Back to Top

ඔලිම්පික් මලල ක්‍රීඩකයින්ට කම්පන ඇඳුමක්

May 11, 2012  

ඔලිම්පික් මලල ක්‍රීඩකයින්ට කම්පන ඇඳුමක්

ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගි වන බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩකයින් වෙනුවෙන් විද්‍යුත් පුහුණු ඇඳුම් කට්ටලයක් නිර්මාණය කිරීමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ. මෙම ඇඳුම් කට්ටලය හැඳ සිටින මලල ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව නියමිත පුහුණු අභ්‍යාස මාලාවක් ඔස්සේ පරිපූර්ණත්වයට පත්වූ පසු එම ඇඳුම් කට්ටලයේ කම්පනයවීමක් සිදුවෙයි. එම ඇඳුම් කට්ටලය මගින් ඉතා සියුම් සංවේදන කිහිපයක් එය හැඳසිටින්නාගේ සමට සම්බන්ධ කෙරෙයි. ඒ අනුව පරිගණක තාක්ෂණය ඔස්සේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවගේ පුහුණුකරුට ඔහුගේ හා ඇයගේ පුහුණුවීම් අධීක්ෂණය කිරීමේ හැකියාව පවතී. 2012 ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වන බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ මූලිකත්වයෙන් මෙම විද්‍යුත් පුහුණු ඇඳුම් කට්ටලය නිර්මාණය කර තිබේ.

MOST VIEWED VIDEO STORIES

MORE >>