්.  මේකෙන් සංගීත ක්ෂේත්‍රය වැටෙනවා කියලා කියන්න බෑ.

  

* ඔබට හිතෙන විදියට ලංකාව තුළ සිටින ගායක ගායිකාවන් අතරින් දක්ෂ ගායකයා හෝ ගායිකාව කවුද?

වෙලාවට ඔබ ඔය ප්‍රශ්නේ අහුවේ.  ඔබ අහන්නේ ඔය එක පත්තරයට දාල තිබුණ දෙයක් ගැන‍ණේ. පත්තරේ දා තිබුණ දේවල් මගේ වචන නොවෙයි. ඒක ලියපු කෙනාගේ වචන තියෙන්නේ‍. මම එහෙම දෙයක් කියලවත් නෑ. එකේ රෙකෝඩින් එක තියෙනවා. රේකෝඩින්  එක ඉස්සරහට දාන එකක් නම් නෑ.‍   ”  නන්දා මාලනියට උමාරියත් එක්ක හැරෙන්නවත් බෑ”  කියලා මං  කියලා නෑ.  කතාව එගොල්ලන්ගේ පත්තරේ විකුණගන්න දාපු හෙඩින් එකක් විතරයි.  මම  වෙලාවේ කියද්දි කිව්වා කාවවත් ජීවිතයට සමාන කරන්න බෑ. කවුද දක්ෂ කියන එක අපිට කවදාවවත් කොහෙදිවත් කියන්න බෑ කියලා . දැන් බලන්න මට සමාන කරන්න පුළුවන් කවුරුවත් නෑ. මං වගේ  සිංදු කැතට කියන්න පුළුවන් කවුරුත් නෑ. පුළුවන්නම් කියන්න මං වගේ කැතට සිංදු කියන්න පුළුවන් කවුරුවත් ඉන්නවද කවුරුවත් නෑ. මට හිතෙන විදයද,මට දැනෙන විදියද දක්ෂ ගායක ගායිකානකගේ නම් දෙකක් මං එතන කිව්වා.

  
ඊට පස්සේ තමයි මගෙන් ඇහුවේ එතකොට නන්දාමාලනියන් කියන කෙනා සුපිරිතම ගායිකාවක් නොවෙයිද කියලා . එතකොට මං කිව්වා එයාලව කවදාවත් සමාන කරන්න බෑකියලා.  මොකද මං ලංකාවේ දහම් පාසල් අධ්යාපනය ලබපු, දහම් පාසලේ ප්රධාන ශිෂ්යනායකයා ලෙස සිටි එක්කෙනෙක්. මම බෞද්ධයෙක්  කියලා. මම දන්නවා සිංහල සංගීතයේ වෙනස්වීම්, සිංහල සංගීතය කොයි හරහා ගිහින් වෙනස්වීම්වලට භාජනය වෙලා තියෙනවාද, කොතනදීද නැවතුණේ, කොතනදීද පිඹිදීමක් ඇති වුණේකියන දේවල් ඔක්කෝම මම දන්නවා.    ගැන මට අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ.  මම කවදාවත් සමාන කරන්න ගිහින් නෑ, නමුත් එයාලා ඒක සමාන කරලා දාල තියෙනවා,මෙයාට වඩා මෙයා හොඳයි කියලා. ඇත්තටම කියනවානම් වලිගේ පාගගෙන තියෙන්නේ.

 මොකද නන්දාමාලනියන් කියන්නේ මම ආදරය කරන කෙනෙක් මම එතුමියගේ ගීත රසවිඳින එක්කෙනෙක්. අමරදේවයන්ගේ ගොඩාක් ගීත මම ගායනා කරලා තියෙන එක්කෙනෙක්. ඉතින්   ප්රකාශ ගැන දැකලා කාගේ හරි හිත රිදුනානම් එයාලා  මට සමාවෙන්න ඕන. මම එහෙම දෙයක් කරලා නෑ. ඔයගොල්ලෝ පේපර් අර්ටිකල් එකක් බලලා තමයි  ගැන තීරණය කරලා තියෙන්නේ.  මොකද සමහරක් වෙලාවට පේපර් අර්ටිකල්වලින්   අපි දෙන හැඟීම්    එළියට එන්නේ නෑ. හැබැයි එයාලා ඒක විකුණා ගැනීම සඳහා වෙනස් දෙයක් මිනිස්සුන්ට දෙන්න හදනවා”.

 

 

 * මේතාක් පැමිණි ගමනගැන සිතන විට ඔබ සෑහීමකට පත්වෙනවාද?


 ඇත්තම කියනවානම් දෙරණ නිසා කියනවා නෙවෙයි. මගේ පළමු සම්මානය හම්බ වුණේ 2010 Derana Music Video Awards වලින්. ඒක මගේ වෙඩින් එකේදීත් පෙන්නුවා.  ඊට අමතරව මං සිංගීතය ඉගෙන ගන්න කාලයේ මං  අපේ පාසල ඇතුලේ හිටිය ගොඩාක් ජාතීන්ට අයිති පිරිස, බ්‍රසීල් ජාතිකයින් හිටියා,  සිංගප්පූරු ජාතිකයින් හිටියා. ඒ ව‍ෙග් ගොඩාක් කටිටිය හිටියා.   ඒ අතරින් මං තමයි ශ්‍රී ලංකිකයෙක් විදියට හිටියේ.  එකේදි පළමු ස්ථානය මට ලබා ගන්න පුළුවන් වුණා.  ඒ සම්මානය ගත්තු දවසත් මට අමතක වෙන්නේ නෑ.  මං එදා මගේ ෆෝන් එකේ බිල ඉවර වෙනකන් ගොඩාක් කට්ටියට කතා කළා‍. මොකද මං සිංගප්පූරුවේනේ හිටියේ.  ඒකට හම්බවෙච්ච තෑග්ග මං ළඟ තාම තියෙනවා.  එකේදි මට හම්බ වුණේ ඔරිජිනල්  මෘතෘකාංගයක්. ඉතින් ඒ දෙක ඇත්තටම අමතක වෙන්නේ නෑ. ඒත් එක්කම බැඳපු දිනය මොකද මං අවුරුදු 9ක් තිස්සේ ආදරය කරලා තමයි බැන්දේ.  ඉතින් ඉතාමත්ම සුන්දර අත්දැකීමක්. එයත් එක්ක හිටපු කාලය. මොකද මම මගේ ජීවිතයට ඉස්සල්ලාම අවශ්‍යයි කියලා හිතුවේ එයාව. දෙවැනි එක තමයි මියුසික් කියන දේ ඕන වුණේ.  මට ඕන මේක කියලා පළමුවෙන්ම ගත්ත වස්තුව තමිය මගේ බිරිඳ. ඊට පස්සේ තමයි සංගීතය කියන දේ ආවේ.  ඉතින් සංගීතයේදීත් ගොඩාක් දේවල් මම දිනාගෙන තියෙනවා. හැබැයි මගේ පුතාගේ ඉපදීම එච්චර දෙයක් වුණේ නෑ.  හැබැයි මේ වෙනකොට මගේ පුතාය වයස අවුරුද්දයි මාසයයි.  දැන් පුතාගෙන් තොර ලෝකයක් ගැන හිතා ගන්න බෑ.  මොකද පුතෙක් ඉපදුනාම නියමයි මම තාත්තා කෙනෙක් කියන දේ ඇත්තටම මට ඇති වුණේ නෑ. හැබැයි ඊට පස්සේ එයා ලොකු වෙලා මගේ මුණ දිහා බලලා හිනා වෙන්න ගත්තාට පස්සේ  සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.  දැන් මට පුතා ගැන නොසිත බන්නවත් බෑ.  ඒ මට්ටමට ඇවිල්ල ඉන්නවා.  ඉතින් මේවා තමයි මං ජීවිතයේ ලබා ගත්තු ජයග්‍රහණ.

 

 

 *ඇත්තටම ළහිරු කියන්නේ මොන වගේ චරිතයක්ද?

 ඇත්තටම මට කාටවත් වදයක් වෙන්න බෑ.  වදයක් වෙනවානම් වෙන්නේ ඇත්තටම මගේ බිරිඳට විතරයි.  සමහරක් වෙලාවට හිත රීදීම් එහෙම ඇති වෙනවා.  ඉතින් ඇත්තටම මං ආසයි කාගේවත් හිත නොරිදවා මගේ තියෙන ඉලක්ක වලට යන්න. හීන ගොඩාක් තියෙන ඒ හීන ජයග්‍රහණය කරාට පස්සෙත් තවත් හීන ‍වැවෙන එක්කෙනෙක් මං.

 

 

MOST VIEWED VIDEO STORIES

MORE >>