
සීෂෙල්ස් රාජ්‍යයේ සිට එරට වැසියන් 35 දෙනෙකු රැගෙන, එරටට අයත් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(23) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම පිරිස වෛද්‍ය ප්‍රතිකර ලබා ගැනීම සඳහා මෙරටට පැමිනි පුද්ලයින් බව වාර්තා වේ.
ඔවුන් අද දින පස්වරු 2.45 ට සීෂෙල්ස් රාජ්‍යයේ සිට පැමිණි, එයා සීෂෙල්ස් ගුවන් සේවයට අයත් එච්.එම්- 8360 දරණ විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් මගීන් පිරිස සහ ඔවුන් රැගෙන ආ ගමන් මලු ද විෂබීජහරණය කිරීමෙන් අනතුරුව , කොරෝනා වසංගත රෝග ලක්ෂණ තිබේ දැයි විමසා බලා , නීරෝධායන කටයුතු සඳහා, එම මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබේ.

















































