ජම්මු කාශ්මීර්හි ගැටුමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට
සයුරෙන් එතෙර

ජම්මු කාශ්මීර්හි ගැටුමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

May 18, 2019   11:28 am

ජම්මු කාශ්මීර්හි පුල්වාමා ප්‍රදේශයේ දී ආරක්ෂක අංශ සමඟ ඇතිවු ගැටුමකදී සටන්කාමීන් දෙදෙනකු මියගොස් ඇත.

ආරක්ෂක අංශ එම ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී සටන්කාමීන් විසින් ඔවුන් වෙත වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අනතුරුව සටන් කාමීන් වෙත ආරක්ෂක අංශ ප්‍රති ප්‍රහාර එල්ල කර ඇති අතර එහිදි සටන්කාමීන් දෙදෙනා මියගොස් ඇත.

කෙසේවෙතත් මියගිය සටන්කාමීන්ගේ අනන්‍යතාව හෝ ඔවුන් කුමන සංවිධානයකට අයත් යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නැත.

සිද්ධිය සම්බන්ධයෙන් වන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව ආරක්ෂක අංශ ප්‍රකාශ කර ඇත.