
කොළඹ සිට ගුවන්තොටුපොළ 11 ක් සඳහා නව ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම පියවර ගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසන්නේ ලොව ශීඝ්‍රයෙන් වර්ධනය වන ගුවන් ගමන් වෙළෙඳපොළ අතරින් එකක් වන ආසියා සහ මැද පෙරදිග කලාපය ආවරණය වන පරිදි මෙම ගුවන් සේවා ක්‍රියාත්මක කර ඇති බවයි.
ඒ අනුව පකිස්ථානයේ ලාහෝර්, ඉන්දුනීසියාවේ ජකර්තා, බංග්ලාදේශයේ ඩකා, ඕමානයේ මස්කට්, බහරේන්, මාලදිවයිනේ ගන්, සීෂෙල්ස්, ඉන්දියාවේ කොල්කටා, මදුරෙයි, වරනාසි සහ බුද්ධගයා යන ගුවන්තොටුපොළ අතර මෙම නව ඍජු ගුවන් සේවා ක්‍රියාත්මක කෙරෙයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වලට අනුව පසුගිය වසරේ මෙරටට පැමිණි සංචාරකයින් දාහත් ලක්ෂ 98,380 දෙනා අතරින් නව ලක්ෂ 23,338කුම පැමිණ ඇත්තේ ආසියා සහ මැදපෙරදිග කලාපයෙන් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෙන්වා දෙයි.



















































