Back to Top

Hot News

ඉන්දීය අගමැති සහ අරාබි විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්

ඉන්දීය අගමැති සහ අරාබි විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්

නවදිල්ලියේදී පැවැති දෙවන ඉන්දියා - අරාබි විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්ව තිබේ.

(0)Comments | February 1, 2026  10:17 am

උනාකූරුවේ ශාන්තගේ ගෝලයෙකු ලක්ෂ 50ක අයිස් මත්ද්‍රව්‍ය සමග අල්ලයි

උනාකූරුවේ ශාන්තගේ ගෝලයෙකු ලක්ෂ 50ක අයිස් මත්ද්‍රව්‍ය සමග අල්ලයි

අලුත්ගම දුම්රිය ස්ථානය ආසන්නයේදී සැක කටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 50කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට කළුතර අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ.

(0)Comments | February 1, 2026  9:51 am

ආර්ථික මධ්‍යස්ථාන සමාගමක් යටතට පැවරීමට එරෙහිව ඇමති වසන්තට වෙළෙඳ ප්‍රජාවගේ විරෝධය

ආර්ථික මධ්‍යස්ථාන සමාගමක් යටතට පැවරීමට එරෙහිව ඇමති වසන්තට වෙළෙඳ ප්‍රජාවගේ විරෝධය

දිවයිනේ ප්‍රමුඛ පෙලේ ආර්ථික මධ්‍යස්ථාන පහක් පරිපාලන ස්වභාවයෙන් ඉවත් කර වෙනම සමාගමක් වෙත පැවරීම සඳහා රජය ගෙන ඇති තීරණයට තමන් විරෝධය පළ කරන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳසැල් හිමියන් විසින් විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට දැනුම් දී තිබේ.

(0)Comments | February 1, 2026  8:50 am

ඝාතන දෙකකට ආධාර අනුබල දුන් දෙදෙනෙකු අත්අඩංගුවට

ඝාතන දෙකකට ආධාර අනුබල දුන් දෙදෙනෙකු අත්අඩංගුවට

දෙහිවල සහ කොහුවල ප්‍රදේශයන් හී සිදුවූ වෙඩි තැබීම් දෙකකට අදාළ සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත් දකුණ දිසා භාර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | February 1, 2026  8:04 am

වර්තමානයේ සංඝරත්නයට සහ ශාසනයට ලැබෙන සැලකිලි සම්බන්ධව ගැටලුවක් - පූජ්‍ය ‍වෙඬරුවේ උපාලි හිමි

වර්තමානයේ සංඝරත්නයට සහ ශාසනයට ලැබෙන සැලකිලි සම්බන්ධව ගැටලුවක් - පූජ්‍ය ‍වෙඬරුවේ උපාලි හිමි

වර්තමානයේ මහා සංඝරත්නයට, සංස්කෘතියට හා ඉතිහාසය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට ලැබෙන සැලකිලි සම්බන්ධයෙන් සියලු දෙනාට ගැටලුවක් පැනනැගී ඇති බව අස්ගිරිය පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසයි.

video (0)Comments | February 1, 2026  7:31 am

පෞරාණික බුද්ධ ප්‍රතිමාවක් පැහැරගත් පුද්ගලයින් 14ක් අත්අඩංගුවට

පෞරාණික බුද්ධ ප්‍රතිමාවක් පැහැරගත් පුද්ගලයින් 14ක් අත්අඩංගුවට

පෞරාණික වටිනාකමකින් යුතු බුද්ධ ප්‍රතිමාවක් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සැකකරුවන් 14 දෙනෙකු මාවතගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | February 1, 2026  6:51 am

ප්‍රදේශ කිහිපයකට පස්වරු 2න් පසුව වැසි 

ප්‍රදේශ කිහිපයකට පස්වරු 2න් පසුව වැසි 

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

(0)Comments | February 1, 2026  6:27 am

නිවැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගෙන එන ලෙස දිලිත් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලයි

නිවැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගෙන එන ලෙස දිලිත් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලයි

නිවැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙරටට අත්‍යවශ්‍ය බවත් , එය සියලු පාර්ශ්වවල අදහස් ලබාගෙන ක්‍රියාත්මක කළ යුතු බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

video (0)Comments | January 31, 2026  10:32 pm

ඉන්ධන මිල ගණන් සංශෝධනය වෙයි

ඉන්ධන මිල ගණන් සංශෝධනය වෙයි

ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

(0)Comments | January 31, 2026  9:41 pm

පොලිස් විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

පොලිස් විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදී සිදුකරගෙන යන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ (30) දිනයේදී පුද්ගලයින් රැසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

(0)Comments | January 31, 2026  8:32 pm

ශ්‍රී ලංකාව සමඟ චීනයෙන් නව ගුවන් සේවාවක්

ශ්‍රී ලංකාව සමඟ චීනයෙන් නව ගුවන් සේවාවක්

චීනයේ කැපිටල් එයාර් ලයින්ස් ගුවන් සේවයට අයත් යානයක් අද (31) පස්වරුවේ බෙයිජිං නුවර - ඩැක්සිං ජාත්‍යන්තර ගුවන් තොටුපළ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. 

(0)Comments | January 31, 2026  7:22 pm

මාලිමා මන්ත්‍රී ශාන්ත පද්මකුමාරට එරෙහිව හිටපු නියෝජ්‍ය කථානායක අජිත්ගෙන් පොලීසියට පැමිණිල්ලක්

මාලිමා මන්ත්‍රී ශාන්ත පද්මකුමාරට එරෙහිව හිටපු නියෝජ්‍ය කථානායක අජිත්ගෙන් පොලීසියට පැමිණිල්ලක්

හිටපු නියෝජ්‍ය කතානායකවරයෙකු වූ අජිත් රාජපක්ෂ විසින් ජාතික ජන බලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතාට එරෙහිව පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

(0)Comments | January 31, 2026  6:48 pm

ඉන්දියාවෙන් තවත් බේලි පාලම් 10ක් 

ඉන්දියාවෙන් තවත් බේලි පාලම් 10ක් 

දිට්වා සුළි සුළඟත් සමඟ ඇති වූ ආපදා තත්ත්වයෙන් හානිය පත්වූ පාලම් ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින් ඉන්දියාව විසින් තවත් බේලි පාලම් 10ක් අද (31) නැව්ගත කර තිබේ. 

(0)Comments | January 31, 2026  6:19 pm

විදෙස්ගතව සැඟව සිටින ඇල්ටෝ ධර්මේගේ තියුණු ආයුධ කල්ලිය අත්අඩංගුවට

විදෙස්ගතව සැඟව සිටින ඇල්ටෝ ධර්මේගේ තියුණු ආයුධ කල්ලිය අත්අඩංගුවට

විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ධර්මසිරි ලියනගේ නොහොත් ඇල්ටෝ ධර්මේ නැමැත්තාගේ තියුණු ආයුධ කල්ලියේ සාමාජිකයින් තිදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | January 31, 2026  5:44 pm

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

(0)Comments | January 31, 2026  5:21 pm

යුද්ධයෙන් පලස්තීනූවන් 70,000ක් මිය ගොස් ඇති බව ඊශ්‍රායලය පිළිගනියි

යුද්ධයෙන් පලස්තීනූවන් 70,000ක් මිය ගොස් ඇති බව ඊශ්‍රායලය පිළිගනියි

හමාස් සංවිධානය සහ ඊශ්‍රායල හමුදාව අතර පැවැති ගැටුම්වලින් පලස්තීනූවන් 70,000ක් පමණ මිය ගොස් ඇති බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසයි. 

(0)Comments | January 31, 2026  5:16 pm

කමිඳු මෙන්ඩිස් විස්සයි20 ලෝක කුසලාන සංචිතයට?

කමිඳු මෙන්ඩිස් විස්සයි20 ලෝක කුසලාන සංචිතයට?

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයෙන් ධනංජය ද සිල්වා ඉවත් කර ඇති අතර, ඔහු වෙනුවට කමිඳු මෙන්ඩිස් සංචිතයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

(0)Comments | January 31, 2026  4:40 pm

විගණකාධිපති ධුරය ගැන අවසන් තීරණය අඟහරුවාදාට කල් යයි

විගණකාධිපති ධුරය ගැන අවසන් තීරණය අඟහරුවාදාට කල් යයි

විගණකාධිපති ධුරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමු කළ යෝජනාව සම්බන්ධයෙන් මේ දිනවල කරුණු අධ්‍යනය කරමින් සිටින බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

video (0)Comments | January 31, 2026  4:10 pm

​ලෝකයට ගැළපෙන අයුරින් අධ්‍යාපන පද්ධතිය පරිවර්තනය කළ යුතු බව අගමැතිනිය කියයි

​ලෝකයට ගැළපෙන අයුරින් අධ්‍යාපන පද්ධතිය පරිවර්තනය කළ යුතු බව අගමැතිනිය කියයි

අපේ රට ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් සුරක්ෂිත වීමට නම් ගුණාත්මක මානව සම්පතක් නිර්මාණය විය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රධානතම සාධකය අධ්‍යාපනය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. 

(0)Comments | January 31, 2026  3:36 pm

T20 ලෝක කුසලානයෙන් කමින්ස් හා ස්මිත් ඉවතට

T20 ලෝක කුසලානයෙන් කමින්ස් හා ස්මිත් ඉවතට

එළැඹෙන විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩාකරන ඔස්ට්‍රේලියානු සංචිතයෙන් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් වන පැට් කමින්ස් හා ස්ටීවන් ස්මිත් ඉවත්කර තිබේ.

(0)Comments | January 31, 2026  2:58 pm

පිරිවෙන්වලටත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්

පිරිවෙන්වලටත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්

ඉදිරි මාස දෙක තුන තුළ පිරිවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ ජාතික ප්‍රතිපත්තිය ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ, ආචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය කුඹල්ගොඩ ධම්මාලෝක හිමියෝ පවසති.

(0)Comments | January 31, 2026  2:10 pm

GMOA සඳුදා සිට අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට සැරසෙයි

GMOA සඳුදා සිට අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට සැරසෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය එළැඹෙන පෙබරවාරි 02 වැනිදා සිට තීව්‍ර කිරීමට එම සංගමය තීරණය කර තිබේ.

(0)Comments | January 31, 2026  2:06 pm

ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු

ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු

වහාම ක්‍රියාත්මක වනපරිදි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 8 දෙනෙකු ස්ථාන මාරුකිරීම් සිදුකර තිබේ.

(0)Comments | January 31, 2026  1:29 pm

දහස් ගණනකගේ ගෞරවය මැද ලුතිනන් කොයාන් දැයෙන් සමුගනී

දහස් ගණනකගේ ගෞරවය මැද ලුතිනන් කොයාන් දැයෙන් සමුගනී

අමෙරිකානු එක්සත් ජනපදයේ 'නාවික සීල්' පුහුණු පාඨමාලාව සම්පූර්ණ කළ පළමු ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියා ලෙස සැලකෙන ලුතිනන් කොයාන් චාමිත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගම්පහ ඔරුතොට ප්‍රදේශයේදී  සිදුකෙරුණි.

video (0)Comments | January 31, 2026  1:04 pm

'ෂරියා' නීතිය උල්ලංඝනය කළ යුවළකට වේවැල් පහර 140ක්

'ෂරියා' නීතිය උල්ලංඝනය කළ යුවළකට වේවැල් පහර 140ක්

'ෂරියා' හෙවත් ඉස්ලාමීය ආගමික නීතිය උල්ලංඝනය කළ බවට වරදකරුවන් වූ යුවළකට වේවැල් පහර 140ක් එල්ලකර දඬුවම් කිරීමේ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වේ.

(0)Comments | January 31, 2026  12:29 pm

හර්ෂ අබේවික්‍රම ධුරයෙන් ඉවත් කිරීම ගැන ඇමති කරුණු පහදයි

හර්ෂ අබේවික්‍රම ධුරයෙන් ඉවත් කිරීම ගැන ඇමති කරුණු පහදයි

හර්ෂ අබේවික්‍රම මහතා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් කිරීම එම සමාගමේ පරිපාලනමය ව්‍යූහයේ සිදු කළ යුතු වෙනස් කිරීම්වලට අදාළව ගත් තීරණයක් බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

(0)Comments | January 31, 2026  12:24 pm

උපවාසයේ නිරත විරෝධතාකරුවන් හමුවීමට සජිත් එයි

උපවාසයේ නිරත විරෝධතාකරුවන් හමුවීමට සජිත් එයි

ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ආරම්භකර තිබෙන මාරාන්තික උපවාසය පැවැත්වෙන ස්ථානයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (31) පෙරවරුවේ පැමිණියේය.

(0)Comments | January 31, 2026  11:52 am

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

අද (31) සහ හෙට (01) යන දෙදින උදෑසන සහ සවස කාලවල මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රියන් මිනිත්තු 15ක් පමණ කාලයක් ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

(0)Comments | January 31, 2026  11:47 am

ඇල්ලීමට තහනම් කටු පොකිරිස්සන් ඇල්ලූ අයෙක් අත්අඩංගුවට

ඇල්ලීමට තහනම් කටු පොකිරිස්සන් ඇල්ලූ අයෙක් අත්අඩංගුවට

ඇල්ලීමට තහනම් කුඩා කටු පොකිරිස්සන් අල්ලා විදේශිකයින්ට වැඩි මුදලට අලෙවිකිරීම සඳහා ගබඩා කර තිබූ ස්ථානයක් බේරුවල, මරදාන ප්‍රදේශයේ ධීවර වරාය ආසන්නයේ තිබී සොයාගෙන තිබේ.

video (0)Comments | January 31, 2026  11:01 am

නීතිවිරෝධී කැස්බෑ බිත්තර 117ක් සමග අයෙක් නාවික හමුදා භාරයට

නීතිවිරෝධී කැස්බෑ බිත්තර 117ක් සමග අයෙක් නාවික හමුදා භාරයට

නීතිවිරෝධී ලෙස කැස්බෑ බිත්තර එකසිය දහ හතක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

(0)Comments | January 31, 2026  10:57 am

ලොව රන් සහ රිදී වෙළෙඳපොළේ හදිසි මිල අඩුවීමක්

ලොව රන් සහ රිදී වෙළෙඳපොළේ හදිසි මිල අඩුවීමක්

ලොව රන් සහ රිදී මිල ගණන් හදිසි පහළයෑමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

(0)Comments | January 31, 2026  10:11 am

දිට්වා නිසා විනාශ වූ කර්මාන්ත යළි නගා සිටුවන හැටි කර්මාන්ත නි.ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

දිට්වා නිසා විනාශ වූ කර්මාන්ත යළි නගා සිටුවන හැටි කර්මාන්ත නි.ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

‘දිට්වා’ සුළි කුණාටුවෙන් විනාශ වූ කර්මාන්ත යළි නගා සිටුවීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට රජය කටයුතු කරන බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

(0)Comments | January 31, 2026  10:04 am

විදුලිබල ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්

විදුලිබල ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්

විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, බෙහෙත් ශාලා, මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය ආදී සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | January 31, 2026  9:56 am

එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍යමය වශයෙන් බිඳවැටීමේ අවදානමක?

එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍යමය වශයෙන් බිඳවැටීමේ අවදානමක?

එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍යමය වශයෙන් බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව එහි මහ ලේකම් අන්තෝනියෝ ගුටේරෙස් මහතා මහතා අනතුරු අඟවා තිබේ.

(0)Comments | January 31, 2026  9:06 am

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ උපදෙස් මාලාවක්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ උපදෙස් මාලාවක්

මැදපෙරදිග කලාපය හරහා ඇතිවෙමින් පවතින උණුසුම් ආරක්ෂක ප්‍රවණතා පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දී තිබේ. 

(0)Comments | January 31, 2026  8:37 am

කොංගෝවේ පතලක් කඩා වැටී 200කට වැඩි පිරිසක් මරුට

කොංගෝවේ පතලක් කඩා වැටී 200කට වැඩි පිරිසක් මරුට

නැගෙනහිර කොංගෝවේ පතලක් කඩාවැටී සිදුවූ අවාසනාවන්ත අනතුරකින් පුද්ගලයින් 200කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව වාර්තා වේ.

(0)Comments | January 31, 2026  7:59 am

ගිනිඅවියක් සමග අවුරුදු 24ක තරුණයෙකු අත්අඩංගුවට

ගිනිඅවියක් සමග අවුරුදු 24ක තරුණයෙකු අත්අඩංගුවට

විදෙස් රටක නිෂ්පාදිත අංකය මකා දමන ලද ගිනිඅවියක් හා එම අවියට යොදන පතොරොම් 02ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

(0)Comments | January 31, 2026  7:45 am

ලොවක් සිනහා ගැන්වූ විකට නිලි කැතරින් ඕ'හාරා අභාවප්‍රාප්ත වෙයි

ලොවක් සිනහා ගැන්වූ විකට නිලි කැතරින් ඕ'හාරා අභාවප්‍රාප්ත වෙයි

'Home Alone' චිත්‍රපටයේ කෙවින්ගේ මවගේ චරිතයට පණ පෙවූ ජනප්‍රිය විකට නිලි කැතරින් ඕ'හාරා ඊයේ (30) අභාවප්‍රාත්ත වී තිබේ.

(0)Comments | January 31, 2026  7:16 am

GMOA ඉදිරි ක්‍රියාමාර්ග ගැන විශේෂ විධායක සභා රැස්වීමක් අද 

GMOA ඉදිරි ක්‍රියාමාර්ග ගැන විශේෂ විධායක සභා රැස්වීමක් අද 

තම ගැටලු සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ විධායක සභා රැස්වීමක් අද (31) පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

(0)Comments | January 31, 2026  7:03 am

පියා විසින් අවුරුදු 14ක් වූ තම දියණිය ඝාතනය කරයි

පියා විසින් අවුරුදු 14ක් වූ තම දියණිය ඝාතනය කරයි

දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමකින් පියා විසින් සිය දියණිය තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

(0)Comments | January 31, 2026  6:35 am

අද පස්වරුවේ තරමක තද වැසි

අද පස්වරුවේ තරමක තද වැසි

අද (31) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම අනාවැකියේ සඳහන් වෙයි.

(0)Comments | January 31, 2026  6:19 am

විස්සයි20 සටනටත් එංගලන්තයෙන් ජයග්‍රාහී ආරම්භයක්

විස්සයි20 සටනටත් එංගලන්තයෙන් ජයග්‍රාහී ආරම්භයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 11කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

(0)Comments | January 30, 2026  11:38 pm

එංගලන්තයට ලකුණු 134ක ඉලක්කයක් 

එංගලන්තයට ලකුණු 134ක ඉලක්කයක් 

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයෙන් ජය ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායමට ලකුණු 134ක ඉලක්කයක් හිමිව තිබේ. 

(0)Comments | January 30, 2026  10:16 pm

දිට්වා නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සහන සැලසීම පිළිබඳ නව චක්‍රලේඛයක්

දිට්වා නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සහන සැලසීම පිළිබඳ නව චක්‍රලේඛයක්

ආපදා බලපෑම  හේතුවෙන් ඇණහිට ඇති ව්‍යාපාර සඳහා සහන සැලසීම පිළිබඳ නව චක්‍රලේඛයක් ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.

(0)Comments | January 30, 2026  9:56 pm

සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක්

සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක්

සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.

(0)Comments | January 30, 2026  9:56 pm

විදේශ රැකියා පෙන්වා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට

විදේශ රැකියා පෙන්වා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස සකස් කර විදෙස් රැකියා ලබාදෙන බවට පොරොන්දුවී වංචනික ලෙස මුදල් ලබාගත් සැකකරුවෙකු රාජගිරිය ප්‍රදේශයේ ලැගුම්හලකදී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | January 30, 2026  9:39 pm

මොඩියුල පිළිබඳ පුහුණුව ලැබූ ගුරුවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසට නියෝගයක් 

මොඩියුල පිළිබඳ පුහුණුව ලැබූ ගුරුවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසට නියෝගයක් 

ගැටලු සහගත මොඩියුලය පිළිබඳ පුහුණුව ලැබූ ගුරුවරුන්ගෙන් ද ප්‍රකාශ ලබාගෙන එහි විමර්ශන කඩිනමින් අවසන් කරන්නැයි ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (30) නියෝග කළාය.

(0)Comments | January 30, 2026  9:24 pm

කාසියේ වාසිය එංගලන්තයට - එක් ඉනිමක් පන්දුවාර 17කට සීමා වෙයි

කාසියේ වාසිය එංගලන්තයට - එක් ඉනිමක් පන්දුවාර 17කට සීමා වෙයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය පන්දුවාර 17කට සීමා කර තිබේ. 

(0)Comments | January 30, 2026  8:32 pm

ගණේමුල්ලෙන් සොයාගත් රු.කෝටි 20ක කොකේන් ගැන තවත් තොරතුරු

ගණේමුල්ලෙන් සොයාගත් රු.කෝටි 20ක කොකේන් ගැන තවත් තොරතුරු

ගණේමුල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවසක සඟවා තිබියදී සොයාගත් කොකේන් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය වී තිබේ.

(0)Comments | January 30, 2026  8:25 pm

ශ්‍රී ලංකාවට යොවුන් ලෝක කුසලාන බලාපොරොත්තු සුන්වෙයි

ශ්‍රී ලංකාවට යොවුන් ලෝක කුසලාන බලාපොරොත්තු සුන්වෙයි

යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බලාපොරොත්තු අත්හැරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. 

(0)Comments | January 30, 2026  8:08 pm