
හදිසි නීතිය සම්මත කරගැනීම සඳහා අද (27) පාර්ලිමේන්තුවේදී පැවැති ඡන්ද විමසීමේදී විපක්ෂය නියෝජනය කරන ස්වාධීන පක්ෂ 09යේ සාමාජිකයින් පිරිසක් ද හදිසි නීතියට පක්ෂව ඡන්දය භාවිත කර තිබුණි.
ඒ අනුව විමල් වීරවංශ, මහාචාර්ය තිස්ස විතාරණ, ඒ.එල්.එම්. අතාවුල්ලා, මොහොමඩ් මුසම්මිල්, ගෙවිඳු කුමාරතුංග, නිමල් පියතිස්ස, ගාමිණි වලේබොඩ, උද්දික ප්රේමරත්න සහ අසංක නවරත්න, යන පාර්ලිමේන්තු මන්ත්රිවරුන් හදිසි නීතියට පක්ෂව ඡන්දය ප්රකාශ කර තිබුණි.
මේ අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරන හදිසි නීතියට විපක්ෂව ඡන්දය භාවිත කර තිබුණේ ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල් පීරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, උදයන කිරිඳිගොඩ සහ වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්රිවරුන්ය.
මන්ත්රිවරුන් 41 දෙනෙකු අද ඡන්ද භාවිත කිරීම සඳහා පැමිණ සිටියේ නැත.
ඒ අනුව හදිසි නීතියට පක්ෂය ඡන්ද 120ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 63ක් පමණි.
වැඩි ඡන්ද 57කින් හදිසි නීතිය පාර්ලිමේන්තුවේදී සම්මත වුණි.



















































