
ණය බර ලිහිල් කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහායවීමට චීනය අපේක්ෂාවෙන් පසුවන බව චීන විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක දී චීන විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක ෂාඕ ලිජියන් ප්‍රකාශ කර ඇත්තේ එහිදී සෙසු රටවල් හා ජාත්‍යන්තර සංවිධාන සමග එක්ව ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට චීනය සූදානම් බවය.
චීනය සම්බන්ධයෙන් වන ණය පිළිබඳව ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කර, ඒවා නිසි ලෙස විසඳීමට අදාළ මූල්‍ය ආයතනවලට සහය ලබාදෙන බව ද ඔහු එහිදී සඳහන් කළේය.
චීන විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක ෂාඕ ලිජියන් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග පිළිබඳව ගැඹුරින් වටහාගෙන සිටින චීනය ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථික හා සමාජයීය සංවර්ධනය සඳහා සාධනීය කාර්යභාරයක් ඉටු කිරීමට සූදානම් බවය.



















































