
රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට (27) දින හතරක් ගතව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියානු හමුදා කියුව් නගරයේ ආරක්ෂක වළල්ල බිඳදැමීමට උත්සහ කළද එය මෙතෙක් සාර්ථකවී නොමැති බවය.
රුසියානු ප්‍රහාරවලින් මේ වන විට යුක්‍රේන ළමුන් තිදෙනෙකු හා සිවිල් වැසියන් 198 දෙනෙකු මියගොස් ඇතැයි යුක්‍රේන සෞඛ්‍ය ඇමතිවරයා පවසයි.
මේ අතර යුක්‍රේනය සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා බිඳවැටීමෙන් පසු රුසියාව සිය යුද මෙහෙයුම් නැවත ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රුසියාව සහ යුක්‍රේනය අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා බිඳ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සාකච්ඡා පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර මුල සිටම පැවැති පරස්පරතා සාකච්ඡා බිඳ වැටීමට හේතුවක් වී ඇති බව පැවසේ.
රුසියාව ඒ සඳහා බෙලරුස් යෝජනා කර තිබුණත් යුක්‍රේනයට අවශ්‍ය වූයේ එම සාකච්ඡා පෝලන්තයේ පැවැත්වීමටය.
සාකච්ඡාවලට පෙර යුක්‍රේන හමුදා අවි බිම තැබිය යුතු බවටත් රුසියාව කොන්දේසියක් ඉදිරිපත් කර තිබුණි.
කෙසේ වෙතත් යුක්‍රේනය පවසන්නේ රුසියාවේ දැඩි කොන්දේසි පිළිගත නොහැකි බවය.
සාකච්ඡා බිඳ වැටීමෙන් පසුව රුසියාව නැවත සිය යුද මෙහෙයුම් ආරම්භ කර ඇති සෑම ප්‍රදේශයකින්ම යුක්‍රේන අගනුවර ඉලක්ක කර ඉදිරියට ඇදෙන ලෙස රුසියානු බලධාරීන් ඊයේ සවස සිය හමුදා වෙත අණ දී තිබුණි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අඛණ්ඩව සිව්වන දිනටත් රුසියානු හමුදා කියුව් අගනුවරට අඛණ්ඩව ගුවනින් සහ ගොඩබිමින් දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටින බවය.
කියුව් නගරයේ වීදි යුද පිටියක් බවට පත්ව ඇති ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රුසියාව කියුව් ආසන්නයේ තෙල් ගබඩාවකට රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර ඉන් ගෑස් නළ මාර්ගයක් පුපුරා ගොස් තිබුණි.
මේ අතර යුක්‍රේනය එල්ල කළ රොකට් ප්‍රහාරයකින් රුසියානු හිතවාදී නැගෙනහිර යුක්‍රේනයේ ලුහාන්ස්ක් නගරයේ තෙල් ගබඩාවක් පුපුරා ගොස් ගිනි ගැනීමට ලක්ව තිබුණි.
යුක්‍රේන හමුදා එල්ල කළ ප්‍රහාරයකින් රුසියානු ප්‍රහාරක යානයක් අනතුරුට ලක්වන ආකාරයේ වීඩියෝවක්ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
















































