
කටුනායක පොලිස් වසමේ 18 කණුව ප්රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
එලෙස ඝාතනය කර ඇත්තේ, කටුනායක, මෝලපාර ප්රදේශයේ තාවකාලික නිවසක පදිංචිව සිටි 41 හැවිරිදි පුද්ගලයෙකි.
ඊයේ (26) සවස් කාලයේදී පුද්ගලික ආරවුලක් දුරදිගයාම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු අතර බහින් බස්වීමක් සිදුව ඇති අතර අනතුරුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇත.
එහිදී පුද්ගලයින් දෙදෙනකු විසින් අදාළ ඝාතනය සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඝාතනයට ලක්වූ පුද්ගලයා යාඉන්න කොටස, කහවත්ත ප්රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් දෙදෙනා පොලිස් භාරයට ගෙන ඇති අතර ඝාතනය සඳහා යොදා ගත් තියුණු ආයුධය ද පොලිස් භාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



















































