
ගොකරැල්ල, ඉබ්බාගමුව ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැනීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු රෝහල් ගත කර තිබේ.
අනුරාධපුර සිට කුරුණෑගල දෙසට ධාවනය වූ බස් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිවීමෙන් මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
අනතුරෙන් තුවාල ලැබූ මගීන් ගොකරැල්ල දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගොකරැල්ල පොලීසිය වැඩිදුර විමර්හන සිදුකරයි.



















































