
පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ නිවසකදී ප්‍රසූත කළ දරුවකු මියයාම සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ කාන්තාව 31 හැවිරිදි දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකාරියක් වන බව සඳහන්ය.
මෙම කාන්තාව නවාතැන් ගෙන සිටි නිවසේ කාමරයක් තුළ දරු ප්‍රසූතිය සිදුව ඇති බව පොලීසිය පවසයි.
පොලිස් හදීසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.



















































