
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව ඇති වීමට හේතුව පාතාල කල්ලි කිහිපයක් අතර ඇතිවූ ගැටුමක් බව මහර බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ මහතා පවසයි.
අද දෙරණ 'BIG FOCUS' වැඩසටහන සමග එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ඔවුන්ගේ ඉලක්කය වී තිබුණේ අවි ගබඩාව බවත් එය ආරක්ෂා කරගැනීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළ ආකාරය පිළිබඳවත් මහර බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ මහතා එහිදී පැහැදිළි කළේය.
"මේ සිද්ධිය ඇති වුණේ එදා 4ට 4.30ට විතර. ඒ වෙනකොට බන්ධනාගාරයේ එක එක අංශ අපි අරිනවා කෑම දෙන්න. ඒ වෙලාවේ තමයි මේගොල්ලො එකතු වෙලා එකපාරටම ප්රධාන දොරටුව ළඟට එන්නෙ. දාහක් එක්දහස් දෙසීයක් විතර ඉන්න ඇති ඒ වෙලාවේ. ඉස්සරහා හිටපු අය ඇහුන්කන් දුන්නත් පිටිපස්සෙන් හිටපු අය බොහොම ආවේගශීලිව හැසිරුණා. මේ අය අනෙක් වාට්ටුවල ඉබ්බෝ කඩ කඩ කට්ටිය එකතු කරන්න පටන් ගත්තා. පස්සේ 2000ක් විතර එකතු වුණා. ඔය ආවේගශීලිව හැසිරුණු අය කොවිඩ් වාට්ටුවල අය නෙමෙයි. කුඩු ගෑම් 2කේ ඉඳන් කුඩු කිලෝ 50 විතර තියෙන දරුණු අපරාධකරුවන්ගේ වාට්ටුවෙන් තමයි මේ ප්රශ්නය ආවේ. මේ අයගේ ඉලක්කය වුණේ අවි ගබඩාව. ඒ වෙලාවේ මම නිලධාරීන් 03 දෙනෙකුට කිව්වා T56 අවිවලින් උඩට වෙඩි තියන්න කියලා. ඒත් මෙයාලා නැවතුනේ නෑ. පස්සේ අපි කඳුළු ගෑස් ගැහුවා. උණ්ඩ 7ක් පාවිච්චි කළා. ඒක එයාලට දැණුනෙවත් නෑ. වෙන විකල්ප නැති නිසා රබර් උණ්ඩවලින් වෙඩි තිබ්බා. අවි ගබඩාව කැඩුවනම් මහ විනාශයක් වෙන්න තිබ්බා. තවත් විනාඩි දෙක තුනක් ගියානම් මේක ටච් කරන හින්දා දණහිසෙන් පල්ලෙහාට වෙඩි දෙක තුනක් තියන්න කියලා නිලධාරීන්ට මම කිව්වා. එතකොට තමයි මෙයාලා ආපසු දෙපැත්තට විසිරිලා ගියේ. මෙතන ඉන්නවා පාතාල කල්ලි තහරක් පහක්. මේගොල්ලොන්ව අපි වෙන වෙනම තබන්නෙ. මෙතන ඔක්කොම එකතු වුණ නිසා එකිනෙකා මරාගන්න ගත්තා. එයාලගෙ පුද්ගලික ප්රශ්න එතනින් විසඳගන්න උත්සහ කළා." යනුවෙන් ද මහර බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ මහතා පැවසීය.



















































