
ඉන්ධන නොමැතිව මහමඟ පීඩාවට පත්වී සිටි පුද්ගලයෙකු වෙත ඉන්ධන කියා මුත්රා අලෙවි කළ පුද්ගලයෙක් පිළිබඳ තොරතුරු මීගමුවෙන් වාර්තා විය.
යම් කටයුත්තක් සඳහා යමින් සිටි යතුරුපැදිකරුවෙකු සිය යතුරුපැදියේ ඉන්ධන අවසන්වීමෙන් පසු එය තල්ලු කරගෙන ඉන්ධනහලක් වෙත ගමන් කරමින් සිටියදී මෙම සිද්ධිය මුහුණදී තිබුණි.
මීගමුව තෙල්වත්ත හන්දිය සමූපකාර ඉන්ධනහල ඉදිරිපිට දී එම යතුරුපැදිකරු වෙත තවත් යතුරුපැදියකින් පැමිණෙන පුද්ගලයෙකු ඉන්ධන අවශ්ය දැයි විමසා තමන් සතුව ඉන්ධන ඇති බව පවසා ඔහුට ලබාදී තිබුණි.
රුපියල් 1,000ක මුදලක් ගෙන ඉන්ධන මිලිලීටර් 375ක පමණ ප්රමාණයක් එලෙස ඔහු විසින්ම අදාළ යතුරුපැදිකරුගේ යතුරුපැදියට දමා තිබේ.
පසුව රුපියල් 5,000ක් අදාළ යතුරුපැදිකරු විසින් ඉන්ධන අලෙවි කළ පුද්ගලයාට ලබාදී ඇති අතර ඉතුරු මුදල් ලබා ගැනීමට අසල පිහිටි අලෙවි සැල වෙත පැමිණෙන ලෙස ඔහු වේගයෙන් ඉන් පිටව ගොස් තිබුණි.
ඔහු පසුපස ගිය යතුරුපැදිකරුගේ යතුරුපැදිය හදිසියේම නතරවී ඇති අතර ඒ පිළිබඳව සොයාබැලීමේදී මෙම වංචාව පිළිබඳව අනාවරණය වී ඇත.
අදාළ වංචාව සිදුකළ පුද්ගලයා 'බල්ලා' යනුවෙන් හඳුන්වන එම ප්රදේශයේ ප්රසිද්ධ වංචාකරුවෙකු සහ මත්ද්රව්යවලට ඇබ්බැහිවූ පුද්ගලයෙක් බව ප්රදේශවාසීන් පවසයි.
ඔහු විසින් සුළු පෙට්රල් ප්රමාණයකට එලෙස මුත්රාදමා අලෙවි කර ඇති බව අනාවරණය වී තිබේ.
සිද්ධිය අදාළ ස්ථානයේ සවිකර තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණි.
එම වීඩියෝව ඉහතින් දැක්වෙයි.



















































