header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
නයීම්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
Jun 14, 202603:46 PM
නයීම්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
Mobitel 1278

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා එල්ල වූ එරට පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට බංග්ලාදේශ බලධාරීන් පියවර ගෙන තිබේ.

පසුගිය 12 වනදා රාත්‍රියේ චැටෝග්‍රෑම්හි ලාල්ඛාන් බසාර් ප්‍රදේශයේදී එම පහරදීම වාර්තා විය.

තරගයකට සහභාගි වී ත්‍රීරෝද රථයකින් සිය නිවස බලා යමින් සිටි නයීම්ට, එහි සිටි පොලිස් නිලධාරීන් පිරිසක් කිසිදු හේතුවක් නොමැතිව එහිදී පහරදී ඇත.

බංග්ලාදේශ මාධ්‍ය වාර්තාවලට අනුව මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ උප පොලිස් පරීක්ෂක මොහොමඩ් ෂෆිකුල් ඉස්ලාම් භූයියන්, කොස්තාපල් මොහොමඩ් රසල් චෞද්රි සහ නම් නොකළ පොලිස් මෙහෙයුම් කලමනාකරණ කොස්තාපල්වරයෙක්ටය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මේ වන විට ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවක් පත්කර ඇත. එම කමිටු වාර්තාව ලැබුණු පසු වරදකරුවන් වූ නිලධාරීන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතය.

තමන් ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු බව නයීම් සහ අවට සිටි පිරිස් ප්‍රකාශ කළද, පොලිස් නිලධාරීන් එය සම්පූර්ණයෙන්ම නොසලකා හැර තමන්ට පහරදුන් බව සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් නයීම් හසන් පැවසීය.

"ඔවුන් මාව බලහත්කාරයෙන් ත්‍රීරෝද රථයකට දමද්දී මම දැඩි ලෙස බියට පත් වුණා. ඒ වෙලාවේ 100 ත් 120 ත් අතර ක්‍රීඩාලෝලීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එතැනට රැස් නොවුණා නම්, මට මීට වඩා බෙහෙවින් වෙනස් ඉරණමකට මුහුණදීමට සිදු වන්නට තිබුණා" ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙට්‍රොපොලිටන් පොලිස් (CMP) කොමසාරිස් ෂව්කට් අලි මහතා ඊයේ (13) නයීම්ගේ නිවසටම ගොස් ඔහුට ඇති වූ අපහසුතාව පිළිබඳව සොයා බලා තිබේ.

මෙම සිදුවීමත් සමඟ බංග්ලාදේශය පුරා දැඩි කැලඹිලිකාරී තත්ත්වයක් සහ මහජන විරෝධයක් හටගක් අතර, මුෂ්ෆිකර් රහීම් සහ ලිටන් දාස් ඇතුළු බංග්ලාදේශ ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් මෙම ක්‍රියාව දැඩි ලෙස හෙළා දුටුවේය.

එමෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) සහ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සුභසාධන සංගමය ද සිද්ධිය හෙළා දකිමින් නයීම් වෙනුවෙන් වහාම යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා සිටියේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සභාපති තමීම් ඉක්බාල් මහතා අවධාරණය කළේ, "මෙතැන් සිට ඉදිරියට නීතිමය වශයෙන් කළ යුතු සියලුම දේ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය විසින් සිදු කරනු ලබනවා. අපි සැමවිටම නයීම් සහ අපේ ක්‍රීඩකයින් වෙනුවෙන් පෙනී සිටිනවා" යනුවෙනි.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ