
විදුලිබල මණ්ඩලයේ කණිෂ්ඨ සේවකයාගේ සිට සාමාන්‍යාධිකාරීවරයා දක්වා සිදුකරනු ලබන දැවැන්ත කැප කිරීම් හේතුවෙන් අද වන විට මෙරට විදුලිය සැපයුම ශක්තිමත් කිරීමට හැකි වී ඇති බව විදුලිබල අමාත්‍යය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
සම්මුතිවාදී දේශපාලනය තුළින් රට සංවර්ධනය කරා රැගෙන යාම සඳහා විශාල දායකත්වයක් විදුලිබල ක්ෂේත්‍රය තුළින් ලැබෙන බව අමාත්‍යවරයා පවසයි.
අද වන විට විදුලිය අත්‍යවශ්‍ය යටිතල පහසුකමක් බවට පත්ව ඇති අතර විදුලිය නොමැතිව සිටීමට පාරිභෝගිකයන් දැඩි අකමැත්තක පසුවන බව රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
සියයට සියයක් රටට අවශ්‍ය විදුලිය ලබාදීමට මෙන්ම විදුලි ගැටළු සඳහා විසඳුම් සෙවීමට ජාතික විදුලි ජංගම සේවා ක්‍රියාත්මක කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙම අදහස් දක්වා තිබේ.



















































