Back to Top

ඔබතුමාට පසුව තීරණයක් දැනුම්දෙන්නම්

May 13, 2012  


පසුගිය සිකුරාදා සවස විපක්ෂ නායක කාර්යාලයේදී දෙමළ ජාතික සන්ධානය ඇතුළු සුළු පක්ෂවල නියෝජිතයින්ගේ හමුවක් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණා.

"ජීවන වියදම වැඩි වීම, සුදුවෑන් සංස්කෘතියට එරෙහිව විපක්ෂයේ අපි ආණ්ඩුවට එරෙහිව පොදු කි‍්‍රයාමාර්ගයකට යායුතුයි. ඔයාලගේ අදහස මොකක්ද ?" රනිල් හැමෝගෙන්ම ඇහුවා.

"ජීවන වියදම කාටත් පොදුයි. ඒකට ජාති, ආගම් භේදයක් නෑ. අපි එකට එකතු වෙලා ඉදිරියටත් කටයුතු කරමු."දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගේ ප‍්‍රතිචාරය වුණා.

"ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව ගිහිල්ල අපේ මතය ඉදිරිපත් කරන්න  ඕනේ. ටී.එන්.ඒ. එකේ අයත් ඒකට ඇවිත් අදහස් පළ කළ යුතුයි නේද ?

"ඒක ඇත්ත. අපි අපේ පක්ෂයේ අය සමග සාකච්ඡා කරලා ඔබතුමාට තීරණය දැනුම් දෙන්නම්." ආර්. සම්බන්ධන් රනිල්ට උත්තර දුන්නේ හරිම ප‍්‍රවේශමෙන්.

MOST VIEWED VIDEO STORIES

MORE >>