
හිටපු ජනාධිපති මහින්ද රාපපක්‍ෂ මහතා දේශපාලනික වශයෙන් යළිත් බලවත් වෙමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ ‘‘ද නිව් ඉන්ඩියන් එක්ප‍්‍රස්’’’ වෙබ් අඩවිය සඳහන් කරන්නේ මෛත‍්‍රීපාල සිරිසේන - රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා ප‍්‍රසාදය ක‍්‍රමයෙන් අඩුවෙමින් ඇති බවයි.
වැදගත් කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුව පැහැදිලි ස්ථාවරයක නොසිටීම මීට ප‍්‍රධාන හේතුව වී ඇතැයි ද ශ‍්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ විශේෂ වාර්තාවක් පළ කරමින් එම වෙබ් අඩවිය මේ බව අනාවරණය කරයි.
රුපියල් බිලියන 400ක භාණ්ඩාගර බිල්පත් නිකුත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු යෝජනාව ඉකුත් දා පරාජය වීම ද ආණ්ඩුවේ අසාර්ථක භාවයට උදාහරණයක් බවද එහි දැක්වෙයි.
එසේම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සභාපතීත්වය දරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් මන්ත‍්‍රීවරුන් රාජපක්‍ෂ මහතාගේ ආධාරකරුවන් විසින් සංවිධාන කරන මහජන රැළි සඳහා සහභාගි වීම ද එහිදී කැපී පෙනෙන සිදුවීමක් බව එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වාදෙයි.



















































