header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
චෝදනා සොයන්න දේශීය යාන්ත්‍රණයක් ජනවාරි වන විට හදනවා
Sep 17, 201504:54 PM
චෝදනා සොයන්න දේශීය යාන්ත්‍රණයක් ජනවාරි වන විට හදනවා
Mobitel 1278

දිගින් දිගටම රටට දුන්නු පොරොන්දු කඩකළ බැවින් මහින්ද රාජපක්ෂ මහතාට ජනවාරි මස 08 වන දින ගෙදර යන්නට සිදුවූවා සේම දිගින් දිගටම ජාත්‍යන්තරයට දුන්නු පොරොන්දු කඩකිරීම හේතුවෙන් එක්සත් ජාතීන් විසින් ජාත්‍යන්තර අධිකරණයක් නිර්දේශ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

2009 මැයි 27 වන දින ලංකාවට පැමිණි එවක එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්කී මූන් සමග හිටපු ජනාධිපතිවරයා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ලංකාවේ මානව අයිතීන් ශක්තිමත් කිරීමට හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ක්‍රියා කිරීමට ද්වි-පාර්ශවීයව එකඟවූ බව අමාත්‍යවරයා සිහිපත් කළේය.

එසේම එවක මානව හිමිකම් උල්ලංඝණයවීම් හා ජාත්‍යන්තර නීති උල්ලංඝණයවීම් සම්බන්ධයෙන් සොයාබැලීමට යාන්ත්‍රණයක් පිහිටුවීමට හා යුද්ධයෙන් වින්දිතයින්ට සහන සැලසීමටත්, එල්.එල්.ආර්.සී කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත් ජාත්‍යන්තරයට පොරොන්දුවූ බවද ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටු නොකරමින් දිගින් දිගටම කටයුතු කළ බැවින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට තීරණයක් ගැනීමට එක්සත් ජාතීන්ට සිදුවූ බවත්, පසුගිය ජනාධිපතිවරණය තුළින් රටේ යම් ප්‍රජාතන්ත්‍රීය වෙනසකට මුලපිරූ බැවින් මාර්තු මස ගෙන ඒමට නියමිතව පැවති වාර්තාව සැප්තැම්බර් මස දක්වා කල්දමා ගැනීමට හැකිවූ බවත් සමරවීර මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් මේවන විට සිදුවීයයි කියනු ලබන මානව හිමිකම් උල්ලංඝණයවීම් හා යුද අපරාධ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා දේශීය යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට ඔක්තෝම්බර් මාසයේ මැද භාගයේ සියලු පාර්ශවයන් සමග සාකච්ඡා ආරම්භ කරන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වා දුන්නේය.

ජනවාරි මාසය වන විට ඒ පිළිබඳ අවසන් යාන්ත්‍රණය සකස් කොට මාස 18 ක් තුළ එම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටියේ අද(17) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම ක්‍රියා මාර්ගය ගනු ලබන්නේ ජාත්‍යන්තරය සතුටු කරන්නටවත්, ජාත්‍යන්තර බලපෑම් නිසාවත් නොවන බවත්, මෙම මාර්ගයේ ගමන් කිරීම හැර වෙනත් පිළියමක් ලංකාවනට නොමැති නිසා බව ඔහු පෙන්වා දුන්නේය.

එහෙත් එම යාන්ත්‍රණය ඉදිරියට ගෙනයාම සඳහා ජාත්‍යන්තර සහය, තාක්ෂණික දැනුම හා විශේෂඥයින්ගේ
උපදෙස් අවශ්‍ය බවත්, මානව හිමික්ම් කොමසාරිස්වරයාට පවා ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කරන බව
සමරවීර මහතා අවධාරණය කළේය.

එසේම මෙමගින් රණ විරුවන් දංගෙඩියට දක්කන බවට ඇතැමුන් අනිසි බියක් වපුරමින් සිටින නමුත් එවැන්නක් සිදුනොවන බවත්, එක්සත් ජාතීන්ගේ වාර්තාවේ ඇත්තේ යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් කරනු ලැබූ පරීක්ෂණවල ප්‍රතිඵල බවත්, එහි වැරදිකරුවන් මේ මේ යයි හඳුන්වා නොමැති බවත්, එවැනි අය හඳුනාගැනීමේ කටයුත්ත රටට බාරදී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

ලෝකයේ විනය ගරුක හමුදාවක් ලෙස සාම සාධක හමුදාවන් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකාවේ හමුදාව කීර්තියක් උසුළා සිටියද පසුගිය රජය සමයේ ඉහළින් ආ යම් යම් වැරදි නියෝග නිසා නම කිළුටු කරගත් බවත්, මෙවැනි
පරීක්ෂණයක් මගින් එම කීර්ති නාමය යළි රැකගැනීමට අවස්ථාවක් ලැබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ආරක්ෂක අංශවල සේවය කළද වැරදි කර ඇත්නම් එවැන්නන්ට දඬුවම් දී අලුත් තත්ත්වයක් නොවන බවත්, 71
දී ප්‍රේමවතී මනම්පේරී ඝාතනයට කළ අයට නීතිය මගින් කටයුතු කළ බවත්, 94 චන්ද්‍රිකා රජය සමයේදී දූෂණය කර මරාදැමුණු ක්‍රිෂාන්ති කුමාරස්වාමි දැරියගේ ඝාතකයින්ට දඬුවම් ලැබුණු බවත්, බොල්ගොඩ වැවේ පාවුණු දෙමළ තරුණයින්ගේ ඝාතන සම්බන්ධයෙන් එම අපරාධය කළ හමුදා සාමාජිකයින්ට නීතිය අනුව කටයුතු කළ බවත් ඔහු සිහිපත් කළේය.

පසුගිය රජය සමයේ යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසු රණවිරුවන් පාරවල් සේදීමට, අතුගෑමට,එළවළු විකිණීමට, ලොකු ලොකු හෝටල්වල පොකිරිස්සන් තැම්බීමට යොදාගත් නමුත් වත්මන් රජය ඔවුන්ට හිමි නිසි කීර්තිය යළි අත්පත් කර ගැනීමට ඉඩකඩ සලසා දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
IMF නියෝජිත පිරිස  ජනපති හමුවෙයි

IMF නියෝජිත පිරිස ජනපති හමුවෙයි

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

වෙට්ටු දැම්මොත් මට්ටු කරන විදිය වටගල කියයි.. | "විදේශයේ හිටියොත් රතු වරෙන්තු දාලා ගේනවා"

වෙට්ටු දැම්මොත් මට්ටු කරන විදිය වටගල කියයි.. | "විදේශයේ හිටියොත් රතු වරෙන්තු දාලා ගේනවා"

 "නුවර කළු පාලම කවදද ඉවර කරන්නේ ?" "ආ...ලබන අවුරුද්දේ මුල"

"නුවර කළු පාලම කවදද ඉවර කරන්නේ ?" "ආ...ලබන අවුරුද්දේ මුල"

 මට්ටක්කුලිය ලෙයින් තෙත් කළ මෝටර් රථ අනතුර සිදුවූ හැටි.. | පොලිස් විමර්ශන අඛණ්ඩව

මට්ටක්කුලිය ලෙයින් තෙත් කළ මෝටර් රථ අනතුර සිදුවූ හැටි.. | පොලිස් විමර්ශන අඛණ්ඩව

පාදයේ ආබාධයක් නිසා අසරණ වූ සද්ධන්තයා | "දවස් 10ක් විතර මෙතන... වනජීවී එක...තවම ආවේ නෑ"

පාදයේ ආබාධයක් නිසා අසරණ වූ සද්ධන්තයා | "දවස් 10ක් විතර මෙතන... වනජීවී එක...තවම ආවේ නෑ"

මට්ටක්කුලිය රත්කළ මාරක අනතුර - අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු ගංජා ගහලා ඉඳලා..

මට්ටක්කුලිය රත්කළ මාරක අනතුර - අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු ගංජා ගහලා ඉඳලා..

අල්ලස් එකෙන් අත්අඩංගුවට ගත් රේණුක රිමාන්ඩ්...

අල්ලස් එකෙන් අත්අඩංගුවට ගත් රේණුක රිමාන්ඩ්...

ජනපතිගේ කොත්තමල්ලි කතාව : පවුලකට වෛද්‍යවරයෙක් - "කොත්තමල්ලි කතාව කියලා සමහරු විහිළු කරනවා...

ජනපතිගේ කොත්තමල්ලි කතාව : පවුලකට වෛද්‍යවරයෙක් - "කොත්තමල්ලි කතාව කියලා සමහරු විහිළු කරනවා...

දෙමටගොඩ කළු පාලම යට වෙඩිතැබීමක්.. ඉලක්කය ත්‍රීරෝද රථ රියදුරෙක්

දෙමටගොඩ කළු පාලම යට වෙඩිතැබීමක්.. ඉලක්කය ත්‍රීරෝද රථ රියදුරෙක්

 fm දෙරණ දඹදිව වන්දනා 10 වැනි අදියර සාර්ථකව අවසන්...වන්දනාකරුවන් දිවයිනට..

fm දෙරණ දඹදිව වන්දනා 10 වැනි අදියර සාර්ථකව අවසන්...වන්දනාකරුවන් දිවයිනට..

දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයට පැය කිහිපයකට පෙර සැකකරුවන් ලැගුම්හලේ කාලය ගෙවූ හැටි

දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයට පැය කිහිපයකට පෙර සැකකරුවන් ලැගුම්හලේ කාලය ගෙවූ හැටි

 "ඊළඟ පරම්පරාවේ නායකයෝ අපි දැනටමත් හදලා තියෙන්නේ"

"ඊළඟ පරම්පරාවේ නායකයෝ අපි දැනටමත් හදලා තියෙන්නේ"

Lassana Flora
Spotlight
බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්