
සෞඛ්ය අංශ හා ත්රිවිධ හමුදාවලද සහායෙන් එන්නත්කරණ වැඩසටහන් අද (10) දිනයේත් ස්ථාන කිහිපයකදීම සිදුකෙරුණි.
ඊයේ (09) දිනය තුළ ෆයිසර් එන්නත් මාත්රා 1,284ක් විදෙස්ගත වීමට නියමිත සිසුන්ට හා මන්නාරම ප්රදේශයේ ජනතාවට ලබාදී තිබේ.
සයිනොෆාම්, කොවිෂීල්ඩ් හා ස්පුට්නික් v යන එන්නත් මාත්රා ද ඇතුළුව ඊයේ දිනය තුළ එන්නත්කරණය ලක්වූ පුද්ගලයින් ගණන 181,261 බව වසංගත රෝග විද්යා අංශය සඳහන් කළේය.
මේ වන විට මෙරට පුද්ගලයින් 1,378,696 දෙනෙකු කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පූර්ණ කර ඇති අතර එක් මාත්රාවක් හෝ ලබාගත් පිරිස 3,754, 422 දෙනෙක් වේ.



















































