
අම්පාර මහා රෝහලේ ආසාදන පාලන ඒකකය මඟින් රෝහල් සේවකයින්ට අවශ්‍ය ආරක්ෂිත ඇඳුමක් අඩු වියදමකින් නිර්මාණය කිරීමට සමත්ව තිබේ.
දිරා යන පොලිතින් භාවිත කර සකස් කරන ලද මෙම ඇඳුම එක් වරක් පමණක් භාවිතා කල හැකි බව අම්පාර මහා රෝහලේ ක්ෂද්ර ජීවී විශේෂඥ වෛද්‍ය දර්ශන වික්‍රමසිංහ මහතා පැවසිය.
දැනට මෙයම ලංකාවේ අනෙක් රෝහල්වලටත් හඳුන්වා දීමට කටයුතු කරන බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.
අම්පාර මහා රෝහලේ සේවය කරන සියලු කාර්ය මණ්ඩල සඳහා මෙම ආරක්ෂිත ඇඳුම ලබා දෙන බවද ඒ මහතා සඳහන් කරයි.
කොරෝනා වෛරසය ආසාදනයට ලක්වු පුද්ගලයන් පැමිණියහොත් ඔවුන්ට ලබා දීමට හැකි මුලික ප්‍රතිකාර ලබා දීම සඳහා අම්පාර මහා රෝහලේ ස්ථාන කිහිපයක් සහ කාර්ය මණ්ඩල සුදානම් කර ඇති බව අම්පාර මහා රෝහලේ වෛද්‍ය අධිකාරි උපුල් විජේනායක මහතා පැවසිය.

















































