
පොලිස් ඇදිරි නීතිය අද (09) පෙරවරු 8ට ඉවත් කිරීමෙන් පසු සාමාන්ය පරිදි දුම්රිය සේවය යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ ගමනා ගමන නියෝජ්ය සාමාන්යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා මේ බව නිවේදනය කළේය.
මේ අතර ලංගම සේවකයින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අත්හිටුවීමට වෘත්තිය සමිති තීරණය කර තිබේ .
ඒ අනුව බස් ධාවනය සාමාන්ය පරිදි සිදු කෙරෙන බව ඔවුන් පැවසීය.



















































