
පවතින ඖෂධ හිඟය මෙරට ප්රධාන පෙළේ රෝහල් රැසක ප්රතිකාරවලට මේ වන විට එල්ල කර ඇත්තේ දැඩි බලපෑමක් එල්ලකර තිබේ.
සෞඛ්ය අමාත්යාංශය 2021 වසරේදී නියමිත කාලයට ඖෂධ ඇනවුම් නොකිරීම වත්මන් ඖෂධ හිඟයට ප්රධානතම හේතුව බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටී.
මේ අනුව ඖෂධ ඇණවුම් කිරීමේදී මසක ඇණවුම වෙනුවට තෙමසක ඇණවුම් එකවර සිදුකරන ලෙස සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්ය අමාත්යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
එසේම දිවයින පුරා රෝහල් රැසක ඖෂධ හිඟයක් පවතින අතර ඖෂධ අධික මිල ගණන් යටතේ වෙළෙඳපොළේ අලෙවි වන බවට තොරතුරු වාර්තා වෙයි.
මෙවැනි පසුබිමක ඖෂධ හිඟය සම්බන්ධයෙන් මාධ්යවේදීන්, සෞඛ්ය අමාත්යාංශයේ වෛද්ය සේවා පිළිබඳ නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය ලාල් පනාපිටිය මහතාගේ අද දැඩිව ප්රශ්න කළා.
මාධ්යවේදියා - පිළිකා රෝගීන් සඳහා, ශල්යාගාර සඳහා භාවිත කරන ඖෂධ ප්රමාණවත් පරිදි තියෙනවද විශේෂයෙන්ම කොළඹ ජාතික රෝහල ඇතුළු අනෙකුත් රෝහල්වල?
හිඟවෙන අවස්ථාවලදී ශල්යකර්ම සීමා කිරීමට සිදුවුණා
මාධ්යවේදියා - අද වෙද්දී කරාපිටිය රෝහලේ වකුගඩු ඒකකයේ සැත්කම් නැවතිලා තියෙනවා. මේක සත්යයක්ද?
රෝහල් පද්ධතිය ගැන සොයා බලන්නේ මම, මට ඒ ගැන දැනුවත් කිරීමක් කරලා නැහැ
මාධ්යවේදියා - දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම සෞඛ්ය අමාත්යාංශය කළේ නැද්ද?
දත්ත පද්ධතිය යාවත්කාලීන කරලා තියෙනවා , ඒ ගැන කියන්න මට දැනුවත්භාවයක් නැහැ
මාධ්යවේදියා - රෝහල්වල ඖෂධ නැහැ. ඔබතුමා කියනවා දත්ත පද්ධතිය යාවත්කාලීන කරලා තියෙන්නේ කියලා. එතකොට මොකද්ද මෙතන ඇතිවෙලා තියෙන ගැටලුව?
අද දවසේ ඇත්තටම මට ඒ ගැන....
මාධ්යවේදියා - අද දවසෙ නෙවෙයි. කාලයක් තිස්සේ ආව දෙයක්නේ? මේ ආර්ථික ආර්බුදය ඇතිවෙන්නට පෙර සාමාන්ය තත්ත්වයක් යටතේ ඖෂධ ආනයනය කරන්න වැයවුණු මුදල සෞඛ්ය අමාත්යාංශය සතුව දැන් ප්රමාණවත්ව තියෙනවද? ඒ මුදල්වල ප්රශ්නයක් නෙවෙයිද තියෙන්නේ?
ඒක මගේ යටතේ තියෙන කාරණයක් නෙවෙයි, ඒ ගැන සාර්ථක පිළිතුරක් දෙන්න මට දැනුමක් නැහැ



















































