Back to Top

ඇමති මෛත්‍රීපාල අලුත් පොතකට අතගසයි

March 4, 2012  



සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවයේ යෙදී සිටි අතිරේක ලේකම්වරයකු වෙනත් ස්ථානයකට යාම නිමිත්තෙන් පසුගියදා එම අමාත්‍යාංශයේදී විශේෂ උත්සවයක් පැවැත්වුණා.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියේ සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේනයි. "මං මහවැලි අමාත්‍යාංශය බාරව වසර එකොළහක් හිටියා. ඒ ගැන මා කනගාටු වෙනවා.

ඒ මට වෙනත් අමාත්‍යාංශයක අලුත් අත්දැකීමක් ලබා ගැනීමට නොහැකි වූ නිසායි. මං මගේ පොඩි කාලයේ සිට ඇමැතිවරයකු දක්වා ආ ගමන්මඟ ගැන පොතක් ලිව්වා. එතෙක් මෙතෙක් ආ ගමනේදී මා විඳි දුක් ගැහැට සියල්ල ඒ පොතේ තිබෙනවා. ඒකේ නම"ඇත්තයි සත්තයි"ඇමැති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේය.

“මං සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අවුරුදු දෙක සම්පූර්ණ වෙන්නේ ලබන මැයි මාසයට. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ ගත කළ කාලය ඇතුළත මා ලැබු අත්දැකීම් ඇසුරෙන් පොතක් ලියන්ඩ පටන් ගෙන තිබෙනවා. ඒකට මා නම තිබ්බේ “සත්තයි ඇත්තයි” කියලා.

අපේ අමාත්‍යාංශයේ උගතුන් ගොඩක් ඉන්නවා. නමුත් වැරැදි දෙයටමයි ඇදල ගන්නේ. ඒ නිසා වැරැදිවලට හසු නොවී සිටීමේ මග ගැන කියා දෙන්නයි මා ඒ පොත ලියන්නේ. එය ආධුනිකයකුට හොඳ පාඩමක් වේවි"ඇමැති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේය.

MOST VIEWED VIDEO STORIES

MORE >>