
මෙරටට ගෙන්වනු ලැබූ ටින් මාළු බහාලුම්වලින් ලබා ගත් සාම්පල 184න් 149 ක්ම පරපෝෂිත ආසාදනයට ලක්වූ ටින් මාළු බවට තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මේ වන විට එම බහාලුම් සියල්ල ආනයනය කරන ලද රටවලටම ආපසු යැවීමට පියවර ගෙන ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.
මෙරටට ගෙන්වනු ලබන ටින් මාළු පරපෝෂිත ආසාදනයට ලක්වී ඇති බවට ලද තොරතුරු මත පසුගිය අප්‍රේල් මස 11 වන දින සිට මෙරටට ආනයනය කරනු ලබන සියළු ටින් මාළු පරීක්ෂාවට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව මේ වන විට බහාලුම් 60 ක් පරික්ෂාවට ලක් කර රසායනාගාර පරික්ෂාවට යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
මෙම තත්ත්වය තුළ ඉදිරියේදී මෙවැනි ප්‍රමිතියෙන් තොර ටින් මාළු රට තුලට ඇතුළු වීම වැලැක්වීම සඳහා සෑම බහාලුමකින්ම සාම්පල ලබාගෙන ඒවා පරීක්ෂාවට ලක් කර වාර්තාවක් ගැනීමට පියවර ගන්නා බවද අමාත්‍යංශය සඳහන් කළේය.
එමෙන්ම වෙළඳපොලේ අලෙවිය සඳහා තබා ඇති ටින් මාළු ද විශේෂ පරීක්ෂාවකට ලක් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
ප්‍රමිතියෙන් තොර ටින් මාළු වෙළඳපොලේ අලෙවියට තිබුණහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.


















































