
ආබාධිත රණවිරුවන් විසින් හෙට(31) කොළඹ දී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට තීරණය කර තිබේ.
රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යු.බී.වසන්ත මහතා සඳහන් කළේ යෝජිත සේවා විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් රණවිරුවන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට වත්මන් ආණ්ඩුව මෙතෙක් පියවර ගෙන නොමැති බවයි.
වසර 10කට අඩු විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ගේ යෝජිත සේවා විශ්‍රාම වැටුප චක්‍රලේඛණයකට පමණක් සීමාකර ඇති බව පවසමින් පසුගිය ජුලි මස 30 වැනිදා පිටකොටුව ප්‍රදේශයේ දී ආබාධිත රණවිරුවන් උද්ඝෝෂණය නිරත වුණි.
කෙසේවෙතත් එම ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා තම ගැටළුවට මාස 3ක් ඇතුළත විසඳුම් ලබාදෙන බවට පොරොන්දු වූ බව යූ.බී. වසන්ත මහතා පවසයි.
මේ වන විට එම කාලය ඉක්මවා ගොස් ඇති අතර මේ වන තෙක් තම ගැටළුව විසඳීමට බලධාරීන් කටයුතු කර නොමැති බව රණවිරු අයිතිවාසික් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යු.බී.වසන්ත මහතා සඳහන් කරයි.



















































