ඇමති මුහුණු කිහිපයක් අලුත්වෙන ලකුණු..?
May 13, 2012
සන්ධාන ආණ්ඩුවේ අමාත්‍ය ධූර කිහිපයක් වෙනස් කරන්නත්, අලූතින් නියෝජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙක් පත් කරන්නත් සැලසුම් කෙරෙමින් තිබෙන බව අභ්‍යන්තරය ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ ආරංචි මාර්ග වලට අනුව නාමල් රාජපක්ෂ, නිශාන්ත මුතුහෙට්ටිගම, සනත් ජයසූරිය, සරත් වීරසේකර, හේමාල් ගුණසේකර, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, වී.කේ. ඉන්දික, නෙරංජන් වික‍්‍රමසිංහ, පී. දිගම්බරම් සහ ප‍්‍රභා ගනේෂන් යන අයගේ නම් කියැවෙනවා.
දුර්වල අමාත්‍යවරු ඉන්න තැන් වලට මේ අය දාන්නයි පක්ෂයේ ඉහළම තැන්වලින් උපදෙස් ලැබෙන්නේ.
මේ ආරංචිය සැලවීමත් සමග ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කලබලයට පත් වෙලා.
"මෙච්චර බඩු මිල වැඩිවෙලා.මිනිස්සුන්ට ජීවත්වෙන්න බැරි තරමට වියදම් ඉහළයි.මේ වගේ වෙලාවට ඇමති මණ්ඩලය වැඩිකරන කොට ආණ්ඩුව තවත් අපකීර්තියට පත්වෙන එකනම් වළක්වන්න බෑ."
ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කතා බහ වෙන බව ආරංචියි.