Prev Next Go to Home Share on Facebook
Responsive image

සෙනෙහස...

මහනුවර සිරි දළදා වන්දනාව සමගාමීව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝගේ මහතාගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිරි දළදා වන්දනාවේ තෙවන දින වන අද (20) දිනයේ සැදැහැවතුන් සඳහා පානිය ජල බෝතල් 4,000ක් බෙදාදෙන ලදී.

එමෙන්ම 8,000 කට අධික සැදැහැවතුන් පිරිසකට රාත්‍රී අහාරය සැපයිමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් කටයුතු කර තිබේ.

එසේම යුද්ධ හමුදා සේවා වනිතා ඒක⁣කයෙන් කිරි තේ දන්සැලක්ද ක්‍රියාත්මක කර ඇත.

පහත දැක්වෙන්නේ සිරි දළදා වන්දනාව අතරතුර ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබලෙකු විසින් කුඩා දරුවෙකුට වතුර ලබා දෙන අවස්ථාවේ දී ගත් ඡායාරූපයකි.

(ජායාරූප - රවින්ද්‍ර වීරසිංහ)