මේ වගේ අයට දඬුවම් දෙන්න විනය කමිටු ඕන නෑ
May 13, 2012
වැලි ප්‍රවාහනය මේ වන විට දේශපාලනඥයින්ට, රාජ්‍ය නිලධාරීන්ට වගේම පොලිස් නිලධාරීන්ටත් හොඳම ඉල්ලමක් වෙලා. කෙසේ වෙතත් පසුගිය කැබිනට් රැස්වීමේදී ඒ ඉල්ලම ඔවුන්ට අහිමි කළා.
මහියංගන ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේශපාලනඥයෙකු සමග එක් වී රාජ්‍ය නිලධාරීන් වැලි ප්‍රවාහන බලපත්‍ර ලබා දීමේදී විශාල වශයෙන් මුදල් හම්බකරමින් සිටින බවට ජනාධිපතිවරයාට තොරතුරු රැසක් ලැබුණා.
ඒ ගැන හොයන්න ගියහම රටපුරාම තත්ත්වය එකහා සමාන බව දැනගත්ත ජනාධිපතිවරයා සාමාන්‍ය ජනතාව ගැන හිතලා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන්න තීරණය කළා.
ඒ තීරණය මුළු කැබිනට් මණ්ඩලය ඒකමතිකව අනුමත කළා.
"මේ වගේ වැරදි වැඩ කරන දේශපාලනඥයින්ට දඬුවම් දෙන්න විනය කමිටුවක් අවශ්‍ය නැහැ. මේ රජය අපකීර්තියට පත් කරන්නේ මේ වගේ මිනිස්සු. ඒ අයව පක්ෂයෙන් එළියට දාන්න ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ට බලය තියෙනවා."
ජනාධිපතිවරයා වැරදි වැඩ කරන මන්තී‍්‍රවරුන්ට එරෙහිව තීරණයක් ගත යුතු බවට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ට කීවා.