Back to Top

ඔබතුමා මට කතාවක් දෙන්න බයයිද?

May 13, 2012  


විපක්ෂයේ පක්ෂ සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරපු රනිල් වික‍්‍රමසිංහ පසුගියදා තම මන්තී‍්‍ර කණ්ඩායම කැඳෙව්වේ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සැලසුම් කරන්නයි.
එල්.එල්.ආර්.සී. වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය මෙහිදී මාතෘකාවක් වුණා.
"මේ පක්ෂයේ නියෝජ්‍ය නායකයා විදිහට මට අවස්ථාවක් දෙන්න පුළුවන්ද මේ විවාදයේදී කතාවක් කරන්න."සජිත් රනිල්ගෙන් ඇහුවා.

"ඒක කරන්න බෑ. දැනටමත් කථිකයෝ නම් කරලා ඉවරයි. රවී, මංගල, අජිත් පෙරේරා, ලක්ෂ්මන් කිරිඇල්ල ඒ සඳහා නම් කරලා තියෙනවා."

"ඔබතුමා මට කතාවක් දෙන්න බයයිද ? නැත්නම් මම කතා කරනවා හොඳ වැඩියිද ? එහෙමත් නැත්නම් ඊර්ෂයාවක් තියෙනවද ? සජිත් ඒ විදිහට ප‍්‍රශ්න අහද්දි රනිල් නෑහුනා වගේ හිටියා.

"නායකතුමා, තොරතුරු දැන ගැනීමේ යෝජනාව මමයි මීට කලින් ගෙනාවේ. මේ පාර ඒ යෝජනාව ගෙන එන එක ජෝන් අමරතුංගට දීලා. අඩුම තරමේ මට විනාඩි 05 ඒ ගැන කතාකරන්න දෙන්න පුළුවන්ද ? කරූ ජයසූරිය කාරුණිකව ඇහුවා.

"ඒ ගැන දැන්ම මට උත්තරයක් දෙන්න බෑ."

රනිල් ඒ විදිහට උත්තර දෙද්දි සජිත් යළිත් නැගිට්ටා.

"ඔබතුමාට පුළුවන් පාර්ලිමේන්තුව ඇතුළේ විතරයි අපේ කතාව නවත්වන්න. එල්.එල්.ආර්.සී. එක සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය මට අහිමි කළාට මම මාධ්‍ය හමුවක් තියලා මගේ ස්ථාවරය රටට කියනවා. පුළුවන් නම් නවත්වන්න.

සජිත්  අභියෝග කළ විදිහටම ඒ මාධ්‍ය හමුව තිබ්බා.
ඒ ඒ මාධ්‍ය හමුවේදී සජිත් දක්වපු අදහස් පිළිබඳව පසුව පක්ෂයේ බොහෝදෙනා කතා කළේ දේශපාලන ප්‍රශ්න සම්බන්ධයෙන් නිසි ස්ථාවරයක් නැති සජිත්මෙදාපාර යූ ටර්න් එකක් ගන්නට උත්සාහ දැරූ බවයි.



MOST VIEWED VIDEO STORIES

MORE >>