
සැකකටයුතු ලෙස යාපනය නගරයේ සැරිසැරූ පුද්ගලයින් දෙදෙනෙකු යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය අතුරු මාර්ගයක් ඔස්සේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඔවුන් දෙදෙනා සතුව තිබී කඩු දෙකක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පවසා ඇත්තේ නාට්‍යයක පුහුණුවීම් සඳහා අදාළ කඩු දෙක තමන් විසින් ළඟ තබාගෙන සිටි බවයි.
කෙසේවෙතත් අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව යාපනය පොලීසිය සඳහන් කළේය.



















































