හෝමාගම පිටිපන ගලගාහේන ප්‍රදේශයේ කුලී යතුරුපැදි රියදුරෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු එළැඹෙන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයාගැනීමේ මෙහෙයුම් සිව්වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් සැප්තැම්බර් මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.
ඉන්දියාවට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය වූ අද (18) පන්දු රකිමින් සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්ව තිබේ.
කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
නෝර්වුඩ් පොලිස් ස්ථානය සහ ධර්මරාජ විහාරස්ථානය අසල පිහිටි දැඩි අනතුරුදායක තත්ත්වයේ පවතින ගස් දෙක වහාම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති Adel Ibrahim මහතා සහ විශ්‍රාමික ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අතර හමුවක් සිදුව තිබේ.
අහුන්ගල්ල ගල්බොක්ක ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ අසූවක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද (18) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භවී තිබේ.
ඕමානයේ දී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ කංකානමගේ දිමුතු චතුරංග පෙරේරා නොහොත් 'සමිට්පුර චතූ' විමර්ශන කටයුතු සදහා කොළඹ අපරාධ කොට්ඨාශය ( CCD) වෙත රැගෙන ගියේය.
ඕමානයට බෝම්බ හෙළන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ තර්ජනයත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (18) යළිත් ඉහළ ගියේය.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහා නව සභාපතිවරයෙකු පත්කර තිබේ.
අතුරුගිරිය - හබරකඩ, මුල්ලේගම ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පවතින ගැටුමක් හේතුවන්නට ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 'කංජිපානි ඉම්රාන්'ගේ සමීපතම ඥාතියෙකු ලෙසින් සැලකෙන 54 හැවිරිදි මොහොමඩ් අස්මින් මොහිදීන් නමැත්තා වෙඩිතබා ඝාතනය කළ සිද්ධියට කාන්තාවක් ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු පොලීසිය ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ පාතාල කල්ලි සාමාජිකයෙකු වන දිමුතු චතුරංග නොහොත් ‘සමිට්පුර චතූ’ නැමැත්තා අද (18) උදෑසන දිවයිනට රැගෙන විත් තිබේ.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (18) වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.
ගෝලීය බොරතෙල් මිල මෙම වසර අවසානය දක්වා බැරලයක් අමෙරිකානු ඩොලර් 80 ක පමණ මට්ටමක පවත්වා ගතහොත් ශ්‍රී ලංකාවට උද්ධමනය සාර්ථකව කළමනාකරණය කර ගැනීමට හැකි වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව සංචාරක, විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.
අතුරුගිරිය පොලිස් වසමේ හබරකඩ ප්‍රදේශයේ සීලාලංකාර මාවතේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පත් වූ නව වේලාසටහන්කරුවන් 18 දෙනෙකුට අද (17) පත්වීමේ ලිපි ප්රදානය කෙරුණි.
තංගල්ල නගරයේ බස් නැවතුම්පොළේ සිදුකළ විෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකින් රියදුරන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඉරානය සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් සිදුවන සාකච්ඡාවලට ඕමානය බාධා කළහොත් එම රටට දැවැන්ත බෝම්බ ප්‍රහාර එල්ල කරන බවයි.
හෙටින් (18) ආරම්භවන මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය සම්බන්ධයෙන් මහජනතාවට අවශ්‍ය තොරතුරු පහසුවෙන් ලබාගැනීම සඳහා විශේෂ තොරතුරු කළමනාකරණ පද්ධතියක් පොලීසිය විසින් හඳුන්වා දී ඇත.
අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් වෙනත් රටවලට උණ්ඩියල් ක්‍රමයට ප්‍රේෂණය කිරීමේ සිදුවීමකට අදාළ මෙරට ප්‍රධාන පෞද්ගලික බැංකු 4ක කළමනාකරුවන් සිව්දෙනා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට අද (17) පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
රුපියල් 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සයින්දමරුදු පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ වැඩබලන ස්ථානාධිපතිවරයා හා තවත් නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කර තිබේ.
වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,254 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඉන්දියාවේ මායිම් ප්‍රාන්තයක් වන අරුනාචල් ප්‍රදේශ්හි භූමියට චීනය විසින් බලපෑම් කරමින් සිටින බවට චෝදනා එල්ව තිබේ.
අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් විදෙස් රටවලට නීතිවිරෝධී ක්‍රමයට රටින් පිටකිරීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනා අගෝස්තු 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද (17) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවී තිබේ.
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 284කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්විය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙට (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලැසුම් කර ඇති පසුබිමක එය මේ වනවිට න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.
විදෙස්ගත ශ්‍රමිකයින් තමන් විදේශයන්හිදී නීත්‍යනුකූලව උපයන ආදායම බැංකු පද්ධතිය හරහා ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීමේදී බදු සම්බන්ධයෙන් බිය විය යුතු නැතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
'Heroes' සහ 'Nashville' වැනි ජනප්‍රිය රූපවාහිනී මාලා හරහා ප්‍රසිද්ධියට පත් අමෙරිකානු නිළි හේඩන් පැනිටියර් අභාවප්‍රාප්ත වී තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ශතකයක් වාර්තා කිරීමට සොනාල් දිනුෂ සමත් විය.
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
යුද, ගුවන් සහ නාවික හමුදාව යටතේ දැනට පවතින සියලු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන ඒකාබද්ධ කර එක් ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබේ.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර හෙට (18) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වංසගත තත්ත්වය මේ වන විට මාරාන්තික තත්ත්වයක් බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
15 වන සියවසේ පුනරුද යුගයේ චිත්‍ර ශිල්පියෙකු වන ඇන්ටොනෙලෝ ඩා මෙසිනාට (Antonello da Messina) අයත් චිත්‍ර 4ක් ඉතාලියේ කෞතුකාගාරයකින් සොරකම් කර තිබේ.
තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් නිකවැව ප්‍රදේශයේ ගංජා හේනක් වටලා එම ගංජා හේන අයත් පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලස් මුදලක් ලබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සිව්දෙනා ඇප මත නිදහස් කරන ලෙස වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මේ වසර අගවනවිට එල් - නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල එල් - නිනෝ තත්ත්වයක්වීමේ සම්භාවිතාව සියයට 90ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අගෝස්තු මාසයට අදාළ අස්වැසුම දීමනාව ලබන 19වැනිදා ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
වාර්ෂිකව පැවැත්වෙන ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ රථවාහන සැලසුමක් ක්‍රියාවට නැංවෙන බව පොලීසිය පවසයි.
ග්‍රාම නිලධාරීන් විසින් ආරම්භ කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කර තිබේ.
2025/2026 තක්සේරු වර්ෂයේ සිට සේවා අපනයනය මඟින් උපයන ආදායම බද්දට යටත් වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකාරියන් පිරිසකට අදාළ නඩුවක් නොවැම්බර් මස 02වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.