Back to Top

මේ වගේ අයට දඬුවම් දෙන්න විනය කමිටු ඕන නෑ

May 13, 2012  


වැලි ප‍්‍රවාහනය මේ වන විට දේශපාලනඥයින්ට, රාජ්‍ය නිලධාරීන්ට වගේම පොලිස් නිලධාරීන්ටත් හොඳම ඉල්ලමක් වෙලා. කෙසේ වෙතත් පසුගිය කැබිනට් රැස්වීමේදී ඒ ඉල්ලම ඔවුන්ට අහිමි කළා.

මහියංගන ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ දේශපාලනඥයෙකු සමග එක් වී රාජ්‍ය නිලධාරීන් වැලි ප‍්‍රවාහන බලපත‍්‍ර ලබා දීමේදී විශාල වශයෙන් මුදල් හම්බකරමින් සිටින බවට ජනාධිපතිවරයාට තොරතුරු රැසක් ලැබුණා.

ඒ ගැන හොයන්න ගියහම රටපුරාම තත්ත්වය එකහා සමාන බව දැනගත්ත ජනාධිපතිවරයා සාමාන්‍ය ජනතාව ගැන හිතලා බලපත‍්‍ර නිකුත් කිරීම අත්හිටුවන්න තීරණය කළා.

ඒ තීරණය මුළු කැබිනට් මණ්ඩලය ඒකමතිකව අනුමත කළා.

"මේ වගේ වැරදි වැඩ කරන දේශපාලනඥයින්ට දඬුවම් දෙන්න විනය කමිටුවක් අවශ්‍ය නැහැ. මේ රජය අපකීර්තියට පත් කරන්නේ මේ වගේ මිනිස්සු. ඒ අයව පක්ෂයෙන් එළියට දාන්න ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ට බලය තියෙනවා."

ජනාධිපතිවරයා වැරදි වැඩ කරන මන්තී‍්‍රවරුන්ට එරෙහිව තීරණයක් ගත යුතු බවට  ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ට කීවා.

MOST VIEWED VIDEO STORIES

MORE >>