Back to Top

දංගෙඩියට නොයවා දඩගැහුවත් කමක් නෑ

March 4, 2012  



පසුගියදා  හාරිස්පත්තුව ආසනයේ එජාප ක්‍රියාකාරීන්ගේ හමුවක් පැවැත්වුණා.

එය සංවිධානය කොට තිබුණේ හාරිස්පත්තුව එජාප සංවිධායක ඒ. එච්. එම්. හලීම් මන්ත්‍රීවරයායි. එජාප නායකයා, මහලේකම් තිස්ස අත්තනායක සහ ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. එහිදී එජාප නායකයා ශ්‍රී ලංකාවට එරෙහිව නැඟී තිබෙන මානව හිමිකම් චෝදනා ගැන ද අදහස් දැක්වූයේය.

"කිසිම රටකට රටේ රණවිරුවන් හෝ රටේ රාජ්‍ය නායකයා අන්තර්ජාතික යුද අධිකරණයට ගෙන යන්න බැහැ"

ශ්‍රී ලංකාව රෝම ප්‍රඥප්තියට අස්සන් තබා නැති නිසා අපේ රටට වාසි රැසක් තිබෙනවා. හැබැයි දංගෙඩියට නොයවා දඩයක් ගැහුවට කමක් නෑ"එජාප නායකයා විහිළුවට මෙන් කීවේය.

හාරිස්පත්තුවේ පැවැති එජාප රැස්වීම අවසන් කොට එජාප නායකයා ගියේ පොළොන්නරුවටය. ඒ එජාප උතුරුමැද පළාත් සභා මන්ත්‍රී කිංස් නෙල්සන් සංවිධානය කළ පොළන්නරුව එජාප ක්‍රියාකාරීන්ගේ හමුවකට සහභාගි වීමටයි. එහිදී එජාප පාක්ෂිකයෝ පක්ෂ අරමුදලට මුදල් පිරිනැමීම ද සිදු කළහ.

MOST VIEWED VIDEO STORIES

MORE >>