Back to Top

ඡායාරූප ගැන විස්තර කියන කැමරාවක්

May 11, 2012  

ඡායාරූප ගැන විස්තර කියන කැමරාවක්

නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවකු විසින් ඡායාරූපයක් ලබාගත් පසු එම ඡායාරූපයෙහි අන්තර්ගතය පිළිබඳව විස්තරයක් සහිත මුද්‍රිත පිටපතක් ලබාදෙන කැමරාවක් නිර්මාණය කිරීමට සමත්ව තිබේ. ඡායාරූපයක් ලබාගත් දිනය හා වේලාව දක්වන සාමාන්‍ය කැමරාවක් ඇසුරින් මෙම විස්තරාත්මක කැමරාව නිර්මාණය කිරීම පිළිබඳව තමන් වෙත අදහසක් පැමිණි බව එහි නිර්මාණකරු වන මාර්ට් රිචඩ්සන් සඳහන් කර තිබේ. කෙසේවෙතත් මුද්‍රිත විස්තරයක් ලබාදීම පිළිබඳ තාක්ෂණය තවමත් නිර්මාණය වී නොමැති බැවින් ලබාගන්නා ඡායාරූප ඔහුගේ වෙබ් අඩවිය වෙත ලබාගෙන ඒ හරහා මුද්‍රිත පිටපත් ලබාගැනීම සිදුකරන බව ද සඳහන්ය.

MOST VIEWED VIDEO STORIES

MORE >>