
දියතලාව, ගල්ඒදණ්ඩ ප්‍රදේශයේදී පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් ළමුන් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.
බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව ඇති බව පොලීසිය පවසයි.
අනතුරෙන් තුවාල ලැබූ පාසල් දැරියන් 06 දෙනෙකු ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය.
අනතුර සම්බන්ධයෙන් පාසල් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දියතලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



















































